උදේම මේ දේවල් කරොත් කවදාවත් බර අඩුකර ගන්න බැරිවෙයි

June 21, 2018
7,185
If you do these in he morning, you will not be able to reduce weight
අපිට නිරෝගීව ඉන්න දවසේ මොන කාලයද වැඩියෙන් වැදගත් කියලා ඇහුවොත් අනිවාර්යෙන්ම උත්තරේ වෙන්නේ උදේ කාලය. මොකද අපේ නිරෝගී කම 80% ම තීරණය වෙන්නේ අපි උදේ කාලයේ කරන කියන දේවල් මත. ඒ නිසා ලස්සනට වගේම නිරෝගිව ඉන්න ඕනේ නම් උදේට කරන්න හොඳ දේවල් වගේම කරන්න හොඳ නැති දේවලුත් තියෙනවා. විශේෂයෙන් බර අඩුකර ගන්න හිතාගෙන ඉන්න අය නම් මේ දේවල් උදේට කරොත් නම් කවදාවත් බර අඩුකර ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේක කියවලා උදේට කරන්න ඕනේ දේවල් වගේම නොකරන්න ඕනේ දේවල් ගැනත් දැනගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැතුව බර අඩු කරගෙන ලස්සනට ඉන්න පුළුවන්.

01. උදේට ලොකු කෑම වේලක් මඟ හැරීම

දන්නවද අපිට ඇත්තටම කෙට්ටු වෙන්න නීරෝගීව ඉන්න අවශ්‍ය නම් වැදගත් වෙන්නේ අපි කන දේවල් වලට වඩා ඒ දේවල් අපි කන වේලාව. නියම විදිහට බර අඩුකර ගන්න ඕනේ නම් අපි උදේට ලොකු කෑම වේලක් කන්න ඕනේ වගේම රෑට කන්න ඕනේ බොහොම පොඩි ප්‍රමාණයක්. මේක පරීක්ෂණ ගණනාවකින්ම හොයාගෙන තියෙන දෙයක්. මේකට හේතුව තමයි දවසේ එක එක වේලාවන් වලදී අපේ සිරුරේ පරිවෘතිය ක්‍රියාවලිය සිදුවෙන වේගය වෙනස්. මේ නිසා ඒකට හරියන්න අපි කෑම ගන්න ඕනේ ඒ නිසා උදේට ලොකු ප්‍රමාණයක් වගේම දවල්ට සාමාන්‍ය ප්‍රමාණයක් වගේම රෑට ගන්න ඕනේ සැහැල්ලු ආහාරයක්.

02. උදෑසන හිරු එළිය මඟ හැරීම

හිරු එලිය පුළුවන් අපේ ශරීරයේ තැම්පත් වෙලා තියෙන මේදය දහනය කරන්න. කැනඩාවේදී පවත්වන ලද පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා අපි හිරු එලියට නිරාවරණය වෙන විට අපේ ශරීරයේ තියෙන ලිපිඩ ප්‍රමාණය අඩුවෙන බව. ඒ නිසා හිරු එලියට පුළුවන් අපිව කෙට්ටු කරන්න උදවු කරන්න. හැබැයි ඉතින් මෙහෙම කියලා කෙට්ටු වෙන්න හිතාගෙන අවුවටම වෙලා එහෙම ඉන්න එපා. උදේට ප්‍රමාණවත් කාලයක් විතරක් අවුවේ ඉන්න ඒ වගේම අවුවට යනකොට sun cream එකක් ගාන්නත් අමතක කරන්න එපා.

03. නැගිට්ට ගමන් වතුර වීදුරුවක් බොන්න අමතක වීම

වැඩුනු පුද්ගලයෙකුගේ ශරීරයේ 55% - 60% ම තියෙන්නේ වතුර. පර්යේෂකයන්ට අනූව උදේ නැගිට්ට ගමන් වතුර වීදුරුවක් බොන එක බර අඩු කරගන්න කරන්න පුළුවන් හොඳම වැඩක්. මේ නිසා ශරීරයේ පරිවෘතිය ක්‍රියාවලිය වේගවත් වෙලා සිරුරේ මේදය තැම්පත් වීමේ ඉඩකඩ අඩු කරනවා. ඒ වගේම තමයි ශරීරයේ තැම්පත් වෙලා තියෙන විෂ ඉවත් කරන්නත් උදේම නැගිට්ට ගමන් බොන වතුර වීදුරුව උදවු වෙනවා.

04.ව්‍යායාම නොකිරීම

උදේ නැගිට්ට ගමන් කෑමට පෙර කරන ව්‍යායාම නිසා ඔයාගේ කැලරි වැඩිපුර දහනය වෙනවා වගේම පරිවෘතිය ක්‍රියාවලියත් වේගවත් වෙනවා ඒ වගේම ඔයාගේ ආහාර රුචියත් අඩු වෙනවා. පර්යේෂකයින් හොයාගෙන තියෙනවා උදේම නැගිට්ට ගමන් ව්‍යායාම කරන අය දවස පුරාවටම අඩු කෑම ප්‍රමාණයක් ආහාරයට ගන්න බව. මේ නිසා උදේම කරන ව්‍යායාම නිසා ඉක්මනට කෙට්ටු වෙන්න පුලුවන්.

05. රස රස කෑම දවල්ටයි හවසටයි රෑටයි

මේකත් බර අඩුකර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපි අතින් වෙන ලොකු වැරද්දක්. අපි ගොඩක් වෙලාවට පැණිරස වගේම ක්ෂණික ආහාරත් ගන්නේ දවල්ට හවසට රෑට. දන්නවද අපි එකම කේක් කෑල්ල උදේට කනවට වඩා හවස කනකොට අපේ ශරීරයට එකතු වෙන කැලරි ප්‍රමාණය වැඩියි. ඒ නිසා පැණිරස දේවල් බේක් කරපු කෑම වර්ග උදේට කන එක තමයි ගොඩක් හොඳ.

06.උදේම පත්තර කියවන එක

හැමෝම වගේ හිතන්නේ උදේම පත්තරේ කියවලා දවස පටන් ගන්න එක හොඳ දෙයක් කියලනේ. හැබැයි පර්යේෂන වලින් හොයාගෙන තියෙන දේවල් අනුව නම් ඒක වැරදිලාවත් උදේම කරන්න හොඳ දෙයක් නෙවෙයි. මොකද පත්තරේ තියෙන සමහර දේවල් නිසා අපි ආතතියට පත්වෙනවා වගේම අපේ තරහත් ඇවිස්සෙනව. ඒ විතරක් නෙවෙයි සමහර දේවල් වලට අපි බයවෙනවා මේ දේවල් අපේ නිරෝගී බවට හොඳ දේවල් නම් නෙවෙයි. අපි අත්තියෙන් ඉන්නකොට අපි ලෙඩ වෙනවා වගේම අපේ බර වැඩි වෙන්නත් මේක හේතුවක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 900 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:42 AM
Script:/article/900/if-you-do-these-in-he-morning-you-will-not-be-able-to-reduce-weight.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:42 AM
Script:/article/900/if-you-do-these-in-he-morning-you-will-not-be-able-to-reduce-weight.html