නිකැළැල් සමක් සඳහා ස්වභාවික සත්කාර කිහිපයක්

October 9, 2020
17,814
Remedies for a spot free face
නව යොවුන් වියේ දරුවන්ගෙන් 90%ක්ම පාහේ කුරුලෑ ප්‍රශ්නයට මුහුණ දෙනවා. ඔයාගේ සුන්න්දරත්වයට බාධාවක් වෙන විදිහට කුරුලෑ කැළැල් ඇති වෙන්න පුළුවන්. ඉතිං කුරුලෑ කැළැල් බොහෝ යෞවනයන් තුළ මානසික පීඩාවන් ඇති කරනවා. නමුත් කැළැල් ඇතිවීම සාමාන්‍ය දෙයක් බව මතක තබා ගැනීම වැදගත්.

අද හැඩකාරී අපි කුරුලෑ කැළැල් සහ ඇක්නි ලප මකා ගැනීමට උපකාරී වන සමහර නිවෙස් පිළියම් ගැනයි කියන්න යන්නේ. නමුත් මෙම පිළියම් සියලුම සම වර්ගයක් සඳහාම ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා මේ විකල්ප අත්හදා බැලීමට පෙර චර්ම විශේෂඥයෙකුගෙන් විමසා බලන්න.

ඇක්නි සහ කුරුලෑ ලප අතර වෙනස
ඇක්නි කැළැල් සාමාන්‍යයෙන් සම මත ආවාට වගේ වලවල් සාදන අතර බොහෝ වෙලාවට සම්පූර්ණයෙන් සුව වෙන්නේ නෑ. කුරුලෑ ලප කියන්නේ කුඩා, පැතලි හා අඳුරු ලප වන අතර මේවා සති කිහිපයකින් ඒවා මැකී යනවා. කුරුලෑවක් කැඩීමෙන් කුරුලෑ කැළැල් ඇති වෙන්න ඇති අවස්ථාව වැඩියි. කොහොම වුණත්, ඒවා ඔයාගේ සමට දිගුකාලීන හානියක් ඇති කරන්නේ නැහැ. ඒත් ඇක්නි කැළැල් සුව වීමට සැලකිය යුතු කාලයක් ගත වන අතර එය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසා කුරුළෑ වගේ නොවෙයි, ඇක්නි සුව කිරීමට වෛද්‍ය උපදෙස් ගැනීම කළ යුතුයි.

කුරුලෑ කැළැල් සහ ඇක්නි ලප අඩු කරගන්න සත්කාර කිහිපයක් මෙන්න:

1. දොඩම් ලෙලි කුඩු 
දොඩම් ලෙලි වල ඇති සාරය, මෙලනින් වර්ණක නිෂ්පාදනය අඩු කරන බව ජපානයේ කල පරීක්ෂණකින් සොයාගෙන තියෙනවා. ඉතින් ඇක්නි ලප කැලැල් අඩු කරන්න දොඩම් ලෙලි හොඳ පිළියමක් ලෙස ඔවුන් හඳුන්වනවා.

ඔයාට අවශ්‍ය වන්නේ;
මී පැණි තේ හැඳි 1
දොඩම් ලෙලි කුඩු තේ හැඳි 1

දොඩම් ගෙඩියේ ඉවතලන දොඩම් ලෙලි ටික  හීනියට කපා දවස් දෙකක් තුනක් පමණ අව්වේ වේළාගන්න. අව්වේ වේලා ගත් දොඩම් ලෙලි හොඳින් කුඩු වෙන තෙක් ග්‍රයින්ඩ් කර ගන්න.
මී පැණි සහ දොඩම් කුඩු දෙකම මිශ්‍ර කර ඝන පේස්ට් එකක් සාදා ගන්න. කුරුලෑ කැළැල් හා ඇක්නි කැළැල් ඇති තැන් වලට පේස්ට් එක ආලේප කරන්න. මිශ්‍රණය වියළී ගිය පසු සෝදා හරින්න.
මෙය සතියකට 3-4 වතාවක් කරන්න.

2. පොල්තෙල්
පොල්තෙල් වල කුරුලෑ අඩු කිරීමට උපකාරී වන ප්‍රතිබැක්ටීරීය ගුණ ඇති බව පර්යේෂණයකින් සොයා ගෙන තියෙනවා.

ඔයාට අවශ්‍ය වන්නේ;
පිරිසිදු පොල්තෙල් තේ හැඳි 1ක් 

පිරිසිදු පොල්තෙල් ඔයාගේ අත්ල මත අතුල්ලමින් උණුසුම් කරන්න. කුරුලෑ කැළැල් ඇති තැන් වල අලේප කර පසුදා උදෑසන වන තුරු තබන්න. නින්දට යාමට පෙර සෑම රාත්‍රියකම මෙය කරන්න.
**පොල්තෙල් සිදුරු අවහිර කිරීමෙන් කුරුලෑ නරක අතට හැරෙන බැවින් තෙල් සහිත සමක් ඇත්නම් මෙම පිළියම උත්සාහ කරන්න එපා.

3. කෝමාරිකා ජෙල්
කෝමාරිකා මගින් කුරුලෑ කැළැල් සහ කුරුලෑ ලප අඩු කරන බව සොයාගෙන තියෙනවා.

ඔයාට අවශ්‍ය වන්නේ;
කෝමාරිකා ජෙල් තේ හැඳි 1

කෝමාරිකා කොළ වලින් ජෙල් මේස හැන්දක් සූරලා ගන්න. ලප සහ කැළැල් වල අලේප කර එක රැයක් පමණ එය තබන්න. නින්දට යාමට පෙර සෑම රාත්‍රියකම ඔයාට මෙම සත්කාරය කළ හැකියි.

4. ලෙමන් යුෂ
ලෙමන් යුෂ වල විටමින් C කැලැල් ඇති වීම අඩු කරයි. කාලයත් සමඟ කුරුලෑ කැළැල් සහ ඇක්නි ලප මැකී යන බව ඔබට පෙනෙයි.

ඔයාට අවශ්‍ය වන්නේ;
ලෙමන්
කපු පුළුන්

ලෙමන් භාගයක යුෂ මිරිකා ගෙන කපු පුළුන් වල පොගවා ගන්න. ලප ඇති ප්‍රදේශවල අලේප කරන්න.
මිනිත්තු 10ක් තබා පිරිසිදු වතුරෙන් සෝදා ඉවත් කරන්න.
මෙය සතියකට 3-4 වතාවක් කරන්න පුලුවන්.

** ඔයාට සංවේදී සමක් ඇත්නම්, මෙම පිළියමෙන් සම රතු පැහැයට හා දැවිල්ලකට හේතු විය හැකි බැවින් එය උත්සාහ කරන්න කලින් පොඩ්ඩක් ආලේප කර ටෙස්ට් කර බලා කැළැල් මත ආලේප කරන්න. ලෙමන් යුෂ ආලෙප කිරීමෙන් පසු ඔබ එලියට යනවා නම් සන්ස්ක්‍රීන් එකක් ආලේප කරන්න වගබලා ගන්න.

කහ
කහ කියන්නේ සමේ පිළියම් සඳහා පැරණිතම හා බහුලව භාවිතා කරන ඖෂධයක්. මෙ පිළියම මගින් කුරුලෑ කැළැල් සහ කුරුලෑ ලප මකන්න ලොකු පිටුවහලක් ලබා දෙනවා.

ඔයාට අවශ්‍ය වන්නේ;
කහ කුඩු තේ හැඳි 1
ලෙමන් 1

බඳුනකට ලෙමන් යුෂ මිරිකා කහ කුඩු සමඟ මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය ඔයාගේ මුහුණට හා අනෙකුත් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට මෘදු ලෙස අලේප කරන්න.  මිනිත්තු 15 ක් පමණ තබා සෝදා හරින්න.

** ඔයාට සංවේදී සමක් ඇත්නම්, මෙම පිළියමෙන් සම රතු පැහැයට හා දැවිල්ලකට හේතු විය හැකි බැවින් එය උත්සාහ කරන්න කලින් පොඩ්ඩක් ආලේප කර ටෙස්ට් කර බලා කැළැල් මත ආලේප කරන්න. ලෙමන් යුෂ ආලෙප කිරීමෙන් පසු ඔබ එලියට යනවා නම් සන්ස්ක්‍රීන් එකක් ආලේප කරන්න වගබලා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1865 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:58:54 PM
Script:/article/1865/remedies-for-a-spot-free-face.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:58:55 PM
Script:/article/1865/remedies-for-a-spot-free-face.html