මහන්සි නොවී බඩ අඩු කර ගන්න කැමතිද?

January 6, 2018
18,111
Like to have a flat tummy without much trouble
තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ස්ථුල භාවය කියන්නේ. ඒ වගේම උදරය ඉදිරියට නෙරා ඒමත් ඒ වගේම ගැටළුවක් වෙලා. වැරදි ජිවන රටාව සහ ආහාර රටාවේ තියෙන වැරදි නිසා බොහෝ අය විහින් ලෙඩ හදා ගන්නවා, ඒ වගේම බඩ අඩු කර ගන්න ඕන වුණත් ඒ වෙනුවෙන් ඇඟ වෙහෙසන්න ගොඩක් අකමැතියි. තවත් අයට කාර්යබහුල බව නිසා ඒ වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නැහැ. එත් එහෙමයි කියලා ලෙඩෙක් වෙන්නත් කවුරුවත් කැමති නැහැනේ.

ඒ විදියට ඇඟ වෙහෙසලා බඩ අඩු කර ගන්න බැරි අයටයි, කම්මැලි අයටයි බඩ අඩු කර ගන්න උදවු වන සුපිරිම ආහාර කිහිපයක් තමයි මේ.

1. ඕට්ස්

අපේ ශරීර සෞඛ්‍යට ඉතා ප්‍රබල ලෙස යහපත් බලපෑමක් ඇති කරන පුළුවන් ගොඩාක් වටිනා ධාන්‍යක් විදියට ඕට්ස් හඳුන් වන්න පුළුවන්. ඕට්ස් වල omega-3 fatty acids වැඩි වශයෙන් අඩංගු වෙනවා. ඒ වගේමයි එහි මැග්නීසියම්, පොටෑසියම්, නිකොටීන් අම්ලය, කැල්සියම් සහ තන්තු ප්‍රමාණවත් තරම් අඩංගු වෙනවා. මේ හේතුව නිසා අති විශිෂ්ට ආහාරයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. ඕට්ස් බර අඩුකරගන්න සහය වෙන ගමන්ම ශරීරයට අවශ්‍ය කොලෙස්ටරෝල් මට්ටම පවත්වාගෙන යන්නත් සහය වෙනවා.

2. අලිගැටපේර

අලිගැටපේර කියන්නේ සෞඛ්‍යට හිතකර මේද වර්ග වලින් සමන්විත පළතුරක්. ඒ වගේම තන්තු, පොටෑසියම්, විටමින් ඊ, බී සහ ෆෝලික් අම්ලය වැනි අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විතයි. අලිගැටපේර වලින් අ⁣පට නිතර එන බඩගිනි ගතිය අඩුකරනව වගේම අපේ උදරයේ මේදය අඩුකරගන්නත් ඉවහල් වෙනවා.

3. ග්‍රීන් ටී

ග්‍රීන් ටි කොලෙස්ටරෝල් පාලනය කරන්න උදවු වෙන නිසා අනවශ්‍ය ලෙස තැම්පත් වෙන මේදය නිසා උදරය නෙරා එම අවම කරනවා. ඒ වගේම සිරුරේ පරිවර්තීය ක්‍රියාවලිය ක්‍රමවත් කරන්නත් ග්‍රීන් ටී උදවු වෙනවා.

4. ආමන්ඩ්

ආමන්ඩ් කියන්නේ තෙල් සහිත කෑමක් වුනත් ඔයාගේ අනවශ්‍ය බර අඩුකරන්න ලොකු සහයක් එයින් ලබා දෙනවා. ඒ වගේම ආමන්ඩ් කියන්නේ අතිශයින්ම පෝෂ්‍යදායි ආහාරයක්. විටමින් E, කැල්සියම්, පොස්පරස්, යකඩ හා මැග්නීසියම්, සින්ක්, සෙලේනියම්, තඹ අඩංගු වෙනවා. බඩ අඩු කර ගන්න සහ බර අඩු කර ගන්න එය කදිම ආහාරයක්.

5. යෝගට්

යෝගට්වල තියන prebiotics අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලි⁣ය කාර්යක්ෂමකරන්න උදවු වෙනවා. ඒ වගේම පෝෂණ අතිනුත් ඉතා ඉහල ආහාරයක්.

6. බිත්තර

බිත්තර කියන්නෙත් ඉක්මනින් බඩ පුරවන ආහාරයක් වගේම ප්‍රෝටීන් බහුල ආහාරයක්. අනවශ්‍ය විදියට ඇඟ මහත් කරන්නේ නැතිව ඉහල පෝෂණයක් ලබා ගන්න පුළුවන් ආහාරයක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 608 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:51:49 AM
Script:/article/608/like-to-have-a-flat-tummy-without-much-trouble.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:51:49 AM
Script:/article/608/like-to-have-a-flat-tummy-without-much-trouble.html