සාර්ථක පුද්ගලයින් සතු මේ ලක්ෂණ ඔබ ළඟත් තියෙනවද?

May 30, 2018
12,717
Do you have qualities of successful people
පුද්ගලයාගේ සාර්ථකත්වය ජයග්‍රහණය රඳා පවතින්නේ ඒ පුද්ගලයාගේ කල්ක්‍රියාව, ආකල්ප හා උත්සාහය මත. මේ දේවල් කෙනෙක් ළඟ නැත්තන් ඒ පුද්ගලයාගේ පිරිහීම සිදු වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය බොහොම වැඩියි. නමුත් ඔබ කවදාවත් ඔබේ සාර්ථකත්වය පසෙක දාලා පරාජයට පත් වෙන්න උත්සාහ කරන්නේ නැහැ කියලා අපි හොඳින්ම දන්නවා. ඒ වගේම සාර්ථක පුද්ගලයෙක් වෙන එකත් කියන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. එකට ඔබ ගොඩක් දේවල් සම්පුර්ණ කරන ලද පරිපුර්ණ පුද්ගලයෙක් විය යුතුයි. සාර්ථක පුද්ගලයින් සතු මේ ලක්ෂණ ඔබ තුළත් වර්ධනය කර ගන්න උත්සාහ කරන්න. පියවරෙන් පියවර ඔබේ සාර්ථකත්වයේ ගමන ආරම්භ කරන්න.

1. සවන් දීමේ හැකියාව වර්ධනය කර ගන්න. හැබැයි ඒ සවන් දීම සක්‍රිය සවන්දීමක් වෙන්න ඕන. සවන් දීම තුළින් ඔබට අන් අයගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක්ට හොඳින් සවන් දීම තුල ඔවුන් ඔබේ හොඳ මිතුරන් බවට පත් වෙනවා.

2. අනිත් අයගේ ප්‍රතිචාර පිළිගන්න. අනිත් අය ඔබට ලබා දෙන ප්‍රතිචාර හොඳ වුනත් නරක වුනත් ඒවා ඔබගේ සාර්ථකත්වයට බලපානවා. නිදසුනක් වශයෙන්, කෙනෙකුගේ විවේචනය කිරීමක් ඔබ තුල ධනාත්මක වෙනසක් කිරීමට හේතු වෙන්න පුළුවන්.

3. යම් කාර්යයක් හෝ ගැටලුවක් මත අවධානය යොමු කිරීමේ හැකියාව වර්ධනය කර ගන්න. ගොඩක් දෙනෙක්ට කල නොහැකි දේත් මේක. නිතරම තාක්ෂණික උපකරණ එක්ක දවස ගෙවෙද්දී තමා අවට සිදු වෙන කිසිම දෙයක් ගැන අවබෝධය හීන වෙනවා.

4. නම්‍යශීලි බව. අපේ ජිවිත හැමදාම එකම විදියට ගෙවෙන්නේ නැහැ. කාලෙන් කාලෙට විවිධ වෙනස්කම් වලට ලක් වෙනවා. එහෙම වෙනස්කම් ජිවිතේ වෙද්දී අපි කලින් ගත්ත සමහර තීරණ වෙනස් කරන්න වෙනවා. එහෙම කරන්න නම් අවස්ථාවන්ට අනුව නම්‍යශීලි වීමේ හැකියාව තියෙන්නම ඕන.

5. සාර්ථක ලෙස ගැටුම් නිරාකරණය කර ගන්න. ප්‍රශ්න නැති තැනක්, නැති කෙනෙක් නැහැ. ඒත් බොහෝ දෙනෙක් ඒ ප්‍රශ්න විසඳගන්න ගිහින් තවත් ප්‍රශ්න ඇති කර ගන්නවා. විශේෂයෙන් පවුල් ප්‍රශ්න වලදී. ප්‍රශ්න දෙස නිවැරදිව දැකීමේ හා අවබෝධකර ගැනීමේ හැකියාවත් නිවැරදි විසඳා ගැනීමේ හැකියාවත් ඇති කර ගන්න.

6. තමන් පිළිබඳව ඇති විශ්වාසය කිසිම වෙලාවක අත්හරින්න එපා. ආත්ම විශ්වාසයෙන් තොර වුනොත් ඔබ බලාපොරොත්තු වන සාර්ථකත්වයට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.

7. අන් අය තුල ඔබ ගැන ඇති විශ්වාසය පළුදු කරන්න එපා. 100%ක් විශ්වසනීය පුද්ගලයෙන් වෙන්න. ඔබේ සාර්ථකත්වය සහ සතුට රඳා පවතින්නේ ඒ මතයි.

8. ඉගනීම කිසි විටක අහ්හරින්න එපා. ඒ තුලින් ලබන දැනුම ඔබේ ජිවිත කාලයටම වැදගත් වෙනවා.

9. ඔබ තුළ ඵලදායි සහ අර්ථවත් සන්නිවේදනයක් පවත්වා ගන්න. අනවශ්‍ය කතා බහ සඳහා කාලය නාස්ති කරන්න එපා.

10. මානසික පීඩනය ධනාත්මකව භාවිතයට ගන්න. උදාහරණයක් කිව්වොත් විභාග කාලයට දරුවෙකු තුළ මානසික ආතතියක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයයි. ඒ ආතතිය ඔහුව පාඩම් වැඩ කටයුතු සඳහා උනන්දු කරවනවා. ඔබ වුනත් බයට පාඩම් කරන්න පෙළඹුනා මතක ඇතිනේ. ඒ වගේ මානසික ආතතිය ධනාත්මක විදියට භාවිතා කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 837 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:51:06 PM
Script:/article/837/do-you-have-qualities-of-successful-people.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:51:06 PM
Script:/article/837/do-you-have-qualities-of-successful-people.html