විවාහක යුවලක් නිදාගන්න ඉරියව්වෙන් ගොඩක් දේවල් කියන්න පුළුවන්

August 18, 2018
54,361
Lovers sleeping positions
නින්ද කියන්නේ ගැහැණු පිරිමි භේදයකින් තොරව වගේම වයස් භේදයකින් තොරව අත්‍යාවශ්‍ය දෙයක් කියලා ඔයා හොඳින්ම දන්නවානේ. මම ඔයා වගේම අපි හැමෝම ජීවිතයේ වැඩිම කාලයක් වැය කරන්නේ නින්ද වෙනුවෙන්. නිදා ගැනීම සඳහා භාවිත කරන ඉරියව් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වගේම ඒ ඒ පුද්ගලයාට ආවේණික වු විශේෂ ඉරියව් තියෙනවා නිදා ගැනීමේදි යොදා ගන්න. ඇතැම් පුද්ගලයින් ජීවිත කාලය තුළම නිදා ගන්න භාවිතා කරන්නේ ඔවුන්ට විශේෂිත වු ඉරියව්වක් දෙකක් විතරයි. ඉතිං අද අපි ඔයාට කියන්න යන්නේ ඔයා නිදා ගන්න භාවිත කරන විවිධ ඉරියව්වලින් කියැවෙන අර්ථයන් මොනවද කියලා. විශේෂයෙන්ම විවාහක යුවලක් නිදා ගැනීමේදි භාවිත කරන ඉරියව් වලින් අර්ථ ගැන්වෙන්නේ මොනවද කියලා ඔයාට කියලා දෙන්න අද Hadakari අපි ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ.

01. The Spooning Position



විවාහක දෙදෙනෙක් නිදා ගැනීම සදහා භාවිත කරන ජනප්‍රිය ක්‍රමයක් විදිහට මෙය හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් තේ දැන්දක හැඩයක් තමයි මෙවැනි නිදා ගැනීමේ ඉරියව්වේදී දකින්න ලැබෙන්නේ. ඔයා මේ විදිහට නිදා ගන්න කෙනෙක් නම් මේ ඉරියව්වෙන් ප්‍රකාශ වෙන දේ ගැන දැන ගෙන සිටීම ඉතාමත් වැදගත්. මනෝ වෛද්‍යවරුන්ට අනුව නම් මෙවැනි ඉරියව්වකින් කියැවෙන්නේ විශේෂයෙන්ම සහකරුවාගෙන් සහකාරියට විශේෂ රැකවරණයක් අවශ්‍ය බවයි. මෙලෙස ඔයාලා දෙන්නා ඉතා සමීපව නිදා ගැනීම තුළින් නිරායාසයෙන් ඔයාගේ සහකාරීයට ආදරණීය රැකවරණයක් ලබෙන බව දැනෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලා දෙන්නාගේ සම්බන්ධතාව ශක්තිමත් කියලා ඔයාට වගේම ඇයටත් හිතෙන්න පටන් ගන්නවා.

02. The Honeymoon Hug



ආදරවන්තයින් බොහෝ දෙනෙක් නිදා ගන්න භාවිත කරන ඉරියව්වක් වශයෙන් මෙකී ඉරියව්ව හඳුනාගත හැකියි. මේ ඉරියව්වේදි දෙදෙනාම වඩාත් සමීපයි. ඒ වගේම දෙදෙනාගේම ආදරය හා බැඳීම මේ ඉරියව්වෙන් නිදා ගත්තම වැඩි වෙනවා කියලා තමයි මනෝ චිකිත්සක පර්යේෂකයන් දක්වන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ඉරියව්ව ඔයා භාවිත කළොත් ඔයාට ඔයාගේ ආදර සම්බන්ධතාව දිගු කාලයක් බිංදුවක්වත් අඩු වෙන්නේ නැතුව පවත්වා ගන්න පුළුවන්.

03. Like Shingles Position



ගොඩක් ආදරවන්තයින් නිදා ගැනීම සඳහා භාවිත කරන ඉරියව්වක් තමයි ඛසනැ Like Shingles කියන්නේ. මෙහිදි සහකරුවාගේ හෝ සහකාරියකගේ උරහිස මත හිස තබා ගනිමිනුයි ඔහු හෝ ඇය නිදා ගන්නේ. මෙයින් දෙදෙනාගේම ජීවිත වල එකිනෙකා හවුල් කරුවන් බව අර්ථවත් වෙනවා. ආරක්ෂිත බව, සාහෝදරත්වය, විශ්වසනීයත්වය වගේම ඔයාලාගේ සම්බන්ධතාව ශක්තිමත් බව සන්නිව්දනය කරනවා.

04. The Sweetheart's Cradle



මේ ඉරිව්වත් ගොඩක් දෙනෙක් භාවිත කරන ඉරියව්වක්. තමන්ගේ බිරිද එහෙමත් නැත්තම් සහකරුවාට වඩාත් සමීප වෙලා නිදා ගන්න මේ ඉරියව්වෙන් කියැවෙන්නේ දෙදෙනාම වඩාත්ම සමීප බවයි. රූපයේ දැක්වෙන විදිහට සහකරුගේ හෝ සහකාරියගේ උරහිස හා පපුවේ එක් පැත්තක හිස තියාන නිදා ගන්න ස්වරූපයක් තමයි දකින්න ලැබෙන්නේ. මෙයින් ඔහු හෝ ඇය ඉතා ආරක්ෂිත බවත්. ඔහු හෝ ඇය ළඟ ආදරය සෙනෙහස වගේම රැකවරණය නොඅඩුව තියෙනවා කියලා තමයි මේ ඉරියව්වෙන් කියැවෙන්නේ.

05. Loosely Tethered



විවාව වු මුල් අවධියේදී ඔයාලා දෙන්නා අතර තියෙන ආදරය සහ බැඳීම ඉතාමත් සමීපයි. මේ ඉරියව්වෙන් කියවෙන්නේ නෑ ඔයාලා දෙන්නා සමීප නෑ කියලා. එකිනෙකාට වඩාත්ම සමීප වෙන්නේ නැතුව එකිනෙකාගෙන් ලිහිල්ව නිදා ගැනීමත් පහසු ඉරියව්වක් වෙන්න පුළුවන් සමහර වේලාවන් වලට. ඒ වගේම ඔයාලා විවාහ වෙලා ටික කාලයක් ගියාම කාරර්බහුල වගේම දෛනික ජීවිතය තුළ ආතතිය හා පීඩනමය තත්ත්වයන් දෙදෙනා තුළම ඇති විය හැකියි. එවැනි තත්ත්තවයකදි මෙවැනි ඉරියව්වක් නිදා ගන්න කැමැත්තක් දක්වනවා විය හැකියි. මොකද නිදහස් හා එය මානසික වශයෙන් සැනසිල්ලක් වෙන්න පුළුවන්. ඒත් ඉතිං මේ වගේ ඉරියව්වකින් ඔහු හෝ ඇය ඔයාට ආදරය සෙනෙහස දක්වන්නේ නෑ කියලා නම් කියැවෙන්නේ නෑ.

06. The Leg Hug Position



මේ ඉරියව්වෙන් ඔයා නිදා ගන්නවා නම් එයින් ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් කියැවෙනවා. නිදා ගන්නා කාලය තුළ ඔයා කොතරම් නිදහසක් එහෙමත් නැත්තමත් නැත්තම් සැහැල්ලුවක් අපේක්ෂා කළත් ඔයාගේ සහකාරියගෙන් එහෙමත් නැත්තම් සහකරුවාගෙන් සම්පුර්ණයෙන් නිදහස්ව හුදෙකලාව නිදා ගැනීමක් පෙන්නුම් කරන්නේ නෑ. අතකින් එහෙමත් නැත්තම් කුකුලක් හෝ ඇය හෝ ඔහුගේ ගෑවෙන නොගෑවෙන විදිහට තමයි නිදා ගන්නේ. ඒ වගේම පහසු බව හා නිදහස් බව මෙන්ම ස්වාධීන බවත් මේ ඉරියව්වෙන් ප්‍රකාශ වෙනවා.

07. The Pursuit Position



මේ ඉරියව්වෙන්ද ගොඩක් අඹු සැමියන් නිදා ගන්නවා. මෙහිදි සිදු වෙන්නේ එක් පුද්ගලයෙකු විසින් අනිත් පුද්ගලයා දඩයම් කිරීමයි. මේ රූපයට අනුව නම් සහකරුවා තමයි යුවතිව දඩයම් කරලා තියෙන්නේ. මෙහෙම හිතන්නකෝ ඔයාගේ සහකරුවා ඇදේ එක් පැත්තක නිදා ගන්නවා කියලා. කුමන හෝ විරසක වීමකදීත් මේ දේ විය හැකියි. ඉතිං තරහා වෙලා ඉන්නේ එහෙමත් නැත්තම් පාඩුවේ ඉන්නේ සහකරුවා නම් ඔහුගේ සහකාරීය ඔහු වෙතට සමීප වෙනවා. මේ ඉරියව්ව ශරීර භාෂාවක් ඇතත්ටම. මොකද ඔයාගේ ස්වාමියා ඔයා එක්ක තරහා වෙලා ඉන්නවා නම් ඔයාට පුළුවන් මේ විදිහට ඔහු වෙතට සමීප වෙලා ඔහුව යාළු කර ගන්න.

08. Zen Style Position



ගොඩක් ආදර වන්තයින් මුලින් තමන්ගේ සහකරුවට සහකාරියට තුරුල් වෙලා නිදා ගත්තට ඉතිං පසුවට බොහෝ අයට නිදා ගන්න කැමති ඉරියව්ව වෙන්නේ මේ ඉරියව්ව. ඔයාටත් මේ ඉරියව්වෙන් නිදා ගත්ත අත්දැකීම් නම් ගොඩක් ඇති. මොකද බොහෝ දෙනෙක් විරසක වුණාම එහෙමත් නැත්තම් වලියක් ගියාම තමයි මේ විදිහට නිදා ගන්නේ. මේ ඉරියව්වෙන් නිදා ගැනීම තුළ නිදහස් බව, ස්වාධීනත්වය වගේම පෞද්ගලිකත්වය වැනි දේවල් සන්නිවේදනය වෙනවා.

09. The Cliffhanger Position



මේ නිදා ගැනීමේ ඉරියව්වත් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රි‍යතම ඉරියව්වක්. මෙවැනි ඉරියව්වකින් ඔයා නිදා ගන්නවා නම් ඇත්තටම ඔහු හෝ ඇය එක්ක කිසියම් හෝ අමනාපයක් තියෙන බව සන්නිවේදනය කරනවා. මෙවැනි අවස්ථාවක දෙදෙනාගෙන් එක් කෙනෙක් වත් එකිනෙකා වෙත හඹා යන්නේ නෑ. නමුත් සම්පූර්ණයෙන්ම එකිනෙකාගෙන් දුරස් වන්නේත් නෑ. සුළු වශයෙන් හෝ එකිනෙකාට සමීප වෙලා නිදා ගන්නවා. කෝපය, දුක, වේදනාව වගේම කලකිරීම ආදී හැගීම් මේ නිදා ගැනීමේ ඉරියව්ව මගින් ප්‍රකාශයට පත් වෙනවා.

10. Cherish Position



ගොඩක් ආදරවන්තයින් නිදාගැනීම සදහා භාවිත කරන ජනප්‍රිය ඉරියව්වක් වශයෙන් මෙම ඉරියව්ව හඳුනාගත හැකියි. මෙම ඉරියව්වේදී එකිනෙකා පිටුපසට සමීපව නිදා ගන්නවා. මෙම ඉරියව්වෙන් දෙදෙනා සැහැල්ලුවෙන් වගේම සමීපව නිදා ගන්න බව තමයි ප්‍රකාශ වෙන්නේ. එකිනෙකා දුරස් වීමක් මෙයින් පෙන්නුම් කරන්නේ නෑ. නිදහස හා සැහැල්ලුවෙන් නිදා ගැනීම තමයි මේ නිදා ගැනීමේ ඉරියව්වෙන් ප්‍රකාශ වෙන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1029 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:49 AM
Script:/article/1029/lovers-sleeping-positions.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:49 AM
Script:/article/1029/lovers-sleeping-positions.html