විලාසිතා කරද්දී කාන්තාවන් එක දෙයකට දෙකකට සීමා වෙන්නේ නැහැනේ. කොණ්ඩය, ඇඳුම්, පැළඳුම්, ආභරණ වගේම විවිධ විලාසිතා වල පාවහන් තෝරා ගන්නත් පෙළඹෙන්නේ ඒ නිසා. කොහොම උනත් විලාසිතා කරද්දී අපි සුන්දරත්වය වගේම තමන්ට ඒ විලාසිතාව ගැලපෙනවද නැද්ද, ශරීර සෞඛ්‍යට අහිතකර විදියට බලපානවද කියන එක ගැනත් හිතන්න ඕනෑමයි.
උස් අඩි පාවහන් තෝරා ගැනීමත් පැළඳීමත් ඒ වගේ දෙවරක් සිතිය යුතු කාරණාවක්. ඒ මඟින් ඔබේ සුන්දරත්වය වැඩි කරනවා වුනත් එයින් ඔබ නොදැනුවත්වම ඔබට හානියකුත් වෙනවා. දවසේ වැඩි වෙලාවක් උස් අඩි සහිත පාවහන් පැළඳීම ශරීර සෞඛ්‍යට අහිතකරයි. ඒ වගේම දිගු කාලීනව උස පාවහන් පැළඳීම නිසා මේ වගේ රෝගී තත්ත්වයන ඇති වී ඔබේ සෞඛ්‍ය පිරිහීමට ලක් වෙන්න පුළුවන්.
දිගු කාලීනව උස අඩි පාවහන් පැළඳීම නිසා දෙපා වල වේදනාව ඇති වෙන්න පුළුවන්. උස අඩි පාවහන් පැළඳිමේදී දෙපාවල හැඩය තරමක් වෙනස් වනවා. වගේම සිරුරේ බර සමබර කර ගැනීමට අපහසු වෙනවා. ඒ වගේම කකුලේ කෙණ්ඩා ප්‍රදේශයේ තිබෙන මස්පිඩු ඇදීමට ලක් වෙන්න පුළුවන්. කෙණ්ඩ පෙරලීම වැනි තත්වයන්ටද මෙය හේතු වෙනවා.
විශේෂයෙන් තරබාරු කාන්තාවන් සහ බරින් වැඩි කාන්තාවන් උස අඩි පාවහන් පැළඳීම මේ තත්වයන් බරපතල ලෙස ඇති වෙන්න හේතුවක්. එවැනි කාන්තාවන්ට මේ කිව්ව කකුල් වල වේදනාවක් ඇති වීමේ වැඩි ප්‍රවනතාවයක් පවතිනවා. සිරුරේ මුළු බරින් විශාල ප්‍රමාණයක් දරා සිටින්නේ දෙපාවල ඇඟිලි සහිත කොටස නිසා එය ඇඟිලි වලටත් අහිතකර විදියට බලපානවා.
උස අඩි සහිත පාවහන් දිගු කාලයක් පැළඳ සිටීම දෙපා වල වේදනාව වගේම කොන්දේ වේදනාවන් ඇති කරන්නත් මුල් වෙනවා. පාවහන් පැළඳ ඔබ වැඩි වෙලාවක් සිට ගෙන සිටීම කොඳු ඇට පෙලට හානි කරයි. ඒ වගේම උස අඩි පාවහන් වලින් ඔබේ සිරුරේ බර සමබර කර ගැනීමට ඔබේ යටි පතුල් වලට සහයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කොන්ද ප්‍රදේශයේ ආබාධ ඇති කරන්න එය එක හේතුවක්.
දණහිස් අමාරුව මේ නිසා ඇති වන තවත් ප්‍රශ්නයක්. උස අඩි පාවහන් පැළඳ ඇවිදීමෙන් දණහිසට දැරිය යුතු බර ප්‍රමාණය වැඩි වෙනවා වගේම දණහිස වැඩි පුර නවන්න වෙනවා. ඒ මඟින් දණහිසේ වාරුව හා සමබර බව බිඳ දමනවා. මේ නිසා පසුකාලීනව දණහිසේ සහ උකුළ ප්‍රදේශයේ අබාධ ඇති වන්න පුළුවන්. ඒ වගේම උස අඩි පාවහන් පැළඳීම නිසා පාදයේ ඇති වන පීඩනය රුධිර වාහිනී වලට අයහපත් ලෙස බලපානවා.
උස අඩි පාවහන් පැළඳිම පාදයේ නියපොතු වර්ධනය බාල කිරීමටත් හේතුවක් වෙනවා. උස අඩි පාවහන් පැළඳිමේදී නියපොතු තදින් තෙරපිමට ලක්වීම නිසා නියපොතු වලට එය හානි කරනවා.
සිරුරේ සියලුම බර දරා සිටින යටි පතුල් වලට උස පාවහන් ඉතාමත් අහිතකරයි. පාදයේ අසාමාන්‍ය තත්ත්වයන් ඇති කරන්න, පාදයේ විකෘතිතාවයන ඇති කරන්න රුධිර නාල ක්‍රියාකාරිත්වය අඩපණ කරන්න එයට පුළුවන්.
ඒ වගේම පාදයේ පතුල වක්‍රාකාරයි. සිටගෙන සිටින විට සමානුපාතිකව ශරීරයේ බර පාද වලට බෙදී යනවා. උස අඩි සපත්තු පැළඳිමේදී විලුඹ පාදයේ අනෙක් කොටස් වලට වඩා උසින් පිහිටන නිසා ශරීරයේ බර පාදයේ ඉදිරිපසට හා ඇගිලිවලට ගමන් කරනවා. මෙය ශරීරයේ සමතුලිත තාවය බිඳ වැටෙන්න හේතු වෙනවා. තවත් දෙයක් තමයි මේ නිසා කකුලේ හැඩය සපත්තුවේ හැඩයට අනුව වෙනස් වෙනවා. කකුලේ හැඩය වෙනස් වෙන්නත් කකුල් ඉදිමීමට ලක් වෙන්නත් උස අඩි පාවහන් බලපානවා.