ස්වභාවික ක්ලෙන්සර් එකකින් ඩීප් ක්ලෙන්ස් එකක් කරමු

August 14, 2020
11,836
Lets do a natural deep cleanse
ඔයාගේ සමේ අපිරිසිදු කුණු දුවිලි හා මේකප්  ඉවත් කිරීම සදහා ක්ලෙන්සර් එකක් භාවිතා කිරීම හරිම වැදගත්. ඔයා මේ මූලික පියවර වත් නොසලකා හැරලා ඉන්නකොට වෙන්නේ සමේ ගැටළු වර්ධනය වෙන එකයි. ඔයා රසායනික අමුද්‍රව්‍ය පදනම් කරගත් පිරිසිදුකාරක භාවිතා කිරීමට අකමැති නම් මුළුතැන්ගෙට නැතිවම බැරි, රුපලාවන්‍ය කටයුතු වලටත් භාවිතයට ගන්න පුලුවන්, අපි හැමෝටම වැදගත් වන අමුද්‍රව්‍ය ටිකකින් ක්ලෙන්ස් කරන හැටි අද හැඩකාරී අපි ඔයාට කියා දෙන්න සුදානම්. ඔයාගේ සම මෘදු, සිනිඳු හා දීප්තිමත් බවට පත් ක‍රන්න පුලුවන් ස්වාභාවික ක්ලෙන්සර් කිහිපයක් මෙන්න.
 
1. කඩල පිටි සහ කහ
ඈත අතීතයේ ඉඳන්ම සම පැහැපත් කර ගැනීමට සහ පිරිසිදු කර ගැනීමට කඩල පිටි භාවිතා කරනවා. කහ කුඩු වල තියන ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණාංග නිසා ඔයාගේ මුහුණේ ඇති අඳුරු පැල්ලම් අඩු කර ගැනීමටත්, කුරුලෑ අඩු කිරීමටත්, පිරිසිදු හා නැවුම් බවක් ඇති කරන්නත් උපකාරී වෙනවා.

ඔයාට අවශ්‍ය වන්නේ

කඩල පිටි මේස හැඳි 2 
කහ කුඩු තේ හැඳි 1
කිරි

ඔයා කළ යුතු දේ
මේ අමුද්‍රව්‍ය භාවිතා කරලා පේස්ට් එකක් සාදා ගන්න. ඒක මුහුණට සහ බෙල්ලට ආලේප කරන්න. මිනිත්තු 20 ක් පමණ ඒක මූණේ වේලෙන්න තියලා පිරිසිදු වතුරෙන් සෝදා හරින්න. අවම වශයෙන් සතියකට දෙවරක්වත් මේක කරන්න.

2. කිරි
කිරි කියන්නේ සමට මනා පොෂණයක් එකතු කරන පිරිසිදුකාරකයක්. ඒ වගේම ඔයාගේ සම මෘදු කරන අමු ද්‍රව්‍යයක්. සමේ සෞඛ්‍ය සම්පන්න බව වැඩි දියුණු කරන්න පුලුවන් සංයෝග රැසක් එහි අඩංගු වෙනවා.

ඔයාට අවශ්‍ය වන්නේ 
ලුණු
කිරි

ඔයා කළ යුතු දේ
කිරි සහ ලුණු මිශ්‍ර කරලා පිරිසිදුකාරකයක් සාදා ගන්න. කපු පුළුන් බෝලයක් භාවිතා කරලා ඒක ඊළඟට මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න. මෙය සතියකට වරක් හෝ දෙවරක් උත්සහා කරලා බලන්න.

3. මී පැණි
මී පැණි මගින් මුහුණ පැහැපත් කරනවා මෙන්ම මුහුණේ ඇති කුණු දුහුවිලි ද පහසුවෙන් ඉවත් කරලා මුහුණ ප්‍රබෝධමත්ව තබනවා. සමේ රැළි ඇතිවීම පමා කරනවා විතරක් නෙමෙයි, සමේ pH අගය ද නියාමනය කරනවා. ඔයාගේ සමට තරුණ බවක් හා දීප්තිමත් පෙනුමක් ද ලබා දෙනවා.

ඔයාට අවශ්‍ය වන්නේ
නැවුම් කිරි
මී පැණි තේ හැඳි 2-3 ක්

ඔබ කළ යුතු දේ
කිරි සහ මී පැණි මිශ්‍ර කරලා පේස්ට් එකක් සාදා ගන්න. මෙම පේස්ට් එක ඔයාගේ මුහුණට සහ බෙල්ලට ආලේප කරන්න. තත්පර 30 ක් සම මත වේළෙන්නට හැර ඇඟිලි තුඩු වලින් මෘදු ලෙස රවුමට පිරිමදින්න. ඇල් වතුරෙන් සෝදා හරින්න. සතියට දෙ තුන් වතාවක් කරන්න.

4. පොල් තෙල්
පොල්තෙල් වල lauric acid සහ මොයිස්චරයිසින් ගුණ තියනවා. එමගින් සමේ වියළි බව මගහරවා ගෙන සම පැහැපත් කර ගන්න ඔබට පුලුවන්.

ඔයාට අවශ්‍ය වන්නේ
පිරිසිදු පොල්තෙල් තේ හැඳි 1 
මී පැණි තේ හැඳි 1 
යෝගට් තේ හැඳි 1 

ඔයා කළ යුතු දේ
සියලුම අමුද්‍රව්‍ය මිශ්‍ර කරලා ඝන පේස්ට් එකක් සදා ගන්න. එය මුහුණේ ආලේප කරලා විනාඩි 15 ක් පමණ තබන්න. පස්සේ හොඳින් සෝදා හරින්න. 

5. යෝගට්
යෝගට් වල ලැක්ටික් අම්ලය අඩංගු වන අතර එය ඔයාගේ සම මොයිස්චරයිස් කරනවා. යුවතියන්ට ඉතා පහසුවෙන් මෙමගින් මුහුණ පැහැපත් කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඔයාට අවශ්‍ය වන්නේ
යෝගට් මේස හැඳි  1-2 
මී පැණි මේස හැඳි  1 
ලෙමන් යුෂ තේ හැඳි 1

ඔයා කළ යුතු දේ
බඳුනකට යෝගට්, මී පැණි සහ ලෙමන් යුෂ එක් කරලා මිශ්‍ර‍ කර ගන්න.
මිශ්‍රණය ඔයාගේ මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.
මිනිත්තු 15-20 කට පස්සේ සෝදා හරින්න.
සතියකට වතාවක් සත්කාරය කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1770 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:42 AM
Script:/article/1770/lets-do-a-natural-deep-cleanse.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:43 AM
Script:/article/1770/lets-do-a-natural-deep-cleanse.html