ඒ ඒ රෝග වලට ගුණදායී කොළ කැඳ වර්ග

April 9, 2020
12,534
Kola Kanda for diseases
අපේ හැඩකාරියෝ මෙතෙක් කල් කිව්වේ කොළ කැඳ බොන්න ආසයි.. ගුණයත් දන්නවා.. ඒත් කෝ වෙලාවක්.. දැන් ඒ කතා ඇති. වෙලාව ඕනෑ තරම්... වත්ත පිටියේ කොළත් ඇති.

කොළ කැඳ ගුණ

• බඩගින්න ඇති වෙනවා
• ආහාර වෙනුවෙන් රුචිය ගොඩ නගනවා
• ආහාරය හොඳින් පැසවි රස, රක්ත, මාංශ, මේද, අස්ථි, අස්ථි මජ්ජා ශුක්ර, යන සප්ත ධාතු වර්ධනය කරනවා
• මස් මංශ අනුභව නොකරන අයට කොල කැඳ පානයෙන් සිරුරට අවශ්‍ය පෝෂණය ලබා ගැනීම පහසු වෙනවා
• කොල කැඳ පිලියෙල කරන්න කොල වගේම අල වර්ගත් යොදා ගන්නවා. නෙලුම්, කොහිල වැනි අල මේ වෙනුවෙන් යොදා ගැනෙනවා

කොළ කැඳ පිළියෙල කරන විට මේ ගැනත් හිතන්න

කොල කැඳ පිලියෙල කිරීමේදී කුරුට්ට සහිත රතු කැකුලු, හීනටි වගේ හාල් යොදා ගන්න. මුලින්ම හාල් ලිප තබා එය තැම්බුනාට පසුව බත හොඳින් පොඩි කරන්න. කොල යුෂ සහ පොල් කිරි පොඩි කර ගත් බතට එක් කර ගෙන පැසෙන විට ලිපෙන් බා ගන්න. අනවශ්‍ය විදිහට පැසුනොත් පෝෂන කොටස් විනාශ විය හැකියි. කොල කැඳ රසය වෙනුවෙන් ඉඟුරු, කරපිංචා, සුදුළුණු වගේම ගම්මිරිස් ඇට දෙක තුනක් එක් කරන්න. ඔබේ අවශ්‍යතාවයන්ට අනුව ගුණ ලැබෙන කොල තෝරා ගත හැකියි.

ගොටුකොල :

ගැබිණි සහ කිරි දෙන මව්වරුන්ට ගුණදායකයි. පීනස් රෝගයට, ඇස් ආශ්‍රිත ආබාධ, මලබද්ධය සහ කට, තොල් වන වීමට ගොටුකොල කැඳ ගුණ ලබා දෙනවා.

පොල්පලා :

මූත්‍රා රෝගාබාධයන්ට ඉතා ගුණදායක වේ. මූත්‍රා උත්තේජනය කරන හැකියාව ඇත. මූත්‍රා දැවිල්ල, මූත්‍රාබද්ධය, මූත්‍රා ගල් වැනි තත්වයන්ට ඉතා ගුණ ලබා දෙනවා.

ඉරමුසු :

සියළු ලේ විෂ වීමේ තත්වයන්ට ගුණ ලබා දේ. පිත් සමනය කරන අතර කුසගින්න වඩවයි. ඔසප් දින වේදනාවන්ට ගුණ ලබා දෙන කැඳ විශේෂයකි.

වැල්පෙනල :

පුරුෂධාතු වර්ධනය කරන බවට සමාජගත පිලිගැනීම පෙනෙල මුල් කරගෙන කාලාන්තරයක් පවතී. පෙනෙල යොදා ගෙන පිලියෙල කරන කැඳ ඒ ගුණය එසේම පවතී. හෘද වේදනාවට ගුණ ලබා දෙනු ඇත. ප්‍රතිශක්තිය වර්ධනය කරනු ලැබේ.

හාතාවාරිය :

සිරුර සිසිල් කරයි. රක්ත දෝෂ දුරලයි. මලබද්ධය දුරු කරයි. සිරුරේ දැවිලි ගතිය සමනය කරන ගුනයෙන් යුක්තය.
හාතාවාරිය අල යොදා ගෙන පිලියෙල කරන ලද කැඳ මගින් දරුගැබ ශක්තිමත් කරන අතර මව්කිරි වර්ධනය කරයි. සිරුර උනු කරවා යෑම වැනි රෝග තත්වයන්ට සහනය ලබා දෙන අතර ස්නායු රෝගවලට ගුණදායක වේ. තෙහෙට්ටුව දුරු කරයි.

මුකුනුවැන්න :

හිස ආශ්‍රිත රෝගාබාධයන්ට ගුණ ලබා දෙන අතර ඇස් රෝගවලටද සහනය සැලසේ. විෂ දුරු කරන අතර මලබද්ධට සහනය සලසයි.

එළබටු :

සෙම් රෝගවලට ගුණදායක අතර ආහාර රුචිය වඩවයි.

රණවරා :

දියවැඩියාවල මූත්‍රා දැවිල්ලට ගුණදායක වේ.

කරපිංචා :

සිරුරේ විෂ දුරු කරන නිසා සර්ප දෂ්ටන රෝගීන්ට කරපිංචා කැඳ ලබා දීම වෛද්‍ය ප්‍රතිකාරයක් ලෙසින්ද සිදු වේ.

මොනරකුඩුම්බිය :

මාන්දම් රෝගිනට ගුණදායක වේ. අක්මා රෝග, සෙංගමාල රෝගීන්ට ගුණදායක වේ.

කොහිල අල :

අර්ශස් සහ මලබද්ධ තත්වයට සහනය සලසන කැඳ විශේෂයකි.

නෙළුම් අල :

නෙළුම් අල සහ දඬු යන දෙවර්ගයම කැඳ පිලියල කිරීමට යොදා ගැනේ. පිත සහ සෙමට ගුණ දෙන අතර සිරුර වර්ණවත් කරයි. දරු ගැබට ශක්තිය සපයන අතර චර්ම රෝගයන්ටත් ගුණදායක වේ.

ආයුර්වේද පොත් පත් ඇසුරිනි.

එන්.ඒ.පි.සි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1543 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:06:59 AM
Script:/article/1543/kola-kanda-for-diseases.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:07:00 AM
Script:/article/1543/kola-kanda-for-diseases.html