2022 අවුරුද්දේ ඔයාගේ හදවත පරිස්සම් කරගන්න වැදගත් පියවර 5ක්

January 6, 2022
7,499
Things to do for better heart health
නත්තල් සමයේ සෞඛ්‍යය ගැන අමතක කර රස නහර පිනායන ආහාර වේල් ඔබත් රස බලන්න ඇති.. එසේ නම් ඔබට නැවතත් සෞඛ්‍ය සම්පන්න වෙනස්කම් සමගින් නව වසරේ නැවුම් ඇරඹුමක් ලබාගැනීමේ බලාපොරොත්තු සිතෙහි තිබෙනවා වෙන්න පුළුවන්.. විශේෂයෙන් නීරෝගි හෘද සෞඛ්‍යයක් පවත්වා ගැනීම ඔබ අප සියලු දෙනාගේම බලාපොරොත්තුවයි..

එසේනම් මෙන්න ඇමරිකානු හෘද සංගමය (AHA) විසින් ඉදිරිපත් කරන නව වසරේ නීරෝගි හෘද සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සඳහා ඔබ විසින් අනුගමනය කළයුතු පියවර කිහිපයක්

වරකට එක බැගින් හොඳ පුරුදු එක් කරගන්න


සියලු සෞඛ්‍යය අභිලාශයන් එකවර ඉටුකර ගැනීමට යාම තරමක් අසීරු කාර්‍ය්යක්. එමනිසා ඔබ කල යුත්තේ වරකට එක බැගින් හොඳ සෞඛ්‍යය පුරුදු දිවියට එක්කර ගැනිමයි.. උදාහරන ලෙස ඔබගේ හෘද සෞඛ්‍යය කෙරෙහි අහිතකර සකස් කරන ලද ආහාර ඔබගේ පිඟානෙන් ඉවත් කිරීම, දිනකට විනාඩි 20ක පමණ කාලයක් ව්‍යායාමයේ නිරත වීම වැනි දෑ අලුත් අවුරුද්දේදි ඔබගෙ දෛනික කාල සටහනට එක්කර ගත හැකියි.


lean protein ඔබගේ ආහාර වේලට එක්කර ගන්න


මාළු සහ මුහුදු ආහාර ඔබගේ හෘද සෞඛ්‍යය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ලබනවා. එවැනි ආහාර ඔබගේ ආහාර වේලෙන් ඉවත් වීම හෝ අඩුකිරීම හෘද සෞඛ්‍යයට අහිතකර විය හැකියි. එමනිසා සකස් කරන ලද මස් වර්ග වෙනුවට ශාක ප්‍රෝටීන්, මුහුදු ආහාර සහ තෙල් රහිත මස් වර්ග වෙත යොමු වීම ඔබේ හදවත නීරෝගීව තබාගැනීමට උපකාරි වනවා.


සිරැරේ බර නිසි පරිදි පවත්වාගන්න


සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම හෘද සෞඛ්‍යයට මෙන්ම සමස්ථ ශරීර සෞඛ්‍යය කෙරෙහිම වැදගත් වනවා.. එමනිසා ශාරීරික ක්‍රියාකාරකම් සමඟ ඔබ ගන්නා ආහාර සහ කැලරි ප්‍රමාණය සමබරව තබාගත යුතුයි. ඒ සඳහා ඇවිදීම වැනි ව්‍යායාම් හි නිරත විම වඩාත් යෝග්‍ය බවයි පර්‍යේශකයන් පවසන්නේ.


විවේකයක් ලබාගන්න


ප්‍රමාණය ඉක්මවා වැඩ කිරීම ආතතිය වැඩි කරන අතර එය හෘද සෞඛ්‍යය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරනු ලබනවා. එමනිසා ඔබගේ ගතට සිතට විවේකය ලබාගැනීමට සැලකිය යුතු වේලාවක් වෙන්කර ගැනීමට නව වසරේ ප්‍රමුඛත්වය ලබාදෙන්න.. සුරතල් සතුන් සමග කාලය ගත කිරීම, ඇවිදීම, මුහුදු වෙරළට යාම, කඳු නැගීම, සංගීතයට සවන් දීම වැනි දෑ සඳහා හෝ මනස සන්සුන් කරන භාවනාවක හෝ නිරත වන්න ඔබට පුළුවන්.


සැලැස්මක් අනුගමනය කරන්න


ඔබට සකස් කරන ලද ආහාර රටාවක් නොමැති නම් මෙම වසරේ මුල සිටම ඔබ ප්‍රධාන ආහාර වේල් සහ කෙටි ආහාර වේල් සඳහා ගන්නා ආහාර පිළිබඳව අවධානය යොමු කල යුතුයි. එමනිසා සිල්ලර බඩු ලැයිස්තුව සකස් කරන විට අධික ලුණු, සීනි සහ පිෂ්ඨය සහිත ආහාර අඩුකර පූර්ණ ධාන්‍ය, පළතුරු සහ දැවිල්ල අඩුකරනු ලබන ආහාර වර්ග එයට එකතු කර ගැනීමට උත්සාහ කල යුතුයි.

නව වසරේ ඉතා බැරෑරුම් සැලසුම් අනුගමනය කිරීමට යෑමෙන් වැළකි ඒ වෙනුවට ඔබට දිනෙන් දින වැඩි දියුණු කල හැකි සරළ, කළමණාකරණය කළ හැකි ඉළක්කයන් වෙත අවධානය යොමු කිරීම වැදගත් වනවා.. විශේෂයෙන් හෘද සෞඛ්‍යය වැඩි දියුණු කරන ආහාර වේලක් ගැනීමත් හැකි උපරිමයෙන් ඔබගේ ශාරිරික මානසික සෞඛ්‍යය පිළිබඳ සැලකිලි වීමත් උදාවූ 2022 වසරේ නීරෝගිව සිටීමට ඔබට අනුගමනය කළ හැකි සරළ පියවරයන් දෙකකි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2119 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:33 AM
Script:/article/2119/things-to-do-for-better-heart-health.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:33 AM
Script:/article/2119/things-to-do-for-better-heart-health.html