කොච්චර මැද්දත් දත්වල කහ පාට අයින් වෙන්නේ නැද්ද? මෙන්න හරියනම විසඳුම

February 21, 2018
25,102
Best solution for yellow teeth
දත් කහ පැහැ ගැන්වීම නිසා කට ඇරලා හිනා වෙන්න බැරිව අපහසුතාවයට පත් වෙලා ඉන්න අයට ඒකට ස්වාභාවික විසඳුමක් තමයි මේ කියන්නේ. මේකට ඕන කරන්නේ හරිම පහසුවෙන් හොයා ගන්න පුළුවන් අමු ද්‍රව්‍ය කිහිපයක් නිසා ගෙදරදීම ලේසියෙන් පහසුවෙන් කර ගන්නත් පුළුවන්.

කහ කියන්නේ අපි නිතරම ඖෂධයක් විදියටත්ද, රුපලාවන්‍ය කටයුතු වලදීත් යොදා ගන්නා අමු ද්‍රව්‍යක්. දත් මත ඇති වන කහ පැල්ලම් හෝ කහ පැහැය ඉවත් කිරීම සඳහාත් ස්වභාවිකවම දත් දෙපළ දීප්තිමත් කිරීමටත් කහ වලට පුළුවන්.

දත් වල බැඳෙන කහට සහ දිලීර වැනි දන්ත සෞඛ්‍ය පිරිහීමට හේතු වන, විෂබීජ විනාශ කරීමට හැකි කදිම විෂබීජ නාශකයක් විදියටත් කහ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් තවත් වටිනා අමු ද්‍රව්‍යක් තමයි පොල් තෙල් කියන්නේ, දත් වල සංවේදිතාවයට වගේම විදුරුමස් රෝග සඳහාත් එය හොඳ විසඳුමක්.

කහ එක්ක පොල් තෙල් සහ බේකින් සෝඩා එකතු කරලා දත් සුදු කර ගන්න පුළුවන් ස්වාභාවික tooth paste එකක් හදා ගන්න විදිය තමයි මේ. ඔයත් try කරලා බලන්නකෝ. ඕන කරන්නේ මෙන්න මේ දේවල්

වියළි කහ කුඩු මේස හැඳි 4ක්

බේකින් සෝඩා මේස හැඳි 2ක්

පිරිසිදු පොල් තෙල් මේස හැඳි 2 1/2ක්

කුඩා භාජනයක්

මේ අමු ද්‍රව්‍ය තුනම කුඩා භාජනයට දමා හොඳින් මිශ්‍ර කර ඔයාගේ tooth paste එක පිළියෙළ කර ගන්න. දිනකට දෙවරක් මේ paste එකෙන් දත් මදින්න.

මේ සත්කාරයට අමතරව ඔයාට අවපැහැ දත් සුදු කර ගන්න දොඩම් ලෙල්ල යොදා ගන්නත් පුළුවන්.රාත්‍රී නින්දට පෙර දොඩම් ලෙල්ල ඔබේ දත් වල හොඳින් අතුල්ලන්න රාත්‍රියේදී ක්‍රියාකාරී වන ක්ෂුද්‍ර ජීවින් මර්දනය කරන්න එහි ඇති විටමින් C වලට සහ කැල්සියම් වලට පුළුවන්.

එහෙම නැත්තන් රාත්‍රී නින්දර පෙර දත් මදිද්දී දත් මැදලා අවසන් කරලා ලුණු වතුරිනුත් මද වෙලාවක් දත් මදින්න. දත් වල අවපැහැය ඉවත් කරන්න ලුණු වලටත් පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 667 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:29:41 PM
Script:/article/667/best-solution-for-yellow-teeth.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:29:42 PM
Script:/article/667/best-solution-for-yellow-teeth.html