පැහැපත් සම කොරල මාරයා විනාශ කෙරුවද?

March 5, 2017
16,754
How to Heal Dry Skin
අපේ සම ලස්සනට තිබුණොත් අප මොනතරම් නිරෝගිද කියල අපි දන්නවා. නමුත් සමේ කොරල වගේ මතුවෙලා. ඉරි වගේ ඇදීලා ගියොත් සිතට මොනතරම් වේදනාවක්ද? සම ලස්සනට තියාගන්නත් නිරූපිකාවෝ, නිළියෝ මොනතරම් සල්ලි කන්දරාවක් වියදම් කරනවද? බැබලෙන රන්වන් පාට සිරුරක් ලැබෙන්න මොනතරම් පිං කරන්න ඕනෙද?

ඒ වුණාට සමේ කොරල ඇතිවෙලා තියෙනවාවම් ඒකටත් ප්‍රතිකාර කරගෙන සම නිරෝගී කර ගන්නේ නැතිව වෙදනා විදීම නම් සුදුසු නැත.

කොරල ඇතිවෙන්නට හේතුවක් තියෙනවද?

කොරල ඕනෑම වයස් කාණ්ඩයක ඉන්න කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. මෙයට බලපාන හේතු රාශියක් තියෙනවා. මුලික දැක්විය හැක්කේ පෝෂණ ගැටලුයි.

දෙවන කරුණ වන්නේ සමේ තියෙන අධි වියළි බවයි. ආහාර රටාව දේශගුණික තත්ත්තවය සමට බලපාන විටමින් වර්ග ඌණතාවය ඒ, බී, සී සහ ඕමේගා 3 යන පෝෂණ සංගටකයන්ගේ ඌණතාවය වැනි හේතුන් මත සමේ කොරළ මතුවෙන්න පුළුවනි.

කළ යුතුදේ

පෝෂණ ඌණතාවය තිබෙනවා නම් එය නැති කරන්න අවශ්‍ය කටයුතු යෙදීම කළ යුතුයි. විටමින් ඒ, බී, සී සහ ඕමේගා 3 කියන පෝෂණ පදාර්ථයෙන් ලබා ගත යුතුයි. ඕමේගා 3 ලැබෙන සත්ව මෝර තෙල් භාවිතා කිරීම, ඔලිව්ඔයිල්, එළගිතෙල්, එළකිරි, කොළපාට අළුත් පලාවර්ග, අළුත් එළවළු වර්ග සහ අළුත් පලතුරු වර්ග, රතුපාට, කහපාට, තැඹ්ලි පාට එළවළු පලතුරු ආහාරයට ගන්න. ඒවායේ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබෙනවා. ජලය හොදට පානය කරන්න. වැඩුණූ අයෙක් වතුර ලීටර් 6ක් පානය කළ යුතුයි. ශීත ගුණයෙන් යුතු ආහාර අරගන්න ශරීරය සිසිල් කරන්න.

සටහන : අනුරාධා දිලිනි ඉලංකෝන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How pranayama help to improve our health
   160
   120

අපේ යහපත් සෞඛ්‍යයට උරදෙන "ප්‍රානයාම ව්‍යායාමය"

අද හැඩකාරි කියලා දෙන්නේ යෝග ක්‍රමයක් වන ප්‍රානයාම ( Pranayama ) ක්‍රමය අපේ යහපත් සෞඛ්‍යයට කෙතරම් උදවු වෙනවාද කියන එක ගැන..
How magnesium help us to have a better sleep
   255
   44

මැග්නීසියම් (magnesium) අපේ නින්දට උදව් කරන්නේ කොහොමද..

අප අතර සිටින බොහෝ දෙනා නිතර කියන දෙයක් තමයි කොච්චර ට්‍රයි කලත් මට හොඳ නින්දක් ලබා ගන්න බැහැනේ කියලා.. අපි බලමු කොහොමද මැග්නීසියම් අපිට සුව නින්දක් ලබා දෙන්නෙ කියලා..
Sri Lankan Pickle (Sinhala Achcharu)
   27,956
   34

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
Hath Maluwa Sinhala Food Recipe
   13,377
   31

ගුණ ගැන දැනගෙන හත්මාළුව අවුරුදු මේසයට එක් කරමුද?

සිංහල අලුත් අවුරැදු කෑම මේසයට නැතිවම බැරි කෑමක් හත්මාළුව. ඈත අතීතයේ පටන්ම සිංහල අවුරැදු කෑම මේසයේ විශේෂ තැනක් හිමිකරගත් හත්මාළුව
How to reduce belly fat without exercise
   7,060
   31

කිසිදු ව්‍යායාමයකින් තොරව උදරයේ මේද තට්ටුව අඩු කර ගැනීමට හොඳම ක්‍රම

ව්‍යායාම නොකර බඩ අඩු කර ගන්න මෙම සරල කරුණු ටික අනුගමනය කරලා බලන්න

Latest Articles

Most Viwed