තරාදිය කුමක් පැවසුවත් ඔබ නිරෝගි බව පැවසෙන සලකුනු 10ක්

November 10, 2021
5,009
10 signs to show you are healthy
නිරෝගි සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන බොහෝ දෙනා බර පිළිබඳව වැඩි අවධානයක් යොමුකරනු ලබනවා.. විශේෂයෙන් ශරීර ස්කන්ධ දර්ශකය (BMI index) පවසන අගය පිළිබඳව වද වෙමින් දිනපතා, සතිපතා සිරැරේ බර මනිමින් ඒ පිළිබඳව සැලකිලිමත් වනවා.

කෙසේනමුත් ඔබගේ සිරැරේ බර සම්බන්ධව ඔබගේ තරාදිය කුමක් පැවසුවත් ඔබගේ නීරෝගි බව ආරක්ෂා වී ඇතිදැයි මැනිය හැකි ක්‍රමයන් බොහෝමයක් තිබෙනවා.

1. දිනපතා මලපහ කිරීම
දිනපතා නිසි පරිදි මලපහ කිරීම ආහාර ජීර්ණ පද්ධතියට මෙන්ම සමස්ථ ශරීරයේම සෞඛ්‍යය කෙරෙහි එකලෙස වැදගත් වනවා. එමගින් ඔබගේ ශරීරයෙ ඇති විෂ ඉවත්කර ප්‍රදාහයන් ඇතිවීම වළක්වාලනවා.. නමුත් ඔබගේ මලපහ අධික ලෙස වියළි හෝ බුරුල් සහ ලේ සහිත නොවිය යුතුයි.

2. මුත්‍රාවල පැහැය
ඔබගේ ශරීරයට නිසි පරිදි ජලය ඇතුලු දියර වර්ග ලැබෙනවා නම් සිරැර සජලීයව පවතින අතර මුත්‍රාවල පැහැය අවර්ණ හෝ ලා පැහැති වනවා.. එය ඔබේ ශරීරය නිරෝගි බවට හෙළිවන කරුණක්. විශේෂයෙන් ඔබගේ වකුගඩුවල ක්‍රියාකාරිත්වය නිසි පරිදි තිබෙනවා.. නමුත් ඔබගේ මුත්‍රා ඉතා තද පැහැති නම් එය ඔබගේ ශරීරය වියළී ඇති බව අඟවනවා..

3. ඔසප් චක්‍රයේ නිසි ක්‍රියාකාරිත්වය
සාමාන්‍ය ඔසප් චක්‍රය දින 21 සිට 35 දක්වා ඕනෑම අවස්ථාවක සිදුවිය හැකියි. කාන්තා ඔබගේ ශරීරයේ ප්‍රජනන පද්ධතිය නිරෝගි නම් ඔබට මාසිකව දින දෙකේ සිට 7 දක්වා පවතින ඔසප් වීමක් තිබීම වැදගත් වනවා.

4. චිත්තවේගි ආවේගයන් පාලනය
අපගෙ මනස නිරෝගි නම් අපට නිසි පරිදි චිත්තවේගි ආවේගයන් පාලනය කරගත හැකියි.. නමුත් ඔබ විවිධ හේතූන් නිසා මානසික ආතතියෙන් පීඩා විදිනවා නම් නිසිපරිදි මනෝ වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

5. පැහැදිලි සම
කුරුලෑ ඇතිවීම, අධික වියලි ඉරිතැලී ගිය සම වැනි සමේ ගැටළු තිබේනම් එය ඔබගේ සිරැරේ විශාලම ඉන්ද්‍රියවන සමේ යම් සෞඛ්‍යය ගැටළුවක් ඇති බව හෙළි කරනවා.. එමනිසා පැහැදිලි සමක් තිබීම නිරෝගි සෞඛ්‍යයක් සඳහා වැදගත් වනවා.

6. දෛනික ව්‍යායාම්
ඔබ නිරෝගි නම් දිනකට අවම විනාඩි 10 ක් පමණ හෝ සිරැර චලනය වන ආකාරයේ ව්‍යායාම් හි නිරතවනවා නම් ඔබට ඔබගේ නිරෝගිභාවය ගැන සහතික විය හැකියි.

7. කල්පනාවෙන් ආහාර ගැනීම
ඔබ ශරීරයට අවශ්‍ය සියළු පෝශ්‍ය පදාර්ථ අඩංගු සමබර ආහාර වේලක් ගන්නවා නම් සහ ප්‍රමාණය ඉක්මවා අධිකව ආහාර ගැනිමෙන් වැළකි සිටිනවා නම් නිරෝගි සෞඛ්‍යයක හිමිකාරියකි.

8. හොඳ මිතුරන් සිටීම
පර්‍යේශනයන්ගෙන් හෙළිව ඇති ආකාරයට හොඳ මිතුරන් සිටීම නීරෝගි සෞඛ්‍යයක් කෙරෙහි වැදගත් වනවා. එසේනම් කල්පනාකර බලන්න ඔබට කොතරම් හොඳ මිතුරන් සිටිනවාද කියා.

9. කලාතුරකින් අසනීප වීම
ඉඳහිට උණක් සෙම්ප්‍රතික්ශාවක් වැළදීම ඉතා සාමාන්‍ය නමුත් ඔබ නිතර නිතර අසනීපවලට ගොදුරු නොවී සෞඛ්‍යය සම්පන්න ලෙස සිටීම ඔබට නිරෝගි ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත බවට හොඳ සළකුණකි. එසේ නොවේ නම් ඔබගේ සෞඛ්‍යය සම්බන්ධව ඔබ දැඩිව සැලකිලිමත් විය යුතු වනවා.


10. සුවදායි නින්දක් ලැබිම
ඔබට ඇඳට වැටුණු පසු හොඳින් බාධාවකින් තොරව නින්දට පිවිසිය හැකිනම් ඔබ නිරෝගි ශාරිරික සහ මානසික සෞඛ්‍යයකින් යුතු වනවා.. එසේ නොමැතිව නින්ද සම්බන්ධ ගැටළු තිබේ නම් වහා එයට හේතුව සොයා ප්‍රථිකාර ලබාගත යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

The fastest way to relieve bloating
   6,861
   56

බඩ පිපීම නිසා ඔබත් නිතර නිතර පීඩාවට පත්වනවාද? එසේනම් මෙන්න පහසුවෙන් සුවය ලබාගත හැකි ක්‍රම

ඉක්මන් ක්‍රම නැතිව බඩ පිපුම පාලනය කරන්න මේ ක්‍රම ටික කරලා බලන්න..
10 symptoms shows you are pregnant
   54,170
   34

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Food to regulate your menstrual circle
   47,061
   18

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
These signs may be saying that you have cholesterol
   41,170
   17

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය
Are you aware of dry cracked feet?
   18,102
   15

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed