ශරීර අභ්‍යන්තරයෙන්ම සුන්දර වෙන්න දැන් අනවශ්‍ය විදියට වියදම් කරන්න ඕන නැහැ

December 5, 2017
10,375
Eat these to have glowing skin
හැමෝම කැමතියි සුදු වෙන්න,පැහැපත් වෙන්න වගේම ලස්සන වෙන්න. ඒකට ඉතින් ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. හම සුදු කර ගන්න උත්සාහ කරනවට වඩා ලප කැළැල් වලින් තොර පැහැපත් සමක් ලබා ගන්න එක තමයි වටින්නේ.

බාහිරින් කරන සත්කාර වලට වඩා අභ්‍යන්තර පෝෂණය නිවැරදිව ලබා දීම මඟින් ශරීරය පැහැපත් කර ගන්න එක වැදගත්. සම පැහැපත් කරන මේ ආහාර වර්ග ඔයාගේ එදිනෙදා ආහාර වේලට එකතු කර ගන්න. මේ ආහාර වලින් සමට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් සම නිරෝගී කරනවා, සමේ ඇදෙන සුළු බව ආරක්ෂා කරමින් සම වියලීම වළක්වනවා. තරුණ බව රැක දෙනවා.

1. ගස්ලබු

ගස්ලබු වල විටමින් වර්ග විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඊට අමවතරව විටමින් A හා අපේ ශරීරයේ තියෙන විෂ නසන්න පුළුවන් රසායනිකයන් රැසකුත් ගස්ලබු වල තියෙනවා. ඔන්න ඔබ වැඩිපුර ගස්ලබු කෑවොත් ඉකමනින් සුදු වෙන්න පුළුවන් වගේම මුහුණේ තියෙන කුරුලෑ ලප කැළැල් ටිකත් අයින් කර ගන්න පුළුවන්. ගස්ලබු කන්න අකමැති අයට ජූස් විදියට ගස්ලබු ආහාරයට එකතු කර ගන්න පුළුවන්.

2. මී කිරි

මී කිරි වල ගොඩක්ම තියෙන්නේ කැල්සියම් වුනාට මී කිරි වලට ඉතා සාර්ථකව ඔබේ මුහුණ සුදු කරන්න පුලුවන්. ඒ වගේම මුහුණේ තෙතමනය නියම ගානට පවත්වා ගෙන එහි අඩංගු ලැක්ටික් ඇසිඩ් මගින් මුහුණට නව පෙනුමක් ලබා දෙනවා.

3. බීට්රූට්

බීට්රූට් කියන්නේ සම අතුලතටමගමන් කර සම පිරිසුදු කරන්න පුළුවන් පිරිසිදුකාරකයක් වගේම යකඩ හා විටමින් රාශියක් අඩංගු ආහාරයක්. මේ තුලින් ඔබේ රුධිර සංසරණය ක්‍රමවත් කරනවා. රුධිර සංසරණය ක්‍රමවත් කරනවා කියන්නේ ඔයා නිරෝගී වෙනවා කියන එක. බීට්රූට් ආහාරයට එඅතු කර ගන්නවාට අමතරව මුහුණට පැක් එකක් ලෙස භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම හොදින් බ්ලෙන්ඩර් කරලා යුෂ විදියට පානය කරන්නත් පුළුවන්.

4. Green Tea

Green Tea සමට ගොඩක් වැදගත් පෝෂණයක් සපයන ඖෂධිය පානයක්. මෙ මගින් සමේ හිරු එලිය නිසා සිදුවන කළු වීම්, ලප කැළැල් වගේ දේවල් ඉවත් කරමින් සම පැහැපත් කරනවා.

5. කටු සහිත මාළු

කුඩා මාළු වල අඩංගු ඔමේගා 3 සමට ඉතා වැදගත් මේද අම්ලයක්. ඒ වගේම මාළු වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ සමස්ත ශරීරයේම නිරෝගී බාවයට හේතු වනවා වගේම මේ තුලින් අපිට පැහැපත් දිදුළන සමක් ලබා දෙනවා. විශේෂයෙන් පොඩි මාළු, කුඩා කටු සහිත මාළු ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්නවා නම් ගොඩක්ම හොදයි.

6 ගෝවා මල්

ගෝවා මල් ගොඩක් රසවත් ආහාරයක්. ඒ වගේම විටමින් වර්ග රැසකින් පිරිපුන්. ඒ මඟින් සම නිරෝගී කරනවා. ඒ වගේම ගෝවා මල් වල ශරීරයේ තියෙන විෂ නසන ගුණයන් අඩංගුයි. ඉතින් මේ ඔක්කොම ටික එකට එකතු වෙලා වැඩ කරන කොට අපිට පැහැපත් සමක් හා නිරෝගී කෙස් කළඹක් නිරායාසයෙන්ම ලැඛෙනවා.

7. දොඩම්

දොඩම් වල ගොඩක් තියෙන්නේ විටමින් c. දොඩම් මගින් මුහුණේ සමට නව පෙනුමක් ලැඛෙනවා. ඒ වගේම දොඩම් වල සමේ අලුත් සෛල නිෂ්පාදනය වේගවත් කරන්න පුළුවන් රසායනිකයන් අඩංගුයි. ඒ නිසා ඔබට දීප්තිමත් මලානික නොවූ සමක් ලබා ගන්න පුළුවන්

8. අර්තාපල්

අර්තාපල් වල ස්වාභාවික බ්ලිචින් අඩංගුයි. ඒ මඟින් සම පැහැපත් කරනවා. අතාපල් ආහාරයට ගන්න ගමන්ම අමු අර්තාපල් පෙති මුහුණ මත තියන් ඉදලා මුහුණ හෙමිට මසාජ් කර ගන්න පුළුවන් නම් ඒ මඟිනුත් මුහුණේ තියෙන අදුරු ලප කැළැල් ඉවත් කර ගෙන මුහුණට නව දීප්තියක් ලබා ගන්න ඔයාට පුළුවන් වේවි.

මේ ආහාර පරිභෝජනය වගේම වැඩි පුර වතුර පානය කරන්න. දිනකට වතුර විදුරු 8-9 ත් අතර ප්‍රමාණයක් පානය මඟින් දෛනික ජල අවශ්‍යතාව සම්පුර්ණ කරන්න.

මේ දේවල් හරිම සරලයි වගේම හරිම පහසුවෙන් ඔයාට කරගන්න පුළුවන් දේවල්. නිවැරදි ආහාර රටාවකට හුරු වෙන්න. ඒක ඔයාගේ ශරීර සෞඛ්‍යයටත් ගොඩක් වටිනවනේ. කෘතීම ආලේපන වලින් ලබා ගන්නා තාවකාලික පැහැපත් බාවයට වඩා ශරීර අභ්‍යන්තරයෙන්ම ලබන සුන්දරත්වය වටිනවා නේද?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 561 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:26:16 PM
Script:/article/561/eat-these-to-have-glowing-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:26:16 PM
Script:/article/561/eat-these-to-have-glowing-skin.html