ඔබ blow-dry කරන්නද කොන්ඩය සෙට් කරන්නද අලංකාර කැරලි ලෙස සකස් කරන්නද.. මේ ඕනෑම හිසකෙස් මෝස්තරයක රසිකයෙක් වුණත්, ඔබට ඕනෑ වෙලාවට, ඕනේ විදිහට කොණ්ඩය ඉක්මනින් හදාගන්න පුලුවන් නම් ඒක නිසැකවම ඔබේ ජීවිතය පහසු කරවනවා! හෙයාර් ඩ්‍රයර් එකකින් ඒ ඕනෙම දෙයක් කරන්න පුලුවන් කියලා ඔබ දන්නවා. තිබ්බ හෙයාර් ඩ්‍රයර් එක දැන් යල් පැනලා නම් හෝ ඔබ පළමු වතාවට හෙයාර් ඩ්‍රයර් එකක් ගන්න ඉන්නවා නම් ඔබේ අවශ්‍යතාව අනුව වෙළඳපලේ ඇති හෙයාර් ඩ්‍රයර් වර්ග ගැන දැණුවත් වෙන එක හොඳයි..
මෙන්න ඔබේ දැනුවත්වීමට විවිධ වර්ගයේ හෙයාර් ඩ්‍රයර් වල ලැයිස්තුවක්...
Ceramic Hair Dryer (සෙරමික් හෙයාර් ඩ්‍රයර්)
මේ Ceramic Hair Dryer නම් සාම්ප්‍රදායික Hair Dryer වලට වඩා ටිකක් මිල අධිකයි. නමේ විදිහටම මේවායේ ඇතුළත සෙරමික් ආලේපනයක් ඇති අතර එමඟින් තාපය ඒකාකාරව බෙදා හැරීමට උපකාරී වෙනවා. මෙම Ceramic Hair Dryer එකෙන් තාපය හොඳින් නියාමනය කරනවා. ඒ වගේම කෙස් වියළීම සඳහා තාපය යොදන්නේ අඩුවෙන්. ඒ නිසා ඔබේ කෙස් වලට වන හානිය අවම වෙනවා. කැඩෙනසුලු හිසකෙස් ඇති අය සඳහා මේක ඉතාම හොඳයි.
Ionic Hair Dryer (අයනික් හෙයාර් ඩ්‍රයර්)
මෙම වර්ගයේ හෙයාර් ඩ්‍රයර් එකේ ඇති සෘණ ආරෝපිත අයන තෙත කොන්ඩයෙහි ඇති ධන ආරෝපිත ජල අණු බිඳ දැමීමට කරනවා. මේ නිසා හිසකෙස් වියළෙන්න යන කාලය අඩුයි. එපමණක්ද නෙමෙයි කෙස් වල කියුටිකල් (cuticle) විවෘත නොකරන නිසා ඍණ අයන හරහා ඔබේ කෙස් සිනිඳු නිමාවකට ගෙන එනවා.
Ionic hair dryers වෙනත් වර්ග වලට වඩා මිල අධිකයි. නමුත් ඒවා විශිෂ්ටයි. මොකද අඩු තාප සැකසුම් වලදී පවා ඔබට ඉක්මනින් හිසකෙස් වියළා ගන්න පුලුවන්. එයින් අදහස් කරන්නේ හිසකෙස් වලට වෙන හානිය අඩු බවයි. මේක කර්ලි කෙස් සඳහා විශේෂයෙන් හොඳයි.
Titanium Hair Dryer (ටයිටේනියම් හෙයාර් ඩ්‍රයර්)
මෙම ඩ්‍රයර් එකට ටයිටේනියම් තාපන දඟරයක් තියනවා. ඒවායින් සියලුම වර්ගවල හිසකෙස් ඉක්මණින් වේල ගන්න පුලුවන් වුණාට මෙයින් නිපදවන අධික තාපය නිසා සිහින් සහ හානියට පත් හිසකෙස් හෝ කෙටි කෙස් සඳහා ආරක්ෂිත නම් නෑ.
Tourmaline Hair Dryer (ටෝමලීන් හෙයාර් ඩ්‍රයර්)
මැණික් ගලක් වන Tourmaline වල pyroelectric සහ piezoelectric ගුණ සහිතයි. එයින් අදහස් කරන්නේ එයට බලය යොදන විට විද්‍යුත් ආරෝපණයක් ජනනය වන අතර අධෝරක්ත තාපය හා ඍණ අයන යන දෙකම විමෝචනය වෙනවා. Tourmaline Hair Dryer එකක් තුළ Tourmaline මැණික් වර්ගය තලා, ඩ්‍රයර් එකේ අභ්‍යන්තර කොටස්වලට සහ තාපය නිපදවන අංග මත භාවිතා කරනවා. මෙම යන්ත්‍රය Ceramic හා Ionic ඩ්‍රයර් වලට වඩා වේගවත් වෙනවා පමණක් නෙමෙයි ආරක්ෂිතයි ඒ වගේම මිල අධිකයි.