සාර්ථකත්වය සඳහා ලොකු අඩිතාලම් අවශ්‍ය නොවන බව ඔප්පු කළ කාන්තාවන් 6 දෙනෙක්

September 14, 2020
2,939
6 women who became rags to richest
අවස්ථාවන් කියන්නේ සෑම කෙනෙකුගේම දොරට තට්ටු කරමින් ගෙදරට දෙයක් නෙමෙයි. වැදගත් වෙන්නේ ඔබ ඒවා නිසි ලෙස විවෘත කර පිළිගැනීම සහ ඔබේ ජීවිත කාලය පුරාම තබා ගැනීමට ඒ වෙනුවෙන් ඔබේ උපරිමය කිරීමයි. විශේෂයෙන්ම අතේ සතයක් හැර වෙන කිසි දෙයක් නොමැතිව වුණත්, අද වෙද්දී මිලියන ගණනක වත්කම් දැරීම දක්වා සාර්ථකත්වයට පත් වුණු පෞරුෂයන් කීපයක් ලෝකයේ බිහි වෙලා ඉන්නවා. දැන් ඔවුන් ලොව පුරා සිටින 'සාර්ථක පුද්ගලයින්ගේ' ලැයිස්තුවේ වඩාත්ම බලගතු කණ්ඩායමක් බවටත් පත් වෙලා හමාරයි.

ගැහැණියකට අධිෂ්ඨානය, ධෛර්යය සහ සාර්ථක වීමට ඇති ආශාව තියනවා නම් ඕනෑම දෙයක් කරන්න පුලුවන් බව මෙම විශිෂ්ට කාන්තාවන් ලොවට පෙන්වලා ඉවරයි! පුංචිම තැනක ඉඳන් සිට ඉහළ ස්ථාවරත්වයක් දක්වා ජීවිතය ගොඩ නඟා ගත්ත අපේ යුගයේ ඉහළම තලයේ ඉන්න කාන්තාවන් 6 දෙනෙක් දෙස අද අපි බලමු...

මිචෙල් මොන් - සමාරම්භක සහ ප්‍රධාන විධායක නිලධාරිනී MJM Ltd



නිසි අධ්‍යාපන සුදුසුකම් සහ මූල්‍යමය වශයෙන් යහපත් පසුබිමක් නොමැතිව වුණත් සාර්ථකත්වය ලබා ඇති කාන්තාවන් අතර මිචෙල් මොන් වඩාත් කැපී පෙනෙනවා. ඇගේ පියාට ආඝාතය රෝගය වැලඳුනාට පස්සේ ඇය කඩදාසි බෙදාහරින්නියක් ලෙස වැඩ කිරීමට පටන් ගත්තා. එතැන් පටන් ඇය පලතුරු සාප්පුවක වැඩ කිරීමටත් පටන් ගෙන තිබෙනවා. කෙසේ වෙතත්, මෙය ඇගේ පියාගේ අසනීපය වෙනුවෙන් වැය වන වියදම් සහ වෙනත් ණය පියවීම් සඳහා ගෙවීමට ප්‍රමාණවත් වෙලා නෑ. ඇය වයස අවුරුදු 17 දී Labatts සමාගම සමඟ සම්බන්ධ වුණා. වසර කිහිපයකට පස්සේ ඇය එම සමාගමේ විකුණුම් අංශයේ ප්‍රධානියා බවට ද පත් වුණා. ඒ එක්ක මිචෙල් දිගටම සාර්ථකත්වයේ ඉණිමඟට නැග්ගා. ඇය දැනට MJM Ltd හි ප්‍රධාන විධායක සහ සම නිර්මාතෘවරියයි.

ඉන්දිරා නූයි - ප්‍රධාන විධායක නිලධාරිනී PepsiCo



නූයි කියන්නේ ඉතා දුප්පත් පසුබිමකින් පැමිණි සාර්ථක කාන්තාවන් කිහිප දෙනාගෙන් කෙනෙක්. කෙසේ වෙතත්, ඇගේ කතාව සිත් ඇදගන්නාසුළුයි හා බලගතුයි. ඇය එක්සත් ජනපදයේ කළමණාකරන අධ්‍යයනය හදාරද්දී විශ්ව විද්‍යාලයට මුදල් ගෙවීම සඳහා රැකියාව විදිහට රාත්‍රී මුර සේවාවක යෙදිලා තියනවා. උපාධිය ලැබීමෙන් පස්සේ නූයි Johnson and Johnson සමාගම සමඟ වැඩ කරන්න එක් වුණා. ඊළඟට Motorola සහ Boston Consulting Group වගේ විවිධ සමාගම් සමඟ කාලයෙන් කාලයට වැඩ කිරීමෙන් පස්සේ ඇය අවසානයේ PepsiCo හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කෙරුණා.


ජේ. කේ. රෝලිං - කතුවරිය



ඇගේ මව මියගිය විගසම රෝලිං රැකියාවක් සොයා පෘතුගාලයට ගිහින් තියනවා. කෙසේ වෙතත්, එම අදහස සාර්ථක වෙලා නම් නෑ. අඩුම ගානේ ඇගේ පවුල නඩත්තු කිරීමට තරම් වත් මුදලක් ඇය සතුව ඒ කාලේ තිබිලා නෑ. ඒ වගේම ඇය දෛනික වැඩ වලට වඩා දවල් සිහින දැකීමට වැඩි කාලයක් නාස්ති කරලා තියනවා. මේ නිසාම ඇය දිගු කලක් රැකියා විරහිත කාන්තාවක් විදිහට හිටියා. කෙසේ වෙතත්, බොහෝ ප්‍රකාශකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුව ද ඇය අතිශයින්ම උනන්දුවක් දක්වපු දේ තමයි පොත් ලිවීම. ඉතින් ඇය ඒක නතර කළේ නෑ. උත්සාහයන් ගණනාවකට පස්සේ අවසානයේදී ඇය ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ පොත් මාලාවක් වුණු 'Harry Potter'. හි කතුවරිය බවට පත් වුණා.

හිලරි ඩෙවි - ආරම්භක සහ ප්‍රධාන විධායක නිලධාරිණී Pall-EX



හිලරිගේ පියාට බැංකු ණය පියවීමට නොහැකි තැනකට පැමිණ ඇති බව දැන ගැනීමත් සමඟ හිලරි ඩෙවිගේ පවුලට සියල්ල අහිමි වුණා. කෙසේ වෙතත්, ඊට පස්සේ ඩෙවිට මුදල් ඉපැයීමට අවශ්‍ය වුණා. මේ සඳහා ඇය සිය සමාජ ජීවිතය හා පාසල් අධ්‍යාපනය පවා අතහැර දමා විකිණීම් (sales) ව්‍යාපාරයක නිරත වෙන්න පටන් ගත්තා. දිගින් දිගටම රැකියා කිරීමේ අදහස හිලරි තුළ එතරම් සතුටක් ඇති කලේ නෑ. ඒ අතරතුර ඇය ඉක්මනින් විවාහ වුනා. කෙසේ වෙතත් එම විවාහයන් වැඩි කල් පැවතුනේ නැ. ඇගේ අසාර්ථක විවාහ දෙකෙන් පස්සේ ඇය තමාගේම සමාගමක් ආරම්භ කිරීමට තීරණය කළ අතර, දැන් ඇය Pall-EX නම් වන භාණ්ඩ ප්‍රවාහන සමාගමේ හිමිකාරිණිය වෙන්වා.

උර්සුලා බර්න්ස් - සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරිණී Xerox



බර්න්ස් හැදී වැඩුණේ ඇගේ මව සමඟ මෑන්හැටන් නගරයේ. දරුවන් පාසලට යැවීම සඳහා ඇගේ මව දිනපතා වැඩ මුර දෙකක වැඩ කරලා තියනවා. මවගේ දුක්ඛිත තත්වය වටහා ගත්ත බර්න්ස් දැඩි උවමනාවකින් අධ්‍යාපනය ලබලා නිව් යෝක් විශ්ව විද්‍යාලය වෙත ඇතුළත් වුණා. උපාධිය ලැබීමෙන් පස්සේ ඇය පුහුණුවන්නියක් ලෙස Xerox සමාගම හා සම්බන්ධ වුණා. කෙසේවෙතත් ඇගේ පවුලේ අයගේ අතීත තත්වය වෙනස් කිරීමට ඇය දැරූ වෙහෙස, උනන්දුව සහ අධිෂ්ඨානය මල්පල ගැන්වුණා. ඇය දැන් Xerox හි ප්‍රධාන විධායක නිලධාරිණිය ලෙස සේවය කරනවා.

ඔප්රා වින්ෆ්රි - කීර්තිමත් නිවේදිකා (The Oprah Winfrey Show) 



වින්ෆ්රිගේ දෙමව්පියන් දික්කසාද වීමෙන් පස්සේ ඇගේ ආච්චිලා සීයලා සමඟ ජීවත් වීමට පටන් ගත්තා. කාලයක් ඇය ඇඳුම් විදිහට ඇන්ඳේ අර්තාපල් දාපු ගෝනි. ආහාර සඳහා ගත්තේ ඉතිරි වුණු ආහාරයි. කෙසේ වෙතත්, වින්ෆ්රිට ඇගේ අනාගත ජීවිතය ද මේ ආකාරයෙන් ගත කිරීමට අවශ්‍ය වුණේ නෑ. ඇය මහන්සි වෙලා ඉගෙන ගත්තා. පූර්ණ ශිෂ්‍යත්වයක් ලබන්න සුදුසුකම් සැපිරුවා. වයස අවුරුදු 19 දී ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස සේවය කරන්න පටන් ගත්තා. ඇගේ ඉදිරිපත් කිරීමේ විලාසයේ තිබ්බ සුවිශේෂී කුසලතාව ලෝකය විසින් ඉක්මනින්ම අගය කරන්න පටන් ගත්තා. අවසානයේදී ඇය ඉදිරිපත් කළ රූපවාහිනී වැඩසටහන වුණු AM Chicago ඉහළ සාර්ථකත්වයක් ලැබුවා. දැන් එය The Oprah Winfrey Show ලෙසයි හඳුන්වන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

The fastest way to relieve bloating
   6,857
   55

බඩ පිපීම නිසා ඔබත් නිතර නිතර පීඩාවට පත්වනවාද? එසේනම් මෙන්න පහසුවෙන් සුවය ලබාගත හැකි ක්‍රම

ඉක්මන් ක්‍රම නැතිව බඩ පිපුම පාලනය කරන්න මේ ක්‍රම ටික කරලා බලන්න..
10 symptoms shows you are pregnant
   54,168
   34

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Food to regulate your menstrual circle
   47,061
   18

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Are you aware of dry cracked feet?
   18,102
   15

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි
These signs may be saying that you have cholesterol
   41,168
   15

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය

Latest Articles

Most Viwed