ස්වාභාවිකවම සිසිල්ව සිටීමට මෙම ඔසුව පානීය ජලයට එක් කරන්න කියන්නේ ඇයි?

August 3, 2019
10,201
Mint for staying cool naturally
ගිම්හාන කාලයේ උෂ්ණත්වය සහ වාතය දූෂණය ඉහල යනවා. ග්‍රීෂ්ම ඍතුව හේතුවෙන් රට පුරා උෂ්ණත්වය ඉහළයත්ම, මිනිසුන් වැඩිපුර ගෘහස්ථව සිටින්නත් සිසිල් බීම බොන්නත් පෙළඹෙනවා. තාපයෙන් හා තද සුළඟින් ඔබව ආරක්ෂා කර ගැනීමට ඔබ අව් කණ්ණාඩි, තොප්පියක් හෝ ඔයාගේ මුහුණෙ සන්ස්ක්‍රීම් ආලේප කිරීම වගේම, වතුර බෝතලයක් නිතර අතේ තිබීම අත්‍යවශ්‍ය කරුණක්. එළියට පහලියට යනවා නම් අනිවාර්යයෙන් වතුර බෝතලයක් රැගෙන යාමට අමතක කරන්න එපා. අද හැඩකාරී අපි ඔයාට කියන්න යන්නේ ශරීරය සිසිල්ව තියන ගමන් ශරීරයට රූපයට ප්‍රථිලාභයක් ගෙන දෙන වතුර බෝතලයට එකතු කරගන්න පුලුවන් ඔසුවක් ගැනයි.

කොමඩු, බෙරි සහ ලෙමන් වැනි පලතුරු වල වැඩි වශයෙන් ජලය පිරී තියෙනවා වගේම ඔයා බොන වතුර එකට ඒවායින් පොඩ්ඩක් එකතු කරගන්න පුලුවන්. නමුත් මේවා එකතුකරාම වතුර වල රසය සාමාන්‍යයෙන් ඒ පළතුර හෝ එළවළුවේ රසයට වෙනස් වෙනවා. ඒ වගේම සමහර ඖෂධ පැළෑටි සහ කුළුබඩු ඔයාගේ පානීය ජලයට එකතු කළ හැකි අතර මින්ට් ඒවායින් එකකි.


මින්ට් පානීය ජලයට එකතු කළ යුත්තේ ඇයි? 

ඔයාගේ ශරීරය සජලීව තබා ගැනීම සඳහා ජලය පමණක් ප්‍රමාණවත් වූවත්, පළතුරු හෝ එළවළු වතුරට එක්කිරීමෙන් ප්‍රතිලාභ ගොඩක් ලැබෙනවා. ඒත් ඔයා ඒ රසයට අකමැති නම් මින්ට් කියන්නේ හොඳ විසඳුමක්. මින්ට්හි ප්‍රබල ප්‍රබෝධනීය ගුණයක් තියෙනවා, නමුත් ඔයාගේ පානීය ජලයට සුවිශේෂී රසයක් එකතු කරන්නේ නෑ. ඉතින් මින්ට් කොලයක් දෙකක් වතුර බෝතලයට එකතු කරගත්තොත් මෙන්න මේ වාසි ඔයාට අත් වෙනවා.

1. සම නැවුම්ව තබා ගනී

මින්ට් වලට ගිම්හානයේදී ඔබේ සම නැවුම් හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරී වේ. මින්ට් මෙන්තෝල් වලින් පොහොසත් වන නිසා සමේ ගැටළු රැසකට විසදුම් ලබා දෙනවා. කුරුලෑ සහ කුරුලෑ කැඩී යාම, හිරු පිලිස්සුම් සඳහා මින්ට් හොඳ ඖෂධයක්. ඔයාගේ සමේ අධික තෙල් ඉවත් කර පිරිසිදුව තබා ගැනීමටද මින්ට් උපකාරී වේ.

2. අලසකමට එරෙහිව සටන් කරයි

බොහෝ විට අපි කාටත් රස්නය නිසා මන්දගාමී සහ නිදිමත ගතිය දැනෙනවා. මින්ට් මතක ශක්තිය වැඩි දියුණු කරන අතර මන්දගාමී බව සහ උදාසීනබව නැති කරනවා.

3. ආහාර ජීර්ණයට හොඳ විසඳුමක්

මින්ට්හි මෙන්තෝල් සංයෝගය ආහාර ජීර්ණ පද්ධතියට සහනයක් ගෙන දෙන අතර ඔයාගේ බඩ නිරෝගීව තබා ගනී. මල බද්ධය වැනි තත්වයන්ට මින්ට් කියන්නේ ඉතාමත්ම හොඳ විසඳුමක්.

4. හිසරදයට එරෙහිව සටන් කරයි

ඔයා ඉරුවාරුදාව තියෙනවා නම්, විජලනය සහ වියළි, උණුසුම් කාලගුණය මේ තත්වය උග්‍ර කරන්න හේතු වෙනවා. මින්ට් වල ඇති ප්‍රබෝධමත් සුවඳ සහ රසය හිසරදය සමනය කිරීමට උපකාරී වෙනවා.

5. කටේ දුගඳ නැති කරනවා

කට නැවුම්ව තියාගන්න අපි චුවින්ගම් කනවනේ. ඒත් එයින් කටේ නැවුම් බව රඳවන්නේ බොහොම ටික වෙලාවයි. අනෙක ඒවා කටේ තියෙන බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියාකරන්නෙත් නෑ.

ඒත් මින්ට් කට නැවුම්ව වගේම මුඛයේ ඇති බැක්ටීරියාත් විනාශ කරනවා. ඉතින් දවස පුරාම මුව නැවුම්ව තියාගන්න පුලුවන්.


ඉතින් මින්ට් ඔයාගේ වතුර එකට එකතු කරගන්න ඒකෙන් ඔයාට වැරැද්දක් නම් වෙන්නේ නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1381 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:34:55 AM
Script:/article/1381/mint-for-staying-cool-naturally.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:34:56 AM
Script:/article/1381/mint-for-staying-cool-naturally.html