බඩ පිපීම නිසා ඔබත් නිතර නිතර පීඩාවට පත්වනවාද? එසේනම් මෙන්න පහසුවෙන් සුවය ලබාගත හැකි ක්‍රම

March 16, 2022
8,166
The fastest way to relieve bloating
බොහෝ දෙනා ආහාර ගැනිමෙන් පසු බඩ පුරවා දැමීම නිසා පීඩා විඳිනවා. එය Distension, Puffiness, Bloating ආදි විවිධ නම් වලින් හඳුන්වනු ලබනවා.. බඩ පිපුමට හේතුව ලෙස වෛද්‍යවරුන් සඳහන් කරන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී බඩවැල් තුල සිටින බැක්ටීරියා විසින් කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කිරීමත් එය ජීර්ණය කළ නොහැකි වායුවක් බැවින් උදරය තුලදි පුරවා දැමීමේ ස්වභාව‍යක් දනවන බවයි. මෙම ක්‍රියාවලිය පාන් සෑදීමේ ක්‍රියාවලියට සමාන වබ බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.. පාන් සෑදීමේදි පිපුම් කාරකයක් ලෙස එක් කරන ඊස්ට් මගින් කාබොහයිඩ්‍රෙට් මුදවා හැරීමත් මගින් පිටි පිපීම සිදුවනවා.

සාමාන්‍ය‍යයෙන් ඔබ ආහාර ගැනීමෙන් පසු ඒවා ජීර්ණ ක්‍රියාවලීයේ අවසාන අවස්ථාව තුළදි බඩ පිපුම් තත්ත්වයන් ඇති වනවා. එයට ප්‍රථිකාර ලෙස ලබාගන්නා ඖෂධ මගින් සුවයක් ලැබීමටද වේලාවක් ගතවන බැවින් ඔබ ප්‍රතිකාර පිළිබඳව සිතා බැලිමට පෙර මේ තත්ත්වය අවම කරගන්න ක්‍රියා කරන්න ඕනේ. එමනිසා පහත ක්‍රමයන් මගින් ඔබට බඩ පිපුම් තත්ත්ව ඇතිවීම වළක්වා ගැනීමටත් බඩ පිපුම් තත්ත්වයන්ගෙන් සුවයක් ලබාගැනීමත් හැකියාව ලැබෙනවා.


බඩ පිපුම සඳහා පහසුවෙන් සුවය ලබාගත හැකි ක්‍රම

1. අමු එළවලු ආහාරයට ගැනීමට වඩා පිස, තම්බා, රෝස්ට් කර ආහාරයට එක්කර ගන්න.

2. බෝංචි විවිධ ආහාර වට්ටෝරුවලට එක්කිරීමට පෙර හොඳින් පිසින්න.

3. ආහාර ගන්නා විට කලබලයෙන් නැතුව හොඳින් වේලාව ගෙන සපමින් ඒවා රසවිඳින්න.

4. ආහාර ජීර්ණ මාර්ගයට අතිරික්ත වාතය ඇතුළුවීම වැලැක්වීමට ආහාර ගන්නා අවස්ථාවෙ කතා කිරීමෙන් වැළකී සිටින්න.

5. ඔබ තුල බඩ පිපුම් ස්වභාවයක් ඇතිකරන ආහාර වර්ග හඳුණා ගැනිමට ඒවා ලැයිස්තු ගතකර තබා ගන්න.

6. දිරවීම පහසු කරන ඉහළ කෙඳි ප්‍රමාණයක් සහිත ආහාර කුඩා ප්‍රමාණ වශයෙන් දිනයේ සෑම ආහාර වේලක් සඳහාම එක්කර ගැනීමට උත්සාහ කරන්න.

7. දිනපතා උදෑසන උණු වතුර කෝප්පයක් හෝ තේ පානය කර ඉන් පසු දවස පුරා ප්‍රමාණවත් පරීදි ජලය පානය කරන්න.

8. දිනපතා නියමිත වේලාවකදී ආහාර ලබාගැනීමට හුරුවන්න.

9. ආහාර වල අඩංගු සීනි ජීර්ණය සම්බන්ධ ගැටළු ඇති පුද්ගලයන් විශේෂයෙන් කිරි ආහාර වලට බඩ පිපෙන අයට (lactose intolerance) කිරි ආහාර සීමා කිරීම, ලැක්ටේස් එන්සයිම් (lactase enzyme) පෙති, පව්ඩර්, දියර ආහාර වේලට එකතු කරගන්න පුලුවන්..

10. බඩ පිපුම සඳහා ඉක්මන් සහනය ගෙන දෙන ඖෂධ වර්ගයක් වෛද්‍ය උපදෙස් මත ළඟ තබාගෙන අවශ්‍ය අවස්ථාවලදී ලබාගැනීම.

ඉහත සදහන් ක්‍රම මගින් ඔබට පහසුවෙන් බඩ පිපුම තත්ත්වයෙන් ඉක්මන් සහනය ලබාගත හැකි අතර ඔබගේ දෛනික ජීවිතයට බාධාවක් වෙමින් ඔබ නිරන්තරයෙන් බඩ පිපුම තත්ත්වය අත්විදිනවා නම් වෛද්‍ය උපදෙස් කරා යොමුවීම සුදුසුවනවා.. ඉක්මන් කෘත්‍රිම ක්‍රම වලට යනවාට වඩා ඔබට බඩ පිපුම වළක්වා ගැනීමේ ඉහත ක්‍රමයන් අත්හදා බැලිය හැකියි.. නැතිනම් වෛද්‍ය උපදෙස් ලබාගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 2143 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 5:42:32 PM
Script:/article/2143/the-fastest-way-to-relieve-bloating.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 5:42:33 PM
Script:/article/2143/the-fastest-way-to-relieve-bloating.html