ඔබේ ප්‍රියතම පාවහන් ඔබ ගැන පවසන්නේ කුමක්ද?

July 17, 2021
4,498
What does your shoe choice tell you about you?
අළුත් සපත්තු යුගලයක් මිලට ගැනීම අපගේ මනෝභාවය ඉහළ නංවන අතර අපට වඩාත් හොඳ හැඟීමක් ඇති කරන බව විද්‍යාත්මකවත් ඔප්පු කරලා තියෙනවා. ඒ වගේ පියකරු ප්‍රීතිමත් හැඟීම් ඇති කිරීමට අමතරව, ඔබ පළඳින්න ආස ඔබේ හිත යන පාවහන් වර්ගය ඔබේ පෞරුෂය ද නිර්වචනය කරන බව ඔබ දැන සිටියාද..?

කාන්තාවන් ගොඩක් කැමතියි එක එක විදිහේ ලස්සන විලාසිතාවන් කරන්න. එ අතරේ පාවහන් කාන්තාවන්ගේ ජීවිතයේ විශේෂ තැනක් ගන්නවා. නව මාදිලියේ පාවහන් විලාසිතා හේතුවෙන් ඔයාගේ දෙපතුල් ලස්සනට පෙනෙනවා. දැනටමත් විවිධ වර්ගයේ පාට පාට සෙරෙප්පු වර්ග ඕන තරම් ඔයා සතුව ඇති.

කැන්සාස් විශ්ව විද්‍යාලයේ මෑතකදී කරන ලද අධ්‍යයනයක දැක්වෙන්නේ ඔබේ පෞරුෂයෙන් 90% ක්ම ඔබේ සපත්තු වලින් හෙළි කළ හැකි බවයි. එය විද්‍යාත්මකව ඔප්පු කර ඇත. එයින් අදහස් කරන්නේ ඔබේ ප්‍රියතම පාවහන් ඔබට සිතාගත නොහැකි තරම් තොරතුරු හෙළි කරන බවයි.

ක්‍රීඩා සපත්තු

​​

ඔබේ සිතුවිලි ඉතා ස්ථාවර වන අතර ඔබ දෙවල් ගැන නිතර කනස්සලට පත් නොවනතරම් ය. ක්‍රීඩා සපත්තු වලට ප්‍රිය කරන ඔබ පොළවේ පය ගහලා ජිවත් වෙන්න කැමති කෙනෙක්.

කැන්වස් සපත්තු

​​

සමහර විට ටිකක් ආඩම්බර හා විචක්ෂණශීලී පුද්ගලයෙක්. නමුත් ඔබ ඉතා හොඳයි. ඔබ කැන්වස් සපත්තු වලට කැමති අයෙක් නම් තමන්ගේම ශක්තීන් හා දුර්වලතා ඇති සදාකාලික “තරුණ වියේ” සිටින පුද්ගලයෙකි.

ෆැෂනබල් පාවහන් (විලාසිතාවට බර පාවහන්)

​​

ඔබ අලුත් දේවල් මිලදී ගැනීමට කැමතියි, ඒ වගේම ඔබ එවා මිළදී ගැනීමට හැකියාවක් ඇති අයෙකි. ඔබ ප්‍රසන්න,සරාගී ඇති අතර එය පරස්පර විරෝධී බවක් පෙනුනත් ඔබ ඒ මැද සිටින කෙනෙක්.

කැෂුවල් පාවහන්

​​

අන් අය සිතන දේ ගැන ඔබ කරදර වෙන්නේ නැහැ. ඔබ ඔබේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන කෙනෙන්.. ඇතැම් විට ඒවා ඔබේ සම්බඳතා වලට බලපෑම් සිදු කළත්…..

රළු බූට්ස්

​​

ඔබ ආක්‍රමණශීලී, වැඩිය කතා බහ නොකරන, දේවල් ගැන ටිකක් සැක කරන, නමුත් ඉතා බුද්ධිමත් හා සංවේදී පුද්ගලයෙකි.

දිලිසෙන සපත්තු (Glitter shoes)

​​>

ඔබ කතාවට කැමති නමුත් පරිස්සමින් වචන භාවිතා කරයි. ඔබ සිත් ඇදගන්නා සුළු දේවලට කැමතියි. ඔබ පොඩි දේ ගැනත් බොහොම සැලකිල්ලෙන් සොයා බලන කෙනෙක්.

දීප්තිමත් පාවහන් (Flashy Shoes)

​​

ඔබ දිදුලන පාවහන් වලට කැමති අයෙක් නම්, ඔබ ඔබ වෙත අවධානය යොමු කර ගැනීමට කැමති අයෙක් බවයි. ඔබට එය සහජයෙන්ම පිහිටා තිබෙනවා.

අඩි උස සපත්තු

​​

ඔබ ඉතා ආත්ම විශ්වාසයෙන් යුක්ත වන අතර ඔබ ගැන අවධානය යොමු කිරීමට ඔබ කැමතියි. සමහර විට ඔබ චපල, ඔබේ මතයේ ක්‍රියා කරන පුද්ගලයෙකි. කොහොම වුණත් ඔබ යමක් කිරීමට අදහස් කරන්නේ නම්, ඔබ එය සැමවිටම ඔබේ ආකාරයට කරයි.

Platform සපත්තු

​​

ඔබ ස්වභාවයෙන්ම ඉතා සමාජශීලී පුද්ගලයෙක්. ඔබ සැමවිටම ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් යනාදිය සමඟ යාවත්කාලීනව සිටින කෙනෙක්.

Comfortable පාවහන් (සුවපහසු පාවහන්)

​​

ඔබ සුවපහසුව අගය කරන කෙනෙක්. ඔබ මේ ආකාරයේ පාවහන් වලට කැමති අයෙක් නම්, ඔබ අතිශයෝක්තියෙන් තොරව තමන්ගේ අදහස් පැහැදිලිව ප්‍රකාශ කළ හැකි හොඳ සන්සුන් පුද්ගලයෙක් බවයි.

Chic Designer Shoes (මෝස්තර විලාසිතා සපත්තු)

​​

මෙම සපත්තු එතරම් සුවපහසු නොවූවත් ඔබ ඒවාට කැමතිද? ඒ කියන්නේ ඔබ හොඳ පෙනුමක් ලබා ගැනීමට කැමති සහ විවිධත්වය අගය කරන නිහඬ පුද්ගලයෙක් බවයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 2018 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:27:56 AM
Script:/article/2018/what-does-your-shoe-choice-tell-you-about-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:27:57 AM
Script:/article/2018/what-does-your-shoe-choice-tell-you-about-you.html