ඔයත් ඔයාගේ සිහින අතර අතරමන් වෙලාද?

November 14, 2018
5,130
Are you lost in your dreams?
පාසැල් කාලයටත් පෙර පුංචි කාලේ ඉඳන් ඔයා මොන තරම් නම් සිහින මවන්න ඇතිද? පුංචි කාලේදී මවපු සිහින ඉටු කර ගන්නේ ඉතා සුළු පිරිසක්. වැඩිවියට එළඹෙනකොට ඔයාට පොඩි කාලයේ සිහින අමතක වෙලා යනවා. එහෙමත් නැත්තම් අලුතින්ම සිහින ඇති කරගෙන ඒ සිහින ඉටු කර ගන්න ඔයා මහන්සි වෙනවා. ඔයා විසින්ම මවපු සිහින ඔයා විසින්ම අමතක කරන එක වරදක් නෙමෙයි. හැබැයි සිහින අමතක කරා කියලා පසු තැවෙනවා නම් ඒ සිහින සැබෑ කර ගන්න මහන්සි වෙන්න. ඔයා ඒවා අමතක කල යුත්තේ හොඳ අවබෝධයකින්. ඇත්තටම ඉටු කර ගත බැරි සිහින අමතක කර දැමීම හෝ තිබෙන සිහින වෙනුවට වඩාත් හොඳ නැවුම් සිහින ඇති කර ගැනීම වරදක් නොවේ. නමුත් කිසිම තේරුමක් ඇති හේතුවක් නැතිව ඔයාගේ සිහින ඉටු කර නොගෙන සිටිනවා නම්, එය ඇත්තටම ඔයා ඔයාටම කරන වැරද්දක්. ඔයාගේ තිබ්බ සිහින නැති වෙලා යන්න, මේ හේතුද බලපෑවේ කියලා අද හැඩකාරි එක්ක හොයලා බලමු.

සමාජයෙන් ඔයාට එල්ල කරන බලපෑම

ඔයා ඔයාගේ සිහින අත හරින්නේ සමාජයෙන් ඔයාට එල්ල වන බලපෑමට යටත් වෙලා නම් ඔයා ලොකු වරද කරුවෙක්. ඔයා යා යුතු ගමන් මාර්ගය තීරණය කල යුත්තේ ඔයා මිසක් බාහිර සමාජය නම් නොවේ. නමුත් අද සමාජයේ බොහෝ වෙලාවට ඔයාගේ  ජිවිත ගමන තීරණය කරන්නේ අන් බාහිර පාර්ශවයක් විසින්. ඔයා අධ්‍යාපනය ලැබිය යුතු අංශය, ඔයා විවාහ විය යුතු වයස වගේම  විවාහවෙන තැනැත්තා, ඔයා කල යුතු රැකියාව, ඔයා දරුවන් සෑදිය යුතු වයස, ඔයා දරුවන් කොච්චර හදනවද කොච්චාර දුරට ඉගෙන ගන්නවාද වගේ දේවල් තීරණය කරන්නේ ඔයාගේ ජිවිතයට අදාළ නැති බාහිර පාර්ශවයක් මගින් නම් ඔයා හැමදාම අසතුටෙන් ඉන්නේ.

අන් අයව ආදර්ශයට ගැනීම

ඔයා ඉස්සරහට යන්න ඕනි ඔයාටම කියලා ආවේනික වූ මාර්ග පථයකයි. ඔයා ජිවිතයේ තීරණ ගන්නේ වෙනත් පුද්ගලයෙක්ව ආදර්ශයට අරගෙන නම් ඔයා 100%කම වැරදියි. ඔයා කැමති සහ ඔයා දක්ෂ දේ නොකර, වෙනත් කෙනෙකු හැදෑරු විෂයන් හැදෑරීමට යාම, වෙනත් අයෙකු නියැලෙන රැකියාව කිරීමට උත්සාහ දැරීම, ඔයා ඔයාටම කරන වැරද්දක්. අන්න ඒ නිසාම ඔයා ඔයාටම අවේනික මාර්ගයක ගමන් කරන්න. ඔයාගේ මිතුරියන් හෝ සහෝදරියන් විවාහ වූ වයසේදීම ඔයාටත් විවාහ විය යුතුම යැයි කියලා නීතියක් කොහෙවත් නැහැ. ඔයාට ඉටු කර ගැනීමට අවශ්‍ය සිහින තියෙනවා නම්, ඒවා ඔයාම ඔයාගේම ක්‍රමයට අත්හදා බලන්න.

කම්මැලිකම සහ පහසුව 

ඔයා ඔයාගේ ජීවිතයේදී කම්මැලිකම නිසා සිහින වලින් පැනලා යනවා නම් ඔයා අසාර්ථක තැනැත්තෙක් වෙනවා. සිහින වල ගුණාත්මක බව වැඩි වන තරමට ඒවා ඉටු කර ගැනීම අපහසුව වෙනවා. ඔයා හැම වෙලාවේම පහසුව ගැන සොයන කෙනෙක් නම්, ඔයාට බොහෝ වෙලාවට සිදු වෙන්නේ එකම තැන පල් වෙන්නයි. ඔයාගේ ජිවිතයේ ඉහලට යාමට ආශා කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔයා ඒ වෙනුවෙන් කැප වී මහන්සි වී වැඩ කරන්න සිදු වෙනවා. කවදාවත් කාටවත් ලේසියෙන් ජීවිතය ජය ගැන්මට බැහැ. ඒ ජයග්‍රාහී සතුට එකවර ලබන්න නම් මහන්සි වෙලා වැඩ කරන්න ඕනි.

කාලය නැති වීම 

තරුණ වියේ පසු වන ඔයා ඔයාගේ තරුණ විය ගත කරන්නේ සිහින මවමින් විනෝදයෙන්. ඔයාගේ ජීවිතය විනෝදයත් සමග ඔයාගේ  කාලය නාස්ති වෙලා. ඔයාට බැහැ ගෙවී ගිය කාලය නැවත ගන්න. ඒ නිසාම කාලයේ වටිනාකම දැනගෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම ඔයාගේ වගකීමක්.  සමහරුන් තරුණ කාලයේදී සිහිනය ඉටු කර ගැනීමට මුල් පියවරවත් තබන්නේ නැහැ. ඔවුන් සිතන්නේ තමාගේ නියමිත කාලය තාමත් ඇවිල්ලා නැහැ කියලයි. මුල් පියවර අරඹන්න නියමිත අවස්තාව එන තුරු බලා සිටිම වැදගත් තමයි. ඒත් අනවශ්‍ය විදිහට කාලය නාස්ති කරන්න ගියොත් සිදු වන්නේ ඔයාගේ සිහිනය ඉටු කර ගන්න බැරි වීමයි. ඒ වගේම තමයි තමන් ප්‍රමාද වැඩියි කියලා හිතන එකත්. වයස, විවාහය, දරුවන් සිටීම වගේ හේතු නිසා ඔයා හිතනවා තමන් සිහින ඉටු කර ගන්න ප්‍රමාද වැඩියි කියලා, ඒ අදහසින් මිදෙන්න. ඔයාට ඉහලට යන්න පොඩි හරි ආශාවක් තියෙනවා නම්, තමන්ට උවමනාව තිබෙනවා නම් ඕනෑම දෙයක් කල හැකියි.

අද සිටන් වත් ඔයා ඔයාගේ සිහිනය අතීතයට, හෙටට තල්ලු කරන්න එපා. ඒවා ඉටු කර ගන්න මහන්සි වෙන්න. බාහිර පාර්ශව හෝ අන් කිසිම හේතුවක් නිසාවත් ඔයා සිහින මැවූ ජීවිතයට යන ගමන නතර කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1166 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:42:05 PM
Script:/article/1166/are-you-lost-in-your-dreams.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:42:05 PM
Script:/article/1166/are-you-lost-in-your-dreams.html