ලෙඩ රෝග මෙතරම් ගොඩක් සුව කරන අරුම පුදුම පළතුරක්

October 3, 2018
12,753
A fruit that cure this much of diseases
පළතුරු කන්න කවුද ඉතිං අකමැති. ලොකු කුඩා භේදයක් නැතුව හැමෝම පළතුරු කන්න දක්වන්නේ ඉතාමත් දැඩි කැමත්තක්. දිවුල් ගැන ඔයා හොඳින්ම දන්වනවානේ. ගොඩක් දෙනෙක් මෙච්චර කාලයක් දිවුල් කෑවාට ඒ දිවුල් පළතුරේ ගුණය ගැන නම් දන්නේ තැති තරම්. අද හැඩකාරී මේ කියන කරුණු ටික ඇහුවම ඔයාට පුදුමත් හිතේවී මේ තරම් ගුණයක් දිවුල්වල තියෙනවාද කියලත්. දිවුල් ජූස් වගේම දිවුල් කොළ කැඳත් ඉතාමත් රසවත් වගේම ඉතාමත් ගුණදායකයි. ඒ විතරක් නෙමෙයි මිල අධික නොවන වගේම ලෙහෙසියෙන් හොයා ගන්න පුළුවන් පළතුරක් තමයි දිවුල් කියන්නේ. විටමින්, කැල්සියම්, පොස්පරස්, තන්තු, ප්‍රෝටීන හා යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ නොඅඩුව දිවුල්වල තියෙනවා. මෙවැනි ඉහළ ගුණයක් තියෙන දිවුල් ආහාරයට ගැනීමෙන් රෝග රැසකට විසඳුම් හොයා ගන්න පුළුවන්.

ලේ පිරිසිදු වෙනවා

දිවුල් කියන්නේ ඔයාගේ රුධිරය පිරිසිදු කරන අගනා ඖෂධයක්. දිවුල් මද වලින් පෙරාගත් යුෂ කෝප්ප භාගයකට සීනි සහ හකුරු ස්වල්පයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කර ගන්න. දිනපතා මේ විදිහට සකස් කර ගන්න දිවුල් පානයෙන් ඔයාගේ සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කරන්න උපකාරී වෙනවා. ඒ විතරක් නෙමෙයි සිරුරේ රුධිරගතව තියෙන විෂබීජ ඉවත් කරනවා. ඔයා දිනපතා උදෑසන මේ දිවුල් පානය ආහාරයට ගැනීමෙන් නිරෝගීමත් දිවිපෙවතක් පවත්වාගෙන යන්න පුළුවන්.

අතීසාරයට ඔසුවක්

සාමාන්‍යයෙන් අතීසාරය වැනි ආසාදන තත්ත්වයක් ඇති වුණාම ලොකු කුඩා කවුරුත් මෙවැනි තත්ත්වයකදී අපහසුතාවට පත් වෙනවා. ඒත් අද හැඩකාරී අපි ඔයාට කියලා දෙනවා දිවුල්වලින් පානයක් සකස් කර ගන්න විදිහ. හොඳට ඉදුණු දිවුල් ගෙඩියක මදය වෙන්කරගෙන දිවුල් ඇට වෙන් කරගන්න. මේ විදිහට වෙන් කර ගත්ත දිවුල් මදය හොඳින් බෙරි කර ගන්න. ඉන්පසු මේ දිවුල් මිශ්‍රණයට සීනි ස්වල්පයක් එකතු කර උදෑසන පානය කරන්න. අතීසාරය වැනි රෝග තත්ත්වයක් ඔයාට හෝ ඔයාගේ පවුලේ කෙනෙක්ට තියෙනවා නම් මේ ඔසුව ඉතාමත් ගුණදායක ඔසුවක් වෙනවා.

අර්ශස්වලට ගුණදායකයි

අර්ශස් වගේම ආහාර ජීර්ණය නොවීම වැනි ගැටළු අද ගොඩක් දෙනෙක්ට තියෙනවා. ඔයාගේ අවධිමත් ආහාර රටාව මෙවැනි රෝගී තත්ත්වයක් ඇති වෙන්න අඩු වැඩි වශයෙන් බලපානවා. ඉතිං මෙවැනි රෝගී තත්ත්වයක් මගහරවා ගන්න තන්තු සහිත ආහාර ඉතාමත් වැදගත්. දිවුල්වල තන්තු සහිත බව හොඳින්ම තියෙන නිසා මෙවැනි රෝගී තත්ත්වයකදී ඔයාගේ සිරුරට ඉතාමත් ගුණදායකයි. ඔයත් මෙවැනි රෝගී තත්ත්වයකින් පීඩා විදිනවා නම් අදම දිවුල් වලින් හැඩකාරී අපි මේ කියන පානය සකස් කර ගන්න. හොඳින් ඉදුණු දිවුල් ගෙඩියක මදය ඉවත් කර ගන්න. මේ ඔසුව හදන්න ඔයාට මී පැණි ස්වල්පයකතුත් අවශ්‍ය වෙනවා. බැදපු සූදුරු ස්වල්පයක් සහ එනසල් කුඩු ස්වල්පයක් මිශ්‍ර කරගෙන ආහාරයට ගන්න. මේ ඔසුව අර්ශස් වලට වගේම ආහාර හොඳින් ජීර්ණය කිරීමටත් ඉතාමත් ගුණදායකයි.
වැඩිහිටියන්ට වගේම පොඩි දරුවන්ටත් ඉක්මනින් අසාදනය වන රෝගයක් තමයි අජිර්ණය කියන්නේ. ඉතිං ඔයාගේ දරුවා දැඩි අපහසුතාවකට මෙවැනි තත්ත්වයකදී පත් විය හැකියි. ඔයාට මේ වෙනුවෙන් කරන්න තියෙන්නේ ඉතාමත් පුංචි දෙයක්. ළපටි දිවුල් කොළ ටිකක යුෂ වෙන් කර ගන්න. එයට සීනි ස්වල්පයක් හෝ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කරලා දවසට තෙවරක් බැගින් සතියකට එක් තෙවරක් සතියක් පමණ දෙන්න. එවිට දරුවාගේ අජීර්ණමය තත්ත්වය ඉක්මනින්ම අඩු වෙලා යාවී.

බඩදැවිල්ල නැති කර ගන්න

අද ලොකු කුඩා කවුරුත් පීඩා විදින තත්ත්වයක් තමයි බඩදැවිල්ල කියන්නේ. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න අවධිමත් ආහාර රටාව, ආතතිය වැනි තත්ත්වයන් අඩු වැඩි වශයෙන් බලපාන්න පුළුවන්. ඉතිං මේ රෝගී තත්ත්වය මගහරවා ගන්න දිවුල් කියන්නේ හොඳ ඖෂධයක්. දිවුල් කොළ ටිකක් අරගෙන මඳ පවනේ වියළා ගන්න. පසුව හොඳින් කුඩු කර ගන්න. ඔයා දිනපතා තේ බොනකොට තේ කහට මදි නොකියන්න එකතු කරනවනානේ. දැන් ඔයාට පුළුවන් තේ කුඩු වෙනුවට මේ කුඩු කරගත්ත දිවුල් පත්‍ර එකතු කර ගන්න. මේ පානය ඔයාට හකුරු හෝ සීනි සමග වුණත් පානය කළ හැකියි. ඉතාමත් ගුණදායක ඖෂධයක් වන අතර දිනපතා වුණත් ඔයාට මේ පානය බොන්න පුළුවන්.

වඳ භාවයට ඔසුවක්

අද කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම තියෙන ගැටළුවක් තමයි වඳ භාවය කියන්නේ. මේ හේතුව නිසා ගොඩක් දෙනෙක්ට දරුඵල අහිමි වෙනවා. ඉතිං දැන් එයට ගුණයෙන් ඉහළ ඖෂධයක් තමයි දිවුල් කියන්නේ. හොඳට ඉදුණු දිවුල් ගෙඩියක මදය ඉවත් කරගෙන එයට මී පැණි හා සූදුරු කුඩු ස්වල්පයක් මිශ්‍ර කර ගන්න. ඉන්පසු උකු ද්‍රාවණයක් විදිහට පිළියෙළ කර ගත්තට පස්සේ ඔයාට දිනපතා උදෑසන කාලයේදී මෙය පානය කළ හැකියි. ඔයා මේ විදිහට හදා ගන්න අත් ඛෙහෙත දිනපතා ආහාරයට ගත්තොත් ටික කාලයක් යනකොට වඳ භාවය ආශ්‍රිත බොහෝ ගැටළුවලට සාර්ථක විසඳුම් සොයාගත හැකියි.

මුත්‍රා අසාදනවලට

ඌෂ්ණය සහිත කාලගුණයක් පවතින විට ගොඩක් දෙනෙක්ට මුත්‍රා ආසාදන තත්ත්වයන් පහසුවෙන්ම ඇති වෙනවා. ඔයා වතුර බොන්නේ අඩුවෙන් නම් එවැනි අවස්ථාවකත් ඔයාට මුත්‍රා අසාදන ඇති විය හැකියි. ඉතිං මෙවැනි මුත්‍රා ආසාදන තත්ත්වයක් මගහරවා ගන්න දිවුල් කියන්නේ ඉතාමත් ගුණදායක ඔසුවක්. ගොඩක් වේලාවට මුත්‍රා ආසාදන වලදී ඔයාගේ යටිබඩ කැක්කුම් සහිත විය හැකියි. ඒ වගේම මුත්‍රා පිට කිරීමත් අපහසු විය හැකියි. ඉතිං මේ වේදනාකාරී බව සමථයකට පත් කර ගන්න දිවුල්වලින් අත් බෙහෙතක් සකස් කරගත හැකියි. මුලින් හොඳින් ඉදුණු දිවුල් මද අරගන්න. පසුව එයට හකුරු පැණි මේස තේ හැදි දෙකක්, වතුර වීදුරු 02 ක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, එනසාල්, දෙහි ඉස්ම සහ ලුණු අවශ්‍ය පමණට එකතු කරලා හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන්පසුව සමාන්‍ය ආකාරයට ශීතකරණයේ තියලා පානය කරන්න. මෙය ඔයාට අතුරුපසක් වගේම ඔසුවක් විදිහටත් ආහාරයට ගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1103 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:35:02 AM
Script:/article/1103/a-fruit-that-cure-this-much-of-diseases.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:35:02 AM
Script:/article/1103/a-fruit-that-cure-this-much-of-diseases.html