මේ ලිපිය කියවන කෙනෙක් නැවත කවදාවත් වට්ටක්කා ඇට ඉවත දමන්නේ නැහැ

May 19, 2017
10,895
5 Amazing Health Benefits of Pumpkin Seeds
වට්ටක්කා කියන්නේ අපේ සිරුරට ඉක්මනින් ශක්තිය ලබාදෙන ආහාරයක්. නමුත් අපේ ගෙවල් වල ආහාර පිසින විට අපි ප්‍රයෝජනයට ගන්නේ වට්ටක්කා කැබලි පමණයි. එහි ඇට ටික අපි ඉවත දමනවා. නමුත් ඔබ දන්නවද වට්ටක්කා ඇට වලින් ඔබේ සිරුරට ලැබෙන ප්‍රයෝජන.

අද අපි ඔබට කියලා දෙන්න යන්නේ වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන ගැන. මේ නිසා ඔබ ඊලග දවසේ වට්ටක්කා උයන විට ඇට ටික වෙනම අයින් කරගෙන හොදින් සෝදා වියලාගෙන අරන් තියාගන්න. මෙය ඔබට දිනපතා ආහාරයට ගන්න පුළුවන්. හරියට රටකජු කනවා වගේ. මොකද වට්ටක්කා ඇට වලින් එන්නේ ආහාරයට ගන්න හිතෙන ආකාරයේ කිරි රසක්.

1. ඔබට හොද නින්දක් ලබාදෙනවා

ඔබත් නිදා ගැනීමේ අපහසුතාවයකින් පෙළෙනවා නම් රාත්‍රියට නින්දට යාමට පෙර වට්ටක්කා ඇට කිහිපයක් ආහාරයට ගන්න. වට්ටක්කා ඇට වල අඩංගු වෙන ඇමයිනෝ අම්ලය, tryptophan ඔබට උදවු වෙනවා සුව නින්දක් ලබාගන්න.

2. ආතරයිටිස් වැනි තත්වයන් නිසා ඇතිවෙන වේදනාවන් වලට සහනය ලබාදෙනවා

මෙවැනි රෝග වලට අපි ලබාගන්න යම් යම් ඖෂධ වර්ග වලින් අතුරු අබාධ ඇතිවීමට ඇති ඉඩ කඩ ඉතා වැඩියි. නමුත් වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් ඔබට කිසිම අතුරු අබාධයක් නොමැතිවම මෙවැනි රෝග සදහා සහනයක් ලබාගත හැකියි.

3. ඔබේ රුධිරයේ අඩංගු සීනි මට්ටම සමාන අගයක පවත්වාගෙන යා හැකියි.

වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් ඔබට පුළුවන් ඔබේ සිරුරේ පැවතිය යුතු සීනි මට්ටම හැමදාමත් සමාන මට්ටමක පවත්වාගෙන යන්න. ඒ වගේම එය ඔබට බර අඩුකර ගැනීමටත් හැම දවසකම නිරෝගීව ඉන්නත් අවස්ථාව ලබාදෙනවා.

4. ඔබේ හදවතේ නිරෝගී බව ආරක්ෂා කරනවා

වට්ටක්කා ඇට වල අඩංගු වෙන මැග්නීසියම් වලින් ඔබේ නිරෝගී බවට විශාල පිටුවහලක් ලැබෙනවා. අධික රුධිර පීඩනය පාලනය කරමින් හදවත් අකර්මන්‍ය වීම් වගේම ආඝාතය වැනි තත්වයන්ගෙනුත් ඔබව ආරක්ෂා කරනවා.

5. ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා

වට්ටක්කා ඇට වල අඩංගු වෙන phytosterol සංයෝගය මගින් ඔබේ රුධිරයේ අඩංගු වෙන අහිතකර කොලෙස්ටරෝල් අඩු කරනු ලබනවා. සුර්යකාන්ත ඇට වලට පසුව වැඩිම phytosterol සංයෝගයක් අඩංගු වෙන්නේ වට්ටක්කා ඇට වලයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 282 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:30:34 AM
Script:/article/282/5-amazing-health-benefits-of-pumpkin-seeds.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:30:34 AM
Script:/article/282/5-amazing-health-benefits-of-pumpkin-seeds.html