2022 වසර පිළිබඳව සුභදායි බලාපොරොත්තු තබාගත හැකිද..

January 3, 2022
6,317
Can we feel more hopeful in 2022?
2020 සහ 2021 වර්ෂයන් සමස්ථ ලෝකවාසීන්ටම ගෙන ආවේ එතරම් සුභදායි වාතාවරණයක් නොවේ.. ලොව බොහෝ රටවල් කොරෝනා ව්‍යවසනය හේතුවෙන් ආර්ථික හා සමාජීය් වශයෙන් බොහෝ ගැටළුකාරි තත්ත්වයන්ට මුහුණ දුන්නා.. ඒ සියල්ල පසුකරමින් අප දැන් 2022 වසරේ පළමු දින කිහිපයයි ගත කරන්නේ.. ඒ වගේම සියලු දෙනාගේම ඒකායන බලාපොරොත්තුව වී තිබෙන්නේ 2022 වසර සමස්ථ ලෝ වැසියන්ටම ඉතා සුභදායි වස‍රක් වීමයි.

2022 වසරේ කොරෝනා රෝගයට කුමක් සිදුවේදැයි අපේක්ෂා කල හැකිද..?

COVID-19 රෝගය සම්පූර්ණයෙන් පහව නොගියත් මේ වන විට කොරෝනා වෛරසයට එරෙහි පළමු ප්‍රති වෛරස් පෙති (antiviral pills) ඇතුළු එන්නත් ගණනාවක් සාර්ථක ලෙස භාවිතා කරනු ලබනවා.. එමෙන්ම ශ්‍රී ලංකාවේද වයස අවුරුදු 20ට වැඩි සියළු ජනයා ඉළක්ක ක‍ර ගනිමින් බූස්ටර් මාත්‍රාවක්ද එන්නත් කරමින් තිබෙනවා.. එමෙන්ම දැනට ලොවපුරා පැතිර යාමේ අවධානමක් තිබෙන ඔම්ක්‍රෝන් ප්‍රභේදයද (omicron variant) මිනිසුන් හට සුළු රෝග ලක්ෂන පමණක් ඇතිකරවන එතරම් භයානක නොවන සෙම්ප්‍රතික්ශා තත්ත්වයක් බවටයි විශේෂඥයන් අනුමාන කරන්නේ.. එමනිසා 2022 වසර අපට කොරෝනා මාරයා සමග සටන් කිරීමට අවි අත තිබෙන වසරක් වනු ඇතැ බවටයි බොහෝ දෙනා සලකන්නේ.

විශේෂයෙන් කොරෝනා ව්‍යවසනය හේතුවෙන් කාංසිය, මානසික අවපීඩන තත්ත්වයන්ට ගොදුරු වූ පුද්ගලයන්ටද ඉන් මිදීමට මෙම වසර තුළ හැකිවන වසරක් බවට සලකනවා. වසංගතයත් සමග සැමදෙනාම ඉගෙනගත් පාඩම් තුලින් ඉදිරිය සාර්ථක කරගත යුතුයි..

මානසික සෞඛ්‍යය කෙරෙහි සැලකිලිමත් විය යුතුයි

වසංගතයත් සමග අප දැඩි සෞඛ්‍යය මාර්ගෝපදේශයන් අනුගමනයට හුරු වූවා. ඇතැම් සෞඛ්‍යය නීතීන් අපට දිනකට දෙවරක් දත් මැදීම මෙන්ම සාමාන්‍ය වී තිබෙන නමුත් අපට මග හැරී ඇත්තේ අපගේ මානසික සෞඛ්‍යය කෙරෙහි සැලකිලිමත් විමයි. සෑම දිනකම අපගේ මනස පෝෂණය කිරීමට සැලකිලිමත් විය යුතුයි.. අධික ආතතියෙන් වැළකී මනස සන්සුන් කල හැකි ක්‍රියාකාරකම් හි නිරත විය යුතුයි. එමෙන්ම සුභවාදි ආකල්පයන් එක් රැස් කරගැනිමත් වැදගත් වනවා. ඔබ ඇවිදින විට, නිවසේ හෝ රැකියා කටයුතුවල නිරත වන විට පවා ඔබට මනස සන්සුන් වන කෘතවේදි හැඟීම් වර්ධනය කරගත හැකියි. උදාහරන ලෙස ඔබ ආහාර ගන්නා විටදී ඔබගන්නා ආහාර පිගානට පැමිණීමට පෙර ඒවා වගා කල ගොවීන්, නැතිනම් ඒවා නිපදවූ, අලෙවිකල සහ සකස් කල සියලු දෙනා කෘත්වේදී ලෙස සිහිපත් කල හැකියි. එය ඔබගේ හදවතට සහ මනසට අමෘතයක් වනවා .

ආතතිය කළමණාකරනය කරගත යුතු ආකාරය

ආතති මට්ටම 1 සිට 10 දක්වා පරිමාවකින් මැන බැලූ විට 7ට හෝ ඊට වැඩි අගයක් ගන්නා පුද්ගලයන් අවධානම් කලාපයක සිටින බවටයි වෛද්‍යවරුන් පවසන්නේ.. එවිට ඔබ වහාම ආතතිය කළමණාකරනය කරගත යුතුයි. ඒ සඳහා ඔබට පහත පියවරයන් අනුගමනය කල හැකියි. එය සරළව HELM යන කෙටි යෙදුමින් සැකසෙන ආකාරයක් ඇමරිකානු වෛද්‍ය විශේෂඥ‍යකු වන Elizabeth Lombardo පවසනවා..

H - Halt movement in your mouth : පසුවට පසුතැවෙන දේවල් පැවසීමෙන් සහ ආහාරයට ගැනීමෙන් වළකින්න.

E - Exercise : සිතට සතුටක් දැනෙන ආකාරයේ ව්‍යායාම් කරන්න.

L - Laugh : ප්‍රහසනය ගෙන දෙන වීඩියෝ නැරඹීම හෝ සිනහව ඇති කරන වෙනත් ක්‍රියාකාරකම්හි නිරත වන්න.

M - Music : සංගීතයට සවන් දීම අපගේ චිත්තවේගයන් කෙරෙහි ඉතා ප්‍රබල බලපෑමක් ඇතිකරනු ලබනවා.. එමනිසා මනස සන්සුන් කර ගැනීමට හැකි ආකාරයේ සංගීතයන් තෝරා ඊට සවන්දෙන්න.

ඉහත ක්‍රියාකාරකම් මගින් ඔබට රතු කලාපයෙන් ඉවත් වීමට හැකි වන අතර ඉන් පසුව නැවතත් මානසික ආතතියට ඔබ වෙලා ගැනීමට ඉඩ නොදී එය කළමණාකරණය කර ගැනීම වැදගත් වනවා. විශේෂයෙන් එවිට කොරෝනා වසංගතය නැවතත් හිස ඔසවමින් පවතින සමයක වඩාත් බලාපොරොත්තු සහගත ලෙස ධනාත්මක හැගීමකින් උදාවු නව වසර ගත කිරිමට අවශ්‍ය ශක්තිය ලබාදෙනු ඇත.. එයයි හැඩකාරි අපගේත් නව වසරේ ප්‍රාර්ථනාව..

ඉතින් උදාවු 2022 වසර හැඩකාරි ඔබ සියළු දෙනාට සුභ වසරක් වන්නට අපි ප්‍රාර්ථනා ගෙන එනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2116 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:54:16 AM
Script:/article/2116/can-we-feel-more-hopeful-in-2022.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:54:16 AM
Script:/article/2116/can-we-feel-more-hopeful-in-2022.html