ඔයාට උපදින්න යන්නේ දුවෙක්ද? පුතෙක්ද?

March 15, 2018
9,060
Is your child going to be a girl or a boy?
කාලයක් විවාහය ගැන හීන දැකපු අයට විවාහ වුනාට පස්සේ තියෙන්නේ එකම එක හීනයක් විතරයි. ඒ තමාගේ කිරි සිහිනය හැබෑ කර ගන්න එක. අම්ම කෙනෙක් වෙන එක කාන්තාවකගේ දෙවෙනි උපත කියලනේ කියන්නේ. ඒ වගේම කාන්තාවකට මවු පදවිය ලැබීම තරම් උතුම් වූ පදවියක් තවත් තිබිය නොහැකියි. ඒ නිසා කුළුඳුල් මවු පදවිය ලැබීමේ සුන්දර සිහිනය වෙනුවෙන් ගොඩක් දෙනෙක් හීන දකිනවා. දරුවෙකු පිළිසිඳ ගත්ත දවසේ ඉදලම කුළුඳුලේ මවු - පිය පදවි ලබන අය නොඉවසිලිමත් තවත් කාරණාවක් තියෙනවා. ඒ තමන්ට ලැබෙන්න යන දරුවා දුවෙක්ද පුතෙක්ද යන වග දැන ගැනීම.

උපදින දරුවා ගැහැණු දරුවෙකුද පිරිමි දරුවෙකුද යන වග පිළිසිඳ ගැනීමේදීම ජානමය වශයෙන් තීරණය වී හමාරයි. නමුත් බාහිර ලිංගේන්ද්‍රිය මඟින් හරියටම දරුවා ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා දන ගන්න තවත් කාලයක් ගත වෙනවා. ඒ පිළිබඳව ස්කෑන් පරීක්ෂණයකින් හරියටම දැනගැනීමට අවම වශයෙන් කලලයට මාස 3 ක් වත් විය යුතුයි.

නමුත් ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන්නේ දරුවාගේ ස්ත්‍රී පුරුෂ බාවය හඳුනා ගැනීමටම පමණක් නෙවෙයි. ස්කෑන් පරීක්ෂණයක් මඟින් බොහෝ විට ගර්භාෂය තුල ඇති කලලයේ වර්ධනය සිදු වන ආකාරය හා දරුවාගේ වර්ධනය සම්බන්ද ගැටළු වගේම ජානමය හේතු නිසා ඇති වන ගැටළු පිළිබඳව පරීක්ෂා කරනු ලබනවා. මීට අමතරව කළලයට සති 11 ක් පමණ ගත වූ පසු රුධිර පරීක්ෂාවක් මඟින් DNA පරීක්ෂාවක් සිදු කිරීමට හැකියාව තිබෙනවා. එහිදී කුස තුල වැඩෙන දරුවාට ජානමය රෝග තත්වයන් තිබේද යන වග මෙන්ම දරුවාගේ ලිංගය පරීක්ෂා කර ගැනීමට කල හැකියි.

දෙදෙනෙකු අතර සිදු වන ලිංගික සංසර්ගයෙන් පසු ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වීමෙන් දරුවෙකු පිළිසිඳ ගැනීම සිදු වෙනවා. මවගේ සහ පියාගේ වර්ණදේහ එකතු වීමෙන් දරුවාගේ ස්වභාවය තීරණය කරනවා. ගැහැණු වර්ණ දේහ xx ලෙසත් පිරිමි වර්ණ දේහ xy ලෙසත් හඳුන්වනවා. එහි පිරිමි වර්ණ දේහයේ ඇති y මඟින් පුරුෂ ලිංගය තීරණය කරනවා. ඒ අනුව මවගේ x වර්ණදේහයක් සහ පියාගේ x වර්ණදේහයක් එක් වීමෙන් ගැහැණු දරුවෙකුත්, මවගේ x වර්ණදේහයක් සහ පියාගේ y වර්ණදේහයක් එක් වීමෙන් පිරිමි දරුවෙකුත් පිළිසිඳ ගන්නවා.

ඒ අනුව පිළිසිඳ ගන්නා කළලය ගැහැණුද පිරිමිද යන වග තීරණය වන්නේ ශුක්‍රාණුවේ අඩංගු වර්ණ දේහය x ද y ද යන කාරණය මතයි. වරකට පිටවන ශුක්‍රානු වලින් 50%ක් පිරිමි වර්ණ දේහ සහිත ශුක්‍රානු වන අතර තවත් 50%ක් ගැහැණු වර්ණ දේහ සහිත ශුක්‍රානු වේ. මේ නිසා මවු කුසක පිළිසිඳ ගන්නා කළලයක් ගැහැණු හෝ පිරිමි වීමේ සම්භාවිතාව සෑමවිටම 50% ක් වශයෙන් පවතිනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 700 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 10:54:39 PM
Script:/article/700/is-your-child-going-to-be-a-girl-or-a-boy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 10:54:39 PM
Script:/article/700/is-your-child-going-to-be-a-girl-or-a-boy.html