යෝගට් කන්න කලින් මේ දේවල් ගැනත් දැනගෙන කන්න

October 11, 2019
4,891
Know these before you eat yoghurt
යෝගට් කියන්නේ ඉතාම හොඳ බැක්ටීරියා ප්‍රභවයක් වන අතර එය අපේ ශරීරයේ ආහාර දිරවීමට උපකාරී වෙනවා. එය ඔබේ දරුවන්ගේ දත් සහ අස්ථි වලටත් හොඳයි. නමුත් බොහෝ ආහාර මෙන්ම යෝගට් පරිභෝජනය කිරීමේදීත් ආහාරයට ගැනීමට
කලින් ඔබ විසින් අනුගමනය කළ යුතු නීති කිහිපයක් තිබෙනවා. සමහරවිට රාත්‍රියේ කිරි ආහාර වර්ග කෑමට ගැනීමෙන් වැළකී සිටීමට හොඳයි කියලා ඔබ බොහෝ වාරයක් අසා ඇති. ඇත්තටම ඒ දේ ගැන දැනගත යුතු වැදගත් නීති කිහිපයක් මෙන්න.

1. රාත්‍රියේදී යෝගට් ආහාරයට එක් කිරීමෙන් වැළකී ඉන්න. විශේෂයෙන් ඔබ කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව තිබෙනවා නම් ආයුර්වේදයට අනුව රාත්‍රියේ කිරි පරිභෝජනය සුදුසුම නෑ. මොකද ඒකෙන් ඔබේ ශරීරය ඇතුලේ සෙම වර්ධනය වෙන්න පුලුවන්. නමුත් ඔබට යෝගට් වෙනුවට බටර් සමඟ රාත්‍රී ආහාරය අරගන්න ඔබට පුලුවන්.

2. ඔබ දිවා කාලයේදී යෝගට් ආහාරයට ගන්නවා නම් සීනි නොමැතිව එය අර ගන්න. නමුත් ඔබ රාත්‍රියේ දී යෝගට් ආහාරයට ගන්න අවශ්‍යම නම් ඒකට සීනි හෝ කළු ගම්මිරිස් ටිකක් එකතු කරන්න. එය ආහාරය දිරවීමට සහ ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය සුවපත් කරන්න උපකාරී වෙනවා.

3. කවදාවත් උණුසුම් වුණ යෝගට් අනුභව කරන්න එපා.

* රාත්‍රියේදී ඔබේ ආහාර වේලට යෝගට් ඇතුළත් කරගන්න පුලුවන් ක්‍රම කිහිපයක් දැන ගන්න:

1. Dahi Rice: තම්බා ගත් බත් සමග යෝගට් ස්වල්පයක් මිශ්‍ර කරන්න. එයට ලුණු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක් එක් කරන්න. හොඳ රසයක් ලබා ගැනීම සඳහා ඔබට කරපිංචා කොළ සහ රතු මිරිස් ස්වල්පයක් එක් කළ හැකියි.

2. Curd sugar: ඔබ පැණිරස ආහාර වලට කැමති නම් ඔබ මෙම මිශ්‍රණයට කැමති වෙයි. යෝගට් වලට සීනි ටිකක් එකතු කර ආහාරයට ගන්න. රාත්‍රී ආහාරයෙන් පසු එය පානය කිරීමෙන් ඔබේ බඩ සුවපත් වන අතර බඩේ සියලුම අම්ල උදාසීන වෙනවා.

3. Buttermilk: බටර්මිල්ක් කියන්නේ රාත්‍රී ආහාරයෙන් පසුව ඔබට ගන්න පුලුවන් තවත් සෞඛ්‍ය සම්පන්න පානයක්. මෙය ඔබේ බඩ සිසිල් කරනවා පමණක් නොවෙයි මහා බඩවැලේ ඇති බැක්ටීරියා ප්‍රතිස්ථාපනය කරමින් තවත් සෞඛ්‍යමය වාසි රැසක් ලබා දෙනවා.

4. Lassi: ලස්සි කියන්නේ ක්‍රීම් සහ සීනි වලින් පිරුණු බටර් වලින් හදපු මිහිරි ආහාරයක්

5. Kadhi: කදි කියන්නේ ග්‍රෑම් පිටි, ලුණු සහ බටර් මිශ්‍රණයකින් සකස් කරන ලද සාම්ප්‍රදායික ආහාර වට්ටෝරුවක්. තවද මෙම මිශ්‍රණය මිරිස් කරපිංචා සහ කලුදුරු බීජ සමග බැද තිබෙනවා . මෙම ව්‍යංජන සාමාන්‍යයෙන් ඉන්දියානුවන් බත් හෝ චපාති සමඟ අනුභව කරනවා.

6. Fruit Salad: පලතුරු, කෙසෙල්, ඇපල්, දෙළුම් ආදිය කොටස් වලට කපා යෝගට් එකකට මිශ්‍ර කර සෞඛ්‍ය සම්පන්න අතුරුපසක් භුක්ති විඳින්න ඔබට පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,888
   61

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
10 symptoms shows you are pregnant
   55,656
   49

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to manage your money
   8,047
   41

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
How to reduce under arm sweating
   26,050
   27

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,093
   25

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න

Latest Articles

Most Viwed