දිනපතා ඉඟුරු අනුභව කිරීමෙන් ශරීරයට ප්‍රතිශක්තිකරණය ගන්නේ මෙහෙමයි

April 27, 2020
9,613
Eat ginger to boost immune system
අද හැඩකාරී අපි ඔයාට දිනපතා ඉඟුරු අනුභව කරන්නේ නම් ඔයාගේ ශරීරයට ලැබෙන වාසි ගැන කියලා දෙනවා. ඔයාගෙ ආහාර රටාවට ඉඟුරු එකතු කරගත්තොත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ආයෙත් අපිට හිමිකරගන්න පුළුවන් වේවි.

ඉඟුරු කියන්නේ ඉතා සැර රසයක් සහිත කුළුබඩු වර්ගයක්. ඉඟුරු ඉතා රසවත් පමණක් නොව පුදුම සහගත වාසි රාශියක් ගෙන දෙනවා. ඉඟුරු වල විටමින් සහ ඛනිජ වර්ග රාශියක් අඩංගු වෙනවා. ඉතිං ඉඟුරු වලට දිගු ඖෂධීය ඉතිහාසයක් තිබීම පුදුමයක් නෙමෙයි. සියවස් ගණනාවකට පෙර සිට ඉඟුරු රෝග සුව කිරීමට භාවිතා කරලා තියෙනවා. මීට අමතරව, ඉඟුරු නිතිපතා ආහාරයට ගැනීමෙන් ඔයාගේ ශරීරය නිරෝගීව තබා ගැනීමට උපකාරී වෙනවා.

ඔයා සෑම දිනකම ඉඟුරු කැබැල්ලක් ගෙන කුඩා කැබලිවලට කපා ඔයාගේ තේ කෝප්පයට එකතු කරගන්න. ඔයා මසක් පුරාවටම දිනපතා ඉඟුරු අනුභව කරන විට ඔයාගේ ශරීරයට ලැබෙන වාසි පහත පරිදියි. 

ඔක්කාරය අතුරුදහන් කරනවා 
ඔක්කාරය හා වමනය වැනි රෝග ලක්ෂණ අඩු කිරීමට ඉඟුරු උපකාරී වනවා. බොහෝ විට උදේට ඔක්කාරය ඇති කරනවාද? සෑම දිනකම ඉඟුරු ආහාරයට ගැනීමෙන් ඔක්කාරය ඉක්මනින් පහව යනවා. විශේෂයෙන් ගර්භනී කාන්තාවන්ට මෙමගින් ප්‍රයෝජන ගන්න පුළුවන්.

මාංශ පේශි වේදනාව අඩු කරනවා  
ඔයාට මාංශ පේශි වේදනාවක් හෝ අත් පා වල වේදනාවක් තිබෙනවාද? ඉඟුරු ආහාරයට ගැනීමෙන් මේ සඳහා හොඳ බලපෑමක් ඇති කරන්න පුළුවන්. දිනපතා ඉඟුරු පරිභෝජනය කිරීමෙන් වේදනාව ක්‍රම ක්‍රමයෙන් අඩු වෙනවා.

මලබද්ධය නැති කරයි
ඔයා නිතිපතා මල බද්ධයෙන් පෙළෙනවාද? එහෙනම් දිනපතා ඉඟුරු ආහාරයට ගැනීමෙන් අපහසුතා සහ මලබද්ධය නැති කරනවා. 

ඔසප් වේදනාව  
සැම මාසයකම ඔසප් වේදනාවෙන් සිටිනවාද? එවිට දිනපතා ඉඟුරු අනුභව කිරීමෙන් උග්‍ර උදර වේදනාව අඩු කර ගන්න පුළුවන්. 

කොලෙස්ටරෝල් අඩු කරනවා 
මාසයක් පුරාවට සෑම දිනකම ඉඟුරු ආහාරයට ගැනීමෙන් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගත හැකියි. රුධිරයේ ඇති ට්‍රයිග්ලිසරයිඩ් (triglycerides) ප්‍රමාණය ඉඟුරු මගින් අඩු කරනවා.

ඉඟුරු වල ඇති  ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා, ශක්තිමත් කරනවා. ඔයාට දැනටමත් සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෛරස ආසාදනයක් වැළඳී තිබේද? එහෙනම් ඉඟුරු මගින් ඉක්මනින් සුවය ලබා ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1571 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:58:57 AM
Script:/article/1571/eat-ginger-to-boost-immune-system.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:58:57 AM
Script:/article/1571/eat-ginger-to-boost-immune-system.html