පොඩි දරුවෙක්ගේ ඇඳුම් මිලදී ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු 06 ක්

August 25, 2018
5,706
6 tips how to choose clothing for infants
දෙමාපියන්ගේ ලෝකය දරුවන්. දරුවෙක් කුස පිළිසිද ගත්ත දවසේ ඉදලා හැම අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම සිහිනය තමන්ගේ දරුවාගේ ඉක්මනින් දකින්න. ඒ සිහිනය සැබැ වෙන්න කලින් අම්මා කෙනෙක් විදිහට ඔයා කොච්චර නම් දේවල් කරනවාද. දරුවා කුස තුළ වැඩෙන අතරතුරම තමයි ඔයා ඔයාගේ දරුවාගේ ඇඳුම් ටික ලෑස්ති කරගන්නේ. ඔයා දැනටමත් අම්මා කෙනෙක් නම් චුට්ටක් හිතලා බලන්නකෝ දරු ප්‍රසූතියටත් කලින් ඔයා හරි අපුරුවට නිල්පාට, රෝසපාට ඇඳුම් තෝරපු හැටි. දරු ප්‍රසූතියට පස්සේ ඔයාට ඕන හැමෝටම ලස්සනට පේන විදිහට ආකාර්ශනීයව දරුවාව තියා ගන්න. ඉතිං ඒ නිසා ඔයා ලස්සන ගැන හිතලා තමයි ඇඳුම් තෝරා ගන්නේ. ඇත්තටම ඔයා පුංචි දරුවනගේ ඇඳුම් තෝරා ගන්න එක ටිකක් කරන්න ඕන හරි පරිස්සටම. මොකද එහෙම නොවුණොත් ඔයාගේ දරු පැටියාව අපහසුතාවට පත් විය හැකියි. ඉතිං අද Hadakari වෙතින් කියන්න යන්නේ ඔයාගේ දරුවාගේ ඇඳුම් තෝරන විට අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ගැන. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ.

ඔයා දන්නවානේ තමන්ට ඇඳුමක් ගන්න එක ලේසි වුණත් වෙනත් කෙනෙක්ට ඇඳුමක් ගන්න එක නම් පහසු දෙයක් නෙමෙයි. ඒත් කුඩා දරුවන් ප්‍රතිචාරයක් නොදක්වන නිසාම ඔයා සැමවිටම ගුණාත්මක බවෙන් ඉහළ ඇඳුමක් ඔයාගේ දුව හෝ පුතා වෙනුවෙන් තෝරා ගන්න. දරුවෙක්ගේ මුල් මාස කිහිපය තුළ දරුවාට ඉතා පහසු ඇඳුම් තමයි ඔයා අන්දවන්න ඕනේ. මොකද තුනී නොමැති රෙදි වලින් නිමවු ඇඳුම් දරුවාගේ මෘදු සමට ගැළපෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි පහසුවෙන් ඉවත් කළ හැකි සහ අපහසුවකින් තොරව අන්දවන්න පුළුවන් ඇඳුම් මිලදි ගන්න අමතක කරන්න එපා. කුඩා දරුවෙක්ගේ මුල් මාස කිහිපය තුළ ඔයාට විටින් විට ඇදුම් මාරු කර අන්දවන්න වෙනවා කියලා ඔයා දන්නවානේ. ඉතිං හොඳම දේ වෙන්නේ ඇඳුම් කට්ටල කිහිපයක් සුදානම් කර ගෙන තිබීමයි.

තුනී රෙදි වර්ගයකින් මසා නිමකළ ඇදුම් තෝරා ගන්න

කුඩා දරුවෙක්ට ඇත්තටම ඕන වෙන්නේ සැරසිලි ඇඳුම් නෙමෙයි කියලා ඔයා දන්නවානේ. මොකද චුටි දරුවෙක්ගේ සිරුරට අවශ්‍ය වෙන්නේ සැහැල්ලු බව. ඒ නිසා සැහැල්ලු කපු ඇඳුම් තමයි වඩාත් ගැළපෙන්නේ. උණුසුම් කාලගුණයක් පවතින විටකදි පවා පහසුවෙන් භාවිත කළ හැකි වගේම සම ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයන්ටද ඔරොත්තු දෙන තුනී රෙදිවලින් මසා නිම කළ ඇඳුම් තෝරා ගන්න අමතක කරන්න එපා.

නිමාව ගැනත් සැළකිලිමත් වෙන්න

ඔයා හොඳින්ම දන්නවානේ ඇඳුම්වල ප්‍රමිතියට ලොකු කුඩා කියලා වෙනසක් නෑ. ඔයාගේ දරුවාගේ මුල් මාස කිහිපය තුළ සම ඉතාමත් සියුම්. ඉතිං ඔයා මිලදී ගන්න ඇඳුම්වල නිවැරදි නිමාව ඉතාමත් වැදගත්. මොහෙම හිත්නනකෝ ඔයා ගන්න ඇඳුමේ බාගෙට මහලා තියෙන මැහුම් වගේම වාටීවල නිමාව ගැනත් අවධානය යොමු කරන්න.

විසිතුරු බවට මුලිකත්වය දෙන්න එපා

ලස්සන ඇඳුමක් ඇන්දුවම ඔයාගේ දරුවා ඉතාමත් ආකාර්ශනීය බවක් එකතු වෙන එක සැබෑවක්. නමුත් විවිධ මල් වර්ග, රිබන් වර්ග, පර්ල්ස්, බොත්තම්, ස්වික්වින්ස්, රේන්ද වැනි අමුද්‍රව්‍යය භාවිත කරලා මහලා තියෙන ඇඳුම් දරුවාගේ මුල් කාල සීමාව තුළ භාවිත කරන්න එපා. මොකද එයින් ඔයාගේ දරුවාට අනවශ්‍ය ආකාරයේ අනතුරක් වුණත් විය හැකියි. ඒ වගේම දරුවාට එය ඉතාමත් අපහසුයි. නිරන්තරයෙන් දරුවාව සැහැල්ලු ඇඳුමක් අන්දවලා තියන්න අමතක කරන්න එපා.

භාවතා කිරීමේ පහසුව ගැන හිතන්න

දරුවාට ඇන්දවීමේ පහසුව මෙන්ම ඔයාට භාවිත කිරීමේ පහසුව ගැන අවධානය යොමු කිරීමත් ඉතාමත් වැදගත්. මොකද ඔයා දරුවාව නිවසෙන් එළියට රැගෙන යන අවස්ථාවක දරුවාගේ ඇඳුම් රැගෙන යන්න පහසු විය යුතුයි. ඒ නිසා පහසුවෙන් ඇසුරුම් කළ හැකි ඇඳුම් දරුවන්ගේ කුඩා කාලයේදි භාවිත කිරීම ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට නැප්කින් ඔයා මිලදි ගැනීමේදී ඒවායේ ගුණාත්මක බව වගේම නැපි මාරු කිරීමේ පහසුව ගැන හිතන්න. විශේෂයෙන්ම දරුවාගේ යට ඇඳුම් මිලදී ගැනීමේදී විසිතුරු බව ගැන අවධානය යොමු කරන්නේ නැතුව දරුවාගේ පහසු බව ගැන හිතලා ඇදුම් තෝරා ගන්න.

ඇඳුම් පිරිසිදු කිරීමේ පහසුව

ගොඩක් වේලාවට අලුත උපන් දරුවාගේ ඇඳුම් නිරන්තරයේන් වෙනස් කරන්න සිදු වෙනවානේ. ඉතිං මේ ඇඳුම් සෝදා පිරිසිදු කිරීම පහසු විය යුතුයි. වැසි සහිත කාලගුණයකදි පවා ඉක්මනින් වියළවා ගැනීමට පහසු ඇඳුම් තෝරා ගන්නවා නම් ඔයාට පහසුවක් වේවී.

ඇඟට ටිකක් වැඩියෙන් තියෙන ඇඳුම් මිලදි ගන්න

පුංචි දරුවන් ඉක්මනින්ම වැඩෙනවානේ. ඉතිං ඔයා මිලදි ගන්න ඇඳුම සුළු කාලයක් හෝ ඉදිරියට අන්දන්න පුළුවන් විදිහට තෝරා ගන්නවා නම් වඩාත් හොඳයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඇඟට හිර ඇඳුම් ඇන්ද වීම නුසුදුයි. එය ඔවුන්ට ශරීරයට අපහසුවක් විය හැකියි. ඒ නිසා ඔයාගේ දරුවාගේ ඇඟට චුට්ටක් වැඩිපුර තියෙන ඇඳුමක් මිලදි ගත්තට කමක් නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1043 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:21:57 AM
Script:/article/1043/6-tips-how-to-choose-clothing-for-infants.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:21:58 AM
Script:/article/1043/6-tips-how-to-choose-clothing-for-infants.html