එන්නත් ලබාගැනීමෙන් පසු අත රිදෙන්නේ ඇයි?

November 8, 2021
6,536
Why does the arm hurt after vaccinations?
ඉන්ෆ්ලුඑන්සා එන්නත වැනි බොහෝ රෝගයන් වැළැක්වීම සඳහා ලබාදෙනු ලබන එන්නත් ලබාගැනීමෙන් පසු එම බොහෝ දෙනෙකු තුල යම් යම් අතුරු ආබාධ ඇතිවනවා.. තෙහෙට්ටුව, හිසරදය හෝ මාංශ පේශි කැක්කුම, මෘදු උණ වැනි රෝග ලක්ෂණ සමග එන්නත ලබා දුන් ස්ථානයේ වේදනාව, ඉදිමීම හෝ රතු පැහැ වීම දැකිය හැකි‍යි.. මෙවැනි අතුරු ලක්ෂන නිසාම බොහෝ දෙනා එන්නත් ලබාගැනීම සඳහා බියක් දක්වනවා.. එවැනි කුඩා ඉදිකටුවකින් එන්නත් කලත් මෙවැනි වේදනාකාරි අත්දැකීම් ලැබෙන්නේ ඇයි දැයි ඔබටත් ගැටළුවක් ඇති.

බොහෝමයක් එන්නත් අභ්‍යන්තර මාංශ පේශීන් වෙත ලබාදෙන අතර intramuscular vaccine ලෙස හඳුන්වනු ලබනවා.. එය ඔබේ අතේ මාංශ පේශිවලට කෙලින්ම එන්නත් කරනු ලබනවා. එමනිසා අතේ මාංශ පේශීය සිදුරුවන අතර මාංශ පේශීන්වල වේදනාවක් සහ කම්පනයක් ඇතිවීමත් එන්නත් කිරීමෙන් පසු ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එන්නත සමග ප්‍රතික්‍රියා කිරීම ඇරඹීමත් වේදනාව සමග උණ ඇතිවීමට හේතුවනවා.

සියලුම ආකාරයේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමෙන් වේදනාව ඇතිවනවාද..?

සියලුම එන්නත් ලබාගත් විට වේදනාව ඇති නොවේ. එන්නත එන්නත් කරන ආකාරය සහ අභ්‍යන්තර මාංශ පේශි එන්නත් වන ඉන්ෆ්ලුවෙන්සා, COVID-19, හෝ ටෙටනස් එන්නත වැනි එන්නත් චර්මාභ්‍යන්තර එන්නත් වන සරම්ප-මැම්පස්-රුබෙල්ලා-වරිසෙල්ලා එන්නත (MMRV) ලබාගැනීමට වඩා වේදනාකාරි විය හැකියි. එන්නතකින් පසුව රෝග ලක්ෂණ ඇතිවීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා.

එන්නත ලබාගැනීමට පෙර අතේ වේදනාව වළක්වා ගත හැකි ක්‍රම තිබේද..?

එන්නතින් පසු අතේ ඇතිවන වේදනාව වළක්වා ගැනීමට මෙතෙක් නිශ්චිත ක්‍රමයක් හඳුනාගෙන නොමැති වුවත් එන්නත ලබාගැනීමට පෙර යම් යම් වේදනානාශක ඖෂධ ලබාගැනීමෙන් වේදනාව අඩුකර ගත හැක. නමුත් මෙවැනි ඖෂධ මගින් එන්නතේ ඵලදායිතාවය සඳහා බාධා එල්ලවිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

එන්නත දෙන අවස්ථාවේ අතේ මාංශ පේශීන් තද නොකර මාංශ පේශීන් හැකිතරම් ලිහිල් කිරීම මගින් වේදනාව අඩුකර ගත හැකියි. එමෙන්ම ඔබ වැඩි වශයෙන් භාවිතා නොකරන අතට එන්නත ලබා ගැනීම මගිනුත් වේදනාව අඩුකර ගත හැකියි.. එහිදී ඔබ වමත් කරුවකු නම් දකුණු අතටද ඔබ දකුණත් කරුවකු නම් වම් අතටද එන්නත ලබාගැනීම සුදුසූයි.

එන්නත ලබාගත් පසු වේදනාව අඩුකරගත හැකි ක්‍රම තිබේද..?

එන්නත ලබා ගැනීමෙන් පසු අත චලනය කිරීම සුදුසු බවට ඔබටත් උපදෙස් ලැබී ඇති අතර එය වේදනාව අඩුකරගැනීමට උපකාරි වන බවයි වෛද්‍යවරු පවසන්නේ.. විශේෂයෙන් එන්නත ලබාගැනීමෙන් පසු අත චලනය කරන විට අතෙහි රුධිර සංසරණය නිසි පරීදි ක්‍රියා කරන අතර ප්‍රතිශක්තිකරන පද්ධතියට ඖෂධය ලබාගැනීමට පහසුවනවා.

එමෙන්ම එන්නත ලබාදුන් ස්ථානයට අයිස් තැබීම මගිනුත් වේදනාව සඳහා සහනයක් ලබාගත හැකි අතර එයිනුත් සහනයක් නොලැබේ නම් වේදනානාශක ඖෂධයක් ලබාගත හැකියි. එමෙන්ම එන්නත ලබාදුන් ස්ථානයේ කුඩා කැළලක් වැනි තුවාලයක් ඇතිවීම කලබල විය යුතු දෙයක් නොවන අතර එය එන්නත සඳහා ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිචාර ලබාදෙන බවට දැක්වෙන සළකුනක් ලෙස හැදින්විය හැකියි.. නමුත් දිගින් දිගටම අධික වේදනාව, අධික උණ හෝ වෙනත් රෝග ලක්ෂණයක් ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ක්‍රියා කල යුතු වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2086 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:18:37 AM
Script:/article/2086/why-does-the-arm-hurt-after-vaccinations.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:18:37 AM
Script:/article/2086/why-does-the-arm-hurt-after-vaccinations.html