තිත තියපු ආදර කතාවක් යාළුකමක් විදිහට පවත්වාගෙන යන්න එපා කියන්නේ ඇයි?

September 20, 2018
11,736
Think twice if you want to remain friends after a break up
ආදරය කියන්නේ සුන්දර අත්දැකීමක් කියලා හැඩකාරී අපි කිවොතින් ඔයා අපිත් එක්ක එකඟ වෙන්නත් නොවෙන්නත් පුළුවන්. සමහර විට එකඟ නොවී එකඟ වෙන්නත් තියෙන ඉඩකඩ වැඩියි. මොකද ආදරය කරන හැමෝමට ඒ අත්දැකීම සුන්දරතම, මිහිරිතම අත්දැකීමක් බවට පත් වෙන්නේ නෑ. ආදරය විඳින වගේම ආදරය නිසා විදවන පෙම්වතුන්, පෙම්වතියන්ද අපි අතරේ ඕනෑ තරම් ඉන්නවා. ආදරය සුන්දර අත්දැකීමක් වුණත් ඒ අත්දැකීම සුන්දරව බුක්ති විඳින්න ලැබෙන්නේ අතළොස්සකට විතරයි. ගොඩක් කැමැත්තෙන්, ලෙංගතුකමෙන් පටන් ගන්න ආදර කතාවලට කණකොකා හඬන්න පටන් ගන්නවා. විවිධ හැල හැප්පීම්, බාධක මැද තවත් දුර යන්න බැරි නිසා ගොඩක් දුර යන්න හිතාගෙන හීන මැවුව ආදර කතාවට තිත තියනවා. ඉතිං කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ආදර කතාවට තිත තියන්න වෙන එක ඇත්තටම ආදරය කරපු දෙන්නෙක්ට දුකක්, වේදනාවක් කියලා අපි ඔයාට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නෑනේ. ඉතිං ඔයා ඊට පස්සේ මොකක්ද කරන්නේ හොඳම යාළුවෝ විදිහට ඉන්න තීරණය කරනවා. දැන් ඔයාලා ආදරවන්තයෝ නෙමෙයි හොඳම හොඳ යාළුවෝ විතරයි. ආදරය යටපත් වෙලා සැබෑ යාළුකම ඉස්මතු වෙයිද? එහෙම නැත්තම් හිත රවට්ටවා ගැනීමක් විතරක් වෙයිද?

තේරුමක් නැති යාළුකමක් වෙයි

මොනයම් හෝ හේතු සාධක නිසා ඔයාලා දෙන්නාගේ ආදර කතාව ඉදිරියට පවත්වාගෙන යන්න හැකියාවක්, අවස්ථාවක් ලැබෙන්නේ නැති නම් ඉතිං ඔයාට තියෙන පිළියමක් තමයි ආදර කතාවට තිත තියන එක. ඉතිං සම්බන්ධතාව නැවත්තුවාට පස්සේ හොඳම හොඳ යාළුවෝ විදිහට ඉමු කියලා තීරණයකට එළැඹුණත් හැඩකාරී අපිට අනුව නම් ඔයා පොඩි කාලයක් ඒ සම්බන්ධතාවයෙන් ඈත් වෙලා ඉන්න එක තමයි හොඳම දේ වෙන්නේ. මොකද ඔයාලා දෙන්නා කාලයක් ආදරය කරලා ඒ බැදීම එක පාරටම යාළුකමක් බවට පත් කර ගන්නවා කියන කතාව ටිකක් විතර කරන්න අමාරු දෙයක්. ආදරය කරන කාලයේ තිබුණු සිතුම් පැතුම් ඒ අයුරින් පවත්වාගෙන යන්න ඔයාලා දෙන්නම උත්සාහ කරනවා. සමහරවිට ඔයාටත් නොදැනීම ආපහු ආදරය කරන්න පටන් ගන්නවා. ඉතිං යාළුකමයි හරියට පවත්වා ගන්න හැකියාවක් එයින් ලැබෙන්නේ නෑ.

අලුත් පාරක යන්න බැරි වෙයි

පරණ ආදර කතාව ඉවර වුණා කියලා හැමදාම ඔයාට ඒ ගැන දුක්වෙවී ඉන්න බැහැනේ. ඔයාලා දෙන්නාම කොහෙන් හෝ තැනකින් නැවත ජීවිතය පටන් ගන්න ඕන. ඒත් හිටපු පෙම්වතා, පෙම්වතිය එක්ක හොඳම යාළුවෙක් විදිහට ඔයාලා දෙන්නා අතර තියෙන බැදීම තවදුරටත් පවත්වාගෙන ගියොත් ඔයාලා දෙන්නාටම අලුත් පාරක යන්න ටිකක් විතර අසීරු වෙයි. මොකද ඔයා පරණ පුරුදු, හැසීරීම් ඒ විදිහටම පවත්වා ගන්න උත්සාහ කරයි ඔයාලා දෙන්නාටත් නොදැනීම. හැඩකාරී අපි ඔයාට කියන්නේ ඔයාට අලුත් පාරක යන්න ඕන නම් පරණ සම්බන්ධතාවයෙන් චුට්ටක් ඈත් වෙලා ඉන්න. කාලය එක්ක ඔයාට මේ සියල්ල හොඳින් විසඳා ගන්න පුළුවන් වෙයි. අපි ඔයාට කියන්නේ ඔයා ආදරය කරපු කෙනා එක්ක තරහා වෙන්න හෝ ඔහුට හෝ ඇයට වෛර කරන්න කියලා නම් නෙමෙයි. දෙපැත්තට වෙලා ටික කාලයක් ඉඳලා මනස හදා ගන්න. එතකොට අලුත් පාරක යන්න ඔයාලා දෙන්නටම පුළුවන් වෙයි.

ආදරය අලුත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි

විවිධ හේතු සාධක නිසා වෙන් වෙලා යන්න සිදු වුණත් ඔයාලා දෙන්නාගෙන්ම ආදරය සම්පුර්ණයෙන්ම නැති වෙලා යනවා කියලා ඔයාට හිතට එකඟව කියන්න බෑනේ. ඉතිං දිගින් දිගටම කතා කරාම වෙන්නේ පරණ විදිහටම ආදරය කරන්න පටන් ගන්න එක. ඔහු හෝ ඇය ගැන හොයලා බලන එක. හිතට එකඟව ඔයාලා දෙන්නාට දුර ගමනක් යන්න අමාරු නම්, ඒ බැදීමට තිත තියන්න වෙනවා. ඊටත් පස්සේ යාළුවෝ වගේ ඉමු කියලා තීරණය කළත් එයින් වැඩකට ඇති දෙයක් නම් වෙන්නේ නෑ. මොකද පරණ විදිහටම ආදරය කරන්න පෙළඹෙන්න තියෙන ඉඩකඩ වැඩියි එතකොට. අන්න ඒ නිසා යාළුකම ආපහු ආදරයක් බවට පත් වුණොත් අපාහු ඔයාට වෙන්නේ පරණ විදිහටම දුක් වෙන්න. පසු තැවෙන්න.

තේරුමක් නැති වැඩක්

ආදර සම්නබන්ධතාවකට සමු දුන්නාට පස්සේ යාළුකමක් විදිහට හරි ඔයා තවදුරටත් ඒ සම්බන්ධතාව තියා ගන්නවා කියන්නේ ඔයාගේ හිත රිදෙන්න තියෙන අවස්ථාව ඉතාමත් වැඩියි. ඔයාගේ හිත දන්නවා ඔයාට ඒ බැඳීම පවත්වා ගන්න අසීරුයි කියලා. ඉතිං ඔයා ආපහු ඒ බැදීම ඔයාට අයිති නෑ කියලා දැනෙන කොට දුකක් වේදනාවක් ඇති විය හැකියි. ඉතිං එහෙම යාළුකමක් තියා ගන්න එක තේරුමක් නැති වැඩක්. හොඳම දේ තමයි ඔයා ඒ බැදීමෙන් ටික කාලයක් දුරස් වෙලා ඉන්න එක.

තවත් බැඳීමක් සාර්ථකව පවත්වා ගන්න බැරි වෙයි

ආදරයේදී අපි හැමෝම ආත්මාර්ථකාමීයි. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. ආදරය කරන කාලයේදී ඔයා හිතන්නේ ඒ ආදරය තමන්ගේම විතරයි කියලා. ඉතිං ඔයා පරණ සම්බන්ධතාවට තිත තියලා ඔයා අලුතින් සම්බන්ධතාවක් පටන් ගන්නවා කියලා හිතන්නකෝ. ඉතිං ඔයා අලුතින් පටන් ගත්ත සම්බන්ධතාව පවත්වාගෙන යනකොට පරණ පෙම්වතා හෝ පෙම්වතිය එකක් මිතුරු සම්බන්ධතාවක් පවත්වාගෙන යනවට ඔහු හෝ ඇය කැමති වෙයිද? අතේ ඇඟිලි 05 ම එක විදිහට නෑ කියලා ඔයා දන්නවානේ. අන්න ඒ නිසා සමහර දේවල් එකිනෙකා තේරුම් ගන්න විදිහ, අර්ථකථනය කරගන්න විදිහ එකිනෙකට වෙනස්. ඔයා පරණ පුරුද්දටම ඔහු හෝ ඇය එක්ක මිත්‍ර සබඳතාවක් පවත්වාගෙන යාම අලුත් සම්බන්ධතාව පවත්වාගෙන යාමට බාධවක් වේවී. ඒ නිසා තිත තියපු ආදර කතාවක් යාළුකමක් විදිහට පවත්වාගෙන යන්න කලින් දෙපාරක් හිතන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,891
   62

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
10 symptoms shows you are pregnant
   55,659
   51

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to manage your money
   8,047
   41

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
How to reduce under arm sweating
   26,050
   27

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
5 skin care tips for your neck
   47,415
   25

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed