බුලත් වලින් හැඩවෙන්න

April 17, 2020
5,098
You can be beautiful with betel leaves
බුලත් කිව්වාම අපි දන්නේ විටට ගන්නා බුලත් ගැනත්, උත්සව අවස්ථවන් සහ අපේ විවිධ චාරිත්‍රයන් හිදී සම්බන්ධ වෙන බුලත් අත ගැන විතරයි. නමුත් හැඩකාරියන්ගේ හැඩකාරබව ඉස්මතු කිරීමට බුලතින් ලැබෙන පිටුවහල ගැනත් දැන ගත්තොත් අපේ කට්ටියට බොහොම පහසුවෙන් හැඩකාර බව තවත් වැඩි කර ගන්න පුලුවනි. වෙන කිසිම දෙයක් එපා. ඉස්සර කාලයේ කාන්තාවන් ඔවුන්ගේ තොල්පෙති රතු කරග්තතේ අද වගේ ලිප්ස්ටික් වලින් නොවෙයි.

විට කාලා තොල් රතු කරගන් නෑනෝ... කියන ජනකවියෙන් ඊට සාක්ෂි ලැබේවි. පිලිකා නිසා බුලත් ගැන අපේ බිය ඇති වුනත් බුලත්කාලා හපය මුඛයේ තිබීමෙන් ඇති වෙන අවදානම ගැන අවදානය තබා ගැනීම නම් වඩාත් වැදගත්. ඒ වගේම මුකයේ දුගඳ නැති වීම, ආහාර ජීරණය, ආහාර අරුචිය වගේම ආහාර වෙනුවෙන් උත්තේජනයක් ඇති කිරීමටත් බුලත් ඉතාම ගුණදායකයි.

ඉස්සර කාලයේ වාත, තැලුම් කැක්කුම් ඇති වුනාමත් බුලත් කොළයක් පහන් දැල්ලෙන් තවාගෙන තෙල් ආලේප කළ තැන තැවීම නිසා වේදනාව අඩු වෙනවා.

එහෙමනම් බුලත් කොළ ටිකක් අරගෙන එහි යුෂ සමග බිත්තර සුදුමදයකුත් එක් කරලා මුහුණේ ආලේප කිරීමෙන් හැඩකාර බවට බාධාවන් ඇති කරන මුහුණේ ලප කැලැල් ඉවත් කර ගැනීමට පුලුවනි. මේකත් ෆේස් මාස්ක් එකක් විත්තිය අමතක කරන්න එපා.

ඒ වගේම බුලත් කොළ තම්බා ගත් වතුරෙන් මුහුණ සෝදා ගැනීමෙන් මුහුණේ ලප කැලැල් නැති කර ගන්න පුලුවනි. ඒ වගේම බුලත් කොළ තම්බා ගත් වතුර මේස හැන්දක් සමග හාල් තම්බා ගත් වතුරත් එකතු කර ගත් මිශ්‍රණයෙන් මුහුණ සෝදා ගැනීමත් තවත් එක් ප්‍රතිකාරයක්.

හැඩකාරියන්ට හරිම ගැටලුවක් ඇති කරන කිහිලි සහ ඉකිලි ප්‍රෙදේශයේ ඇති අවපැහැය ඉවත් කිරීමට බුලත් හොඳ ප්‍රතිකාරයක්. මේ හැඩවීම එතරම් අපහසුත් නැහැ. බුලත් කොළ ටිකක් බ්ලෙන්ඩ් කර ගෙන ලබා ගත් යුෂ කිහිලි, ඉකිලි ප්‍රදේශයේ ආලේප කරල බලන්නකෝ...

ඔන්න මිදුලේ රෝස මල් පිපිලා. ඒවායිනුත් වැඩක් නොවෙයි, හැඩට යමක් කරගන්න බලමුකෝ.... රෝස මල් පෙති වියලා ගෙන කුඩු කරලා අරගෙන බුලත් යුෂත් එකතු කරලා අවපැහැ සහ ලප ඇති තැන්වල ආලේප කරන්නකෝ... ටික දවසක් යන විට හමේ අවපැහැය විතරක් නොවෙයි, සමේ ලප කැලැල් පවා දුරින්භූත වේවි.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   41,451
   41

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Symptoms to say you are pregnant
   40,837
   33

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
5 skin care tips for your neck
   21,845
   30

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Dress patterns for flower prints
   58,175
   24

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed