ලේසියෙන්ම ඉතිරියයි රසයි දෙකම තියෙන්න ලුණු දෙහි

June 23, 2018
7,666
Taste and save with lime pickle
දැන් කාලේ වගේ නෙවෙයි ඉස්සර කාලේ මිනිස්සු නම් කෑම බීම පරිහරණය කරේ අනාගතය ගැනත් හිතලා. මේ නිසා ඒ අය එක එක ක්‍රම පාවිච්චි කරා කෑම බීම කල් තියාගන්න. එක එක කාල වලදී වැඩිපුර තියෙන කෑම වර්ග ඒ කෑම වර්ග හිඟ වෙන කාලවල් වලදී පාවිච්චියට ගන්න පුළුවන් විදිහට තියාගත්තා නිසා ඉස්සර ගෙවෙල් වල කෑම බීම වලින් නම් කිසිම අඩුවක් තිබුනේ නැහැ. දෙහි කියන්නෙත් අද උනත් කාලෙකට ගණන් අඩු උනාට සමහර කාල වලදී හිතා ගන්න වත් බැරි විදිහට ගණන් යන දෙයක්. මේ නිසා ඉතින් දෙහි ගණන් අඩු කාලෙට ලුණු දෙහි එකක් හදා ගත්තොත් දෙහි ගණන් වැඩි වෙන කාලෙට දෙහි වල ගණන් නොබලා ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉතින් බත් එකට ලුණු දෙහි කෑල්ලක් දාගත්තම පිරියක් ඇතුව බත් එක වුනත් කන්න පුළුවන්.

01. ඕනේ වෙන්නේ මේ දේවල්

ලුණු දෙහි කිවුවම ඕනේ වෙන මූලිකම දේවල් ටික නමේම තියෙනවා. කෝකටත් ඉතින් ආයෙත් කියනවා නම් මේ වැඩේට ඕනේ වෙනවා ඉදුණු දෙහි, අවශ්‍ය ප්‍රමාණයට ලුණු, බැද ගත්ත මිරිස් කුඩු, කොච්චි, දෙහි ඉස්ම, කොච්චි කරල් ටිකක්, සීනි ටිකක්, විනාකිරි ටිකක්, මේ දේවල් ටික තමයි ලුණු දෙහි හදන්න ඕනේ වෙන්නේ.

02. තද අව්වේ වේලීම

ලුණු දෙහි හරිම ක්‍රමයට හදනකොට step දෙකක් තියෙනවා. පලවෙනි එකේදී කරන්න ඕනේ මේකයි. දෙහි ටික හොඳට හෝදලා පිරිසිදු රෙදි කෑල්ලකින් වතුර අයින් වෙනකල් හොඳට පිහදා ගන්න. ඊට පස්සේ මේ දෙහි ගෙඩි වෙන් නොවෙන්න හතරට පලා ගෙන ලුණු දෙහි ගෙඩි වලට පුරවා ගන්න. මේ විදිහට ලුණු දාගත්ත දෙහි ටික පළල අඩියක් තියෙන මැටි වලඳක දාල දවස් 6 ක් 7 ක් පරිස්සමට තද අවුවේ වේලා ගන්න. දෙහි ටික හොඳට වේලුනාම දෙහි පොත්ත දුඹුරු පාට වෙනවා.

03. කට ලොකු භාජනයක්

දැන් දෙහි ටික හොඳට වේලිලා. දෙවෙනි අදියරේදී කරන්න ඕනේ මේකයි. ටිකක් ලොකු කට වහන්න පුළුවන් විදුරු බෝතලයක් හරි බාජනයක් හරි අරන් මේකට වේලා ගත්ත දෙහි ටික දාන්න. දැන් රස අනූව ඒකට බැදපු මිරිස් කුඩු, සීනි, විනාකිරි, දෙහි ඉස්ම, කොච්චි ටික දාල බාජනය වහලා දෙහි ටිකත් එක්ක දැම්ම දේවල් ටික කවලම් වෙන්න හොඳින් හොලවා ගන්න. දැන් ලුණු දෙහි එක හදලා ඉවරයි. හැබැයි මේක තවත් රස වෙන්න නම් තව දවස් දෙක තුනක් යන්න ඕනේ. මුල් දවස් ටිකේ දවසට දෙපාරක් විතර කලින් විදිහටම ලුණු දෙහි එක හොලව ගන්න. එතකොට හොඳටම ලුණු දෙහි එක කවලම් වෙනවා.

04. ලුණු දෙහි වලින් කරන්න පුළුවන් දේවල්

මේ විදිහට හදා ගත්ත ලුණු දෙහි එක ඔයාට සම්බෝල වලට ලුණු මිරිස් වලට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලුණු දෙහි වලට කෑම රුචිය වැඩි කරන්න පුළුවන්. අසනීපයක් වෙලාවට කෑම කන්න බැරුව ඇතිවෙන අප්පිරියාවට උනත් ලුණු දෙහි හොඳ විසඳුමක්. කාලයක් තියාගන්න පුළුවන් වගේම දෙහි ගණන් කාලෙට හොඳ ඉතිරියක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 908 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:22:50 AM
Script:/article/908/taste-and-save-with-lime-pickle.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:22:51 AM
Script:/article/908/taste-and-save-with-lime-pickle.html