කමලා හැරිස් ගැන ඔබ දැනගත යුතු කරුණු 5 ක්

December 5, 2020
3,485
5 things to know about Kamala Harris
පසුගිය දවස් වල 2020 ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වුණා කියලා ඔබ දන්නවා ඇති. ඒකේ ප්‍රතිඵල වලට අනුව මීළඟ අවුරුදු 5 සඳහා ඇමරිකාවට නායකත්වය දෙන්න ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩ්න් පත් වුණා. ඒ එක්කම සිද්ධ වුණු සුවිශේෂී කාරණයක් තමයි ඔහු තමන්ගේ විශ්වාසවන්ත උප ජනාධිපතිවරයා ලෙස තේරී පත් කරගන්නේ දකුණු ඉන්දියානු සම්භවයක් සහිත ඇමරිකානු දේශපාලඥවරියක් වන කමලා හැරිස්වයි. ලෝකයේම අතිශය ප්‍රසාදයට පත් වුණු ඒ තීරණය අනාගත ජනාධිපතිවරයා විසින් අරගත්තේ ඇය සතු අසීමිත දේශපාලන පරිණතභාවය, බුද්ධිමත්කම හා සුවිශේෂී පෞරුෂය නිසා බව කවුරුත් දන්නවා. එහෙනම් සෙනෙට් සභික කමලා හැරිස්ගේ පෞද්ගලික ජීවිතය, දේශපාලන ඉතිහාසය සහ ඇය එරට ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් පෙනී සිටින ස්ථානය ඇතුළු කාන්තාවක් විදිහට ඔබ ඇය ගැන දැනගත යුතු කරුණු පහක් මෙන්න.

1. හැරිස් වයස අවුරුදු 13 දී සාර්ථක විරෝධතාවක් සංවිධානය කරලා තියනවා
කමලා දේවි හැරිස් 1964 ඔක්තෝබර් 20 වන දින කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හිදීයි උපත ලැබුවේ. ඇයගේ මව ශ්‍යාමලා පසු කාලයේදී සුප්‍රසිද්ධ පියයුරු පිළිකා පර්යේෂිකාවක ලෙස ඉන්දියාවේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ කාන්තාවක්. ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයකු වන ඇගේ පියා ඩොනල්ඩ්, ජැමෙයිකාවේ සිට එක්සත් ජනපදයට පැමිණි අයෙක්. හැරිස්ට වයස අවුරුදු හතේදී ඇගේ දෙමාපියන් දික්කසාද වූ අතර වයස අවුරුදු 12 දී ඇය, මව සහ සහෝදරිය මායා සමඟ මොන්ට්‍රියෙල් බලා ගියා. කමලා සහ ඇගේ සොහොයුරිය වන මායා, ඔවුන්ගේ මහල් නිවාස ගොඩනැගිල්ලේ හිමිකරුට එරෙහිව ගොඩනැගිල්ලේ තණකොළ මත සෙල්ලම් කිරීමට තමන්ට ඉඩ දෙන ලෙස ඉල්ලමින් සාර්ථක විරෝධතාවක් සංවිධානය කළේ එහිදීයි.

ඇය සිය නීති වෘත්තිය ආරම්භ කළේ ලිංගික අපරාධ කෙරෙහි අවධානය යොමු කරමින් කැලිෆෝනියාවේ ඇලමේඩා ප්‍රාන්තයේ නියෝජ්‍ය දිස්ත්‍රික් නීතිඥවරියක ලෙසයි. එතැන ඉඳන් ඇය සැන් ෆ්රැන්සිස්කෝ හි වෘත්තීය අපරාධ ඒකකයේ කළමණාකාර නීතිඥවරිය වූ අතර 2000 දී ඩීඒ කාර්යාලයේ සැන්ෆ්රැන්සිස්කෝ ප්‍රජා සහ අසල්වැසි අංශයේ ප්‍රධානියා බවට පත් වුණා. එහිදී ඇය ප්‍රථම ළමා අධිකරණ කාර්යාංශය පිහිටුවන්නත් සමත් වෙලා තියනවා.

2. ඇය සැන්ෆ්රැන්සිස්කෝ නීතිපති ලෙස සේවය කළා
ක්විබෙක් වල වෙස්ට්මවුන්ට් උසස් පාසලේ ශිෂ්‍යාවක ලෙස ඉගෙන ගනිද්දී කමලා හැරිස් නීතිඥවරියක වීමට සිහින මැව්වා. ඒ අනුව නීති උපාධිය ලබා ගත්තාට පස්සේ ඇය නැවත එක්සත් ජනපදයට පැමිණ වොෂිංටන් ඩී.සී. හි හාවර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුනා. එහිදී ඇය B.A. උපාධිය යටතේ දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව විෂයන් හදාරනවා. ඉන් පසුව ඇය නැවත සිය මව් ප්‍රාන්තය වන කැලිෆෝනියාවට ගිහින් යූ.සී. හේස්ටිංස් නීති විද්‍යාලයට ඇතුළත් වෙලා සියලුම අධ්‍යාපනික සුදුසුකම් සම්පූර්ණ කරගන්නවා.

2003 දී කමලා හැරිස් ඇගේ හිටපු ප්‍රධානියෙක් වූ ටෙරන්ස් හැලිනන් පරාජය කරමින් සැන් ෆ්‍රැන්සිස්කෝ දිස්ත්‍රික් නීතිඥවරිය බවට පත් වෙනවා. ඇයගේ පළමු වසර තුන තුළ සැන්ෆ්රැන්සිස්කෝ හි නීතියේ වරදකරුවන් ගණනය 52% සිට 67% දක්වා ඉහළ ගියා. ඒ අතරම, ඇය පහත් මට්ටමේ වැරදිකරුවන් සඳහා රැකියා පුහුණුව සහ වෙනත් වැඩසටහන් ලබා දීම මගින් පුනරාවර්තනය අඩු කරන "බැක් ඔන් ට්‍රැක්" වැඩසටහන දියත් කළා. විශේෂයෙන්ම ඇමරිකාවේ පොලිස් නිලධාරි අයිසැක් එස්පිනෝසා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ කල්ලියේ සාමාජිකයෙකුට මරණීය දණ්ඩනය නියම කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඇයට 2004 දී විවේචන එල්ල වුණා. ඒත් ඇය වරදකරුවන්ගේ පවා මානුෂික අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ශක්තිමත් කාන්තාවක්.

4. ඇය කැලිෆෝනියාවේ සෙනෙට් සභිකයෙකු බවට පත් වුණා
ඇය 2016 දී ප්‍රතිවාදී ලොරෙටා සැන්චෙස් පරාජය කරමින් එක්සත් ජනපද සෙනෙට් සභාවට ඇතුළු වූ පළමු දකුණු ආසියානු ඇමරිකානුවා බවට පත් වුණා. එහිදී නීතිපති ජෙෆ් සෙෂන්ස් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අපේක්ෂක බ්‍රෙට් කවානෝ වගේ ඉහළ පෙළේ සාක්ෂිකරුවන්ගෙන් ඇය පැහැදිලිව, ඍජු ප්‍රශ්න කිරීම් කරපු නිසා එරට වාමාංශිකයන්ගෙනුත් ඉහළ ප්‍රශංසාවක් ලබන්න සමත් වුණා. සෙනෙට් සභාවේදී කමලා Single-payer healthcare පද්ධතියට සහාය දී ඇති අතර ඉහළ යන නිවාස පිරිවැයට මුහුණ දෙන අයට මූල්‍ය සහන ලබා දීම සඳහා නීති ද සම්පාදනය කර තිබෙනවා.

5. කමලා සහ බයිඩ්න් 2020 දී කණ්ඩායම්ගත වීම
2020 මාර්තු මාසයේදී බයිඩ්න් කමලාව තම ජනාධිපතිවරණ සහායිකාව ලෙස අනුමත කරගන්නවා. ඔහු අගෝස්තු මාසයේදී හැරිස්ව තම ඉතා වැදගත් තේරීම ලෙස ප්‍රකාශයට පත් කරනවා. ඒ සම්බන්ධයෙන් බයිඩ්න් මෙහෙම කියලා තියනවා.

"කමලා නීතිපති ධුරයේ සිටියදී ඇය බියු (ඔහුගේ පුතා) සමඟ සමීපව කටයුතු කළා. ඔවුන් දෙදෙනා මිනිස්සුන්ගේ ප්‍රශ්න වලදී විශාල වශයෙන් එකට වැඩ කරමින්, වැඩ කරන ජනතාව ඔසවා තබද්දී සහ කාන්තාවන්ව සහ ළමයින්ව අපයෝජනයෙන් ආරක්ෂා කළ අයුරු මම බලාගෙන සිටියේ. ඇය මෙම ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී මගේ සහකාරිය ලෙස තෝරා ගැනීම ගැන දැන් මම ආඩම්බර වෙනවා."

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1920 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:03 AM
Script:/article/1920/5-things-to-know-about-kamala-harris.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:04 AM
Script:/article/1920/5-things-to-know-about-kamala-harris.html