නිවසේ ඉන්න මේ කාලේ කොණ්ඩෙට ලේසියෙන්ම කරන්න පුලුවන් සත්කාරයක්

July 7, 2021
26,309
Easy Kumarika hair treatment you can do at home
මේ දවස්වල අපි හැමෝම වගේ ඉන්නේ ගෙදරට වෙලා. මේ නිසාම ගොඩක් දෙනෙක් ඉන්නේ හිතේ කරදරයෙන්. හැබැයි හැම කළු වලාකුළකම රිදී රේඛාවක් තියෙනවා කියලා කතාවක් තියෙනවනේ, අපිට පුළුවන් මේ ව්‍යසන අවස්ථාවේ මේ ලැබිලා තියෙන නිදහස් කාලය ගැනත් එහෙම හිතන්න .

ඉස්සර අපිට නිදහසක්, ස්වභාවික සත්කාරයක් කර ගන්න වෙලාවක් තිබුණෙම නැති තරම්. නමුත් දැන් බොහෝ දෙනෙක් කාර්යාලීය වැඩ කටයුතු කරන්නේ නිවසේ සිට. ඒ නිසාම කාර්යාලයට යෑමට ඒමට වැයවුණු වෙලාව සම්පූර්ණයෙන්ම ඔබට ඉතුරුයි. මේ ඉතිරි වන කාලය තමන්ගේ රුව ඔප් නංවන සත්කාරයක් සඳහා යොදාගන්න දැන් ඔබට පුළුවන්.

ඒ වගේම ඉස්සර බොහෝ දෙනෙක් කියපු කතාවක් තමයි එක එක තෙල් වර්ග ඔලුවේ ගාගෙන වැඩට යන්න බැහැ කියන කාරණාව. තෙල් ආලේප කරගෙන පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නට වීම ඇත්තටම කරදරයි. විවිධ සුවඳ සහිත තෙල් හිසේ ආලේප කරගෙන කාර්යාලයට යන්නත් බොහෝ දෙනෙක් කැමති වුණේ නැහැ. ඒ වගේම තෙල් ආලේප කලාම එන ඇලෙන සුළු ගතිය නිසා තෙල් එක්ක ගෙදරින් එළියට යන්න කවුරුත් කැමති නෑ. ඉතින් මේ කාලසීමාව අන්න ඒ ගැටලුවටත් හොඳ විසඳුමක් නේද? ගෙදරට වෙලා නිදහසේ රූපලාවණ්‍ය සත්කාරයක් කරගෙන වෙනදට වඩා තමන්ගේ රූපය ගැන සැලකිලිමත් වෙන්න ඔබට ලැබුණු හොඳ අවස්ථාවක් තමයි මේ.

ඒ වගේම බොහොමයක් දෙනා පුරුදු වෙලා ඉන්නවා රූපලාවන්යාගාරයකට ගිහින් මසකට වතාවක් හෝ දෙවතාවක් කොණ්ඩයට තෙල් සත්කාරයක් කර ගැනීමට, එය ඉතා වටිනවා. නමුත් පවතින කොවිඩ් අවධානම් තත්වයත් එක්ක රූපලාවන්යාගාරයකට යන එක මේ මොහොතේ ඔබේ සෞඛ්‍ය තත්වයට තර්ජනයක් වෙන්න පුළුවන් , ඉතින් රුපලාවන්යාගාරයකට ගිහින් ලබාගන්නා සත්කාරයට සමාන සත්කාරයක් ඔබේ කොණ්ඩයට නිවසේදීම ලබාගන්න පුළුවන් නම් එය ඉතා වටිනවා නේද ?

කුමාරිකා ඔයිල් කියලා කියන්නේ දශක ගණනාවක් තිස්සේ අපේ රටේ යුවතියන්ගේ විශ්වාසය දිනා ගත්, ගුණත්වයෙන් සහ ප්‍රමිතියෙන් අනූන හෙයාර් ඔයිල් වර්ගයක්. කුමාරිකා සඳහා යන SLS, NMRA තත්ව සහතික පවා හිමිවෙලා තියෙනවා. එකිනෙකාගේ හිස කෙස් වල ස්වභාවයන්ට ගැලපෙන ලෙස හෙයාර් ඔයිල් වර්ග කීපයක්ම කුමාරිකා පවුලෙන් නිෂ්පාදනය කරලා තියෙනවා.

මෑතකදී කුමාරිකා අලුත්ම හෙයාර් ඔයිල් එකක් හඳුන්වලා දුන්නා. මේ නිෂ්පාදනය තමයි Kumarika Therapy Range කියන්නේ. ඒක ඇත්තටම හරිම සුවිශේෂී තෙල් වර්ගයක්. එහි සුවඳත් බොහොම මෘදුයි. මේ හෙයාර් ඔයිල් එක සකසලා තියෙන්නේ හානි වුනු හිස කෙස් වලට සත්කාර කිරීමේ අරමුණින්මයි.

විශේෂයෙන්ම හිසකෙස් වියළී යාම, පහසුවෙන්ම කැඩීයාම, හිස කෙස් රළුවීම, හිසකෙස් අග පැලීම සහ කෙස් අවපැහැ ගැන්වීම යන ඩැමේජ් ලක්ෂණ සුවපත් කිරීමේ අරමුණින් තම මෙය නිපදවලා තියෙන්නේ. හානි වුනු හිසකෙස් වලට සුව ගෙන දීමට සමත් වන පොල් තෙල්, ආගන් තෙල්, එඬරු තෙල්, ආමන්ඩ් තෙල් සහ පොකුරු වද මල් සාරය කියන පෝෂ්‍ය අමුද්‍රව්‍ය වලින් තමයි මේ හෙයාර් ඔයිල් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ.

කුමාරිකා ඩැමේජ් රෙපෙයාර් තෙරපි සත්කාරයත් සමග ඔබට පුළුවන් නිවසේදීම අඩු වියදමකින් , ඉතා පහසුවෙන්, අඩු කාලයකදී ඔබේ කොණ්ඩයට වටිනා සත්කාරයක් සිදුකර ගැනීමට. මෙම සත්කාරය ඔබේ හිස්කබලට හා හිසකෙස් වලට ආලේප කර හොඳින් සම්බාහනය කර විනාඩි 20 ක් පමණ තිඛෙන්නට හැර සෝදා හැරීමෙන් ඉතා හොඳ ප්‍රථිපල ඔබටත් අත්දකින්න පුළුවන්.

Kumarika Therapy Range වල තියෙන වැදගත්ම දේ තමයි ලංකාවේ ප්‍රථම වරට හඳුන්වාදෙන පනාවක හැඩැති ඇප්ලිකේටර් එක, කොණ්ඩය අතරින් ගමන් කරමින් හිස්කබලටම තෙල් සත්කාරය කරගන්න ඒ නිසා හරිම ලේසියි. විශේෂයෙන්ම කැරළි කොණ්ඩයක්, ප්‍රමාණයෙන් වැඩි කොණ්ඩයක් තියෙන කෙනෙකුට වුනත් මේ ඇප්ලිකේටරය නිසා හරිම ලේසියෙන් ඉක්මණට ‍Hair Therapy Treatment එක කරගන්න පුළුවන්.
වඩාත් හොඳ ප්‍රථිපල සඳහා සතියකට දෙවතාවක් මෙම සත්කාරය සිදු කිරීම ප්‍රමාණවත් .

දිවයින පුරා පිහිටා ඇති වෙළඳසැල් වලින් මෙන්ම මේ වන විට සෑම සුපිරි වෙලඳසැලකින්ම මේ හෙයාර් ඔයිල් එක මිලදී ගන්න හැකියාව තියෙනවා, එහෙම නැත්තම් අන්තර්ජාලය හරහා ඇනවුම් කරන්නත් ඔබට පුලුවන්.
ඒ සඳහා පහත ලින්ක් එකට පිවිසෙන්න.

https://hemasestore.com/product/kumarika-therapy-range-damage-repair/

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2013 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:02:56 AM
Script:/article/2013/easy-kumarika-hair-treatment-you-can-do-at-home.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:02:56 AM
Script:/article/2013/easy-kumarika-hair-treatment-you-can-do-at-home.html