Reverse Hair Washing කෙස් කළඹට පණක් දෙන්නේ කොහොම දන්නවාද?

August 11, 2020
24,486
How reverse hair washing help you
අපි වසර ගණනාවක් තිස්සේ හිසකෙස් හෝදන්නට අනුගමනය කරන්නේ එකම පුරුද්දක්. ඒ කොච්චර කළත් තාමත් ඔබට තියෙන්නේ එච්චරටම සාරවත් කොණ්ඩයක් නෙමෙයි වෙන්නත් ඇති. ෂැම්පු කිරීම සම්බන්ධ සෑම නිර්දේශිත පියවරක්ම පිළිවෙලට අනුගමනය කරත් ඔබේ කෙස් කළඹට තවමත් දීප්තියක් හා ජීවනයක් නැත්නම් ඔබ දැනගගන්න ඕනේ අලුත් ක්‍රමයක් තියනවා. එහෙනම් මෙන්න...

කොන්ඩය සෝදන එක රිවස් එකට කරන්න

ඒක සරලයි. ඔබ කරන්න ඕනේ හිසකෙස් සේදීමේ ක්‍රියාවලිය රිවර්ස් කරන එක විතරයි. මුලින්ම කොණ්ඩය හොඳින් කන්ඩිශන් කර ගන්න. ඊට පස්සේ ෂැම්පු කරන්න. කන්ඩිෂනර් රැඳී තිබුනොත් අපේ හිස් කබල වියළි කරන නිසා මේ ක්‍රමය මගින් හිස්කබලේ ඉතිරිව ඇති කන්ඩිෂනර් ඉවත් කිරීමට උපකාරී වනවා. ඒ වගේම මෙමගින් හිසකෙස් වල පිරුණු, ඝන බව නැවත ලබා ගන්න පුලුවන්. තෙල් සහිත හිස්කබලක් ඇති අයට සහ සාමාන්‍ය හෝ සිනිඳු හිසකෙස් ඇති අයට මෙම උපක්‍රමය මඟින් කොණ්ඩයේ ගැටලු අඩු කරලා නැවත ජීවයක් ලබා ගන්න පුළුවන්.

මෙහි ප්‍රතිලාභ

මෙම ක්‍රමය මගින් ඔබේ හිස්කබල පිරිසිදු කරන්න කලින් රෝම කූප අළුත්වැඩියා කිරීමට උපකාරී වෙනවා. ඒ හරහා හිසකෙස් වලට සෞඛ්‍ය සම්පන්න බවක් සහ දිදුලන පෙනුමක් ලබා දෙනවා. රූපලාවණ්‍ය ප්‍රවීණයන් විශ්වාස කරන්නේ මේ හිසකෙස් සේදීම රිවර්ස් කිරීම හරහා එළියක් නැති කෙස් කළඹට හොඳ එළියක් ද එක් කරන්න උපකාරී වෙනවා කියලායි.

ඒත් ඔබ හිස කෙස් අග වියළි වේ යැයි බිය නම් මෙය සතියකට වතාවක් කරන්න. එසේම ඔබේ කෙස් වල කෙළවර වේළිලා නම් ඒවාට කන්ඩිෂනර් ටිකක් වැඩිපුර ගල්වන්න.

වැඩියෙන්ම ගැළපෙන්නේ කාටද?

අඳුරු සහ පණ නැති හිසකෙස් සමඟ පොරබදින ඕනෑම කෙනෙකුට මේ ක්‍රමය උත්සාහ කරන්න පුලුවන්. සිහින් හිසකෙස් හෝ තෙල් සහිත හිස්කබලක් ඇති අයට ඒක විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙයි. හිසකෙස් වලට ඝණ බවක් ලබා ගන්න එය උපකාරී වෙයි.

ඔබට ඝන හෝ වියළි කෙස් තිබුණත් මෙම තාක්ෂණය ඔබේ කෙස් සම්බන්ධ ගැටලු වලට යම් විසඳුමක් එක් කිරීමට උපකාරී වෙයි. ඔබ කන්ඩිෂනර් භාවිතා නොකරන කෙනෙක් වුනත් ඔබේ හිස කෙස් අග වියළි නම් ඔබට ද මෙම තාක්ෂණය උදවුවක් වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1763 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:42:51 PM
Script:/article/1763/how-reverse-hair-washing-help-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:42:51 PM
Script:/article/1763/how-reverse-hair-washing-help-you.html