දිනපතා ඉඟුරු අනුභව කිරීමෙන් ශරීරයට ප්‍රතිශක්තිකරණය ගන්නේ මෙහෙමයි

April 27, 2020
10,392
Eat ginger to boost immune system
අද හැඩකාරී අපි ඔයාට දිනපතා ඉඟුරු අනුභව කරන්නේ නම් ඔයාගේ ශරීරයට ලැබෙන වාසි ගැන කියලා දෙනවා. ඔයාගෙ ආහාර රටාවට ඉඟුරු එකතු කරගත්තොත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ආයෙත් අපිට හිමිකරගන්න පුළුවන් වේවි.

ඉඟුරු කියන්නේ ඉතා සැර රසයක් සහිත කුළුබඩු වර්ගයක්. ඉඟුරු ඉතා රසවත් පමණක් නොව පුදුම සහගත වාසි රාශියක් ගෙන දෙනවා. ඉඟුරු වල විටමින් සහ ඛනිජ වර්ග රාශියක් අඩංගු වෙනවා. ඉතිං ඉඟුරු වලට දිගු ඖෂධීය ඉතිහාසයක් තිබීම පුදුමයක් නෙමෙයි. සියවස් ගණනාවකට පෙර සිට ඉඟුරු රෝග සුව කිරීමට භාවිතා කරලා තියෙනවා. මීට අමතරව, ඉඟුරු නිතිපතා ආහාරයට ගැනීමෙන් ඔයාගේ ශරීරය නිරෝගීව තබා ගැනීමට උපකාරී වෙනවා.

ඔයා සෑම දිනකම ඉඟුරු කැබැල්ලක් ගෙන කුඩා කැබලිවලට කපා ඔයාගේ තේ කෝප්පයට එකතු කරගන්න. ඔයා මසක් පුරාවටම දිනපතා ඉඟුරු අනුභව කරන විට ඔයාගේ ශරීරයට ලැබෙන වාසි පහත පරිදියි. 

ඔක්කාරය අතුරුදහන් කරනවා 
ඔක්කාරය හා වමනය වැනි රෝග ලක්ෂණ අඩු කිරීමට ඉඟුරු උපකාරී වනවා. බොහෝ විට උදේට ඔක්කාරය ඇති කරනවාද? සෑම දිනකම ඉඟුරු ආහාරයට ගැනීමෙන් ඔක්කාරය ඉක්මනින් පහව යනවා. විශේෂයෙන් ගර්භනී කාන්තාවන්ට මෙමගින් ප්‍රයෝජන ගන්න පුළුවන්.

මාංශ පේශි වේදනාව අඩු කරනවා  
ඔයාට මාංශ පේශි වේදනාවක් හෝ අත් පා වල වේදනාවක් තිබෙනවාද? ඉඟුරු ආහාරයට ගැනීමෙන් මේ සඳහා හොඳ බලපෑමක් ඇති කරන්න පුළුවන්. දිනපතා ඉඟුරු පරිභෝජනය කිරීමෙන් වේදනාව ක්‍රම ක්‍රමයෙන් අඩු වෙනවා.

මලබද්ධය නැති කරයි
ඔයා නිතිපතා මල බද්ධයෙන් පෙළෙනවාද? එහෙනම් දිනපතා ඉඟුරු ආහාරයට ගැනීමෙන් අපහසුතා සහ මලබද්ධය නැති කරනවා. 

ඔසප් වේදනාව  
සැම මාසයකම ඔසප් වේදනාවෙන් සිටිනවාද? එවිට දිනපතා ඉඟුරු අනුභව කිරීමෙන් උග්‍ර උදර වේදනාව අඩු කර ගන්න පුළුවන්. 

කොලෙස්ටරෝල් අඩු කරනවා 
මාසයක් පුරාවට සෑම දිනකම ඉඟුරු ආහාරයට ගැනීමෙන් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගත හැකියි. රුධිරයේ ඇති ට්‍රයිග්ලිසරයිඩ් (triglycerides) ප්‍රමාණය ඉඟුරු මගින් අඩු කරනවා.

ඉඟුරු වල ඇති  ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා, ශක්තිමත් කරනවා. ඔයාට දැනටමත් සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෛරස ආසාදනයක් වැළඳී තිබේද? එහෙනම් ඉඟුරු මගින් ඉක්මනින් සුවය ලබා ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Durian the fruit to improve virility
   7,166
   21

පුරුෂ ශක්තිය උත්තේජනය කරන දූරියන්

ඇතැමුන්ට මිහිරි පලතුරක් ලෙසින්ද, තවත් කෙනෙකුට අපුල දුර්ගන්ධය නිසා ඉවසිය නොහැකි අප්‍රසන්නත්වයක් ඇති කරන දුරියන් ගැන දැනගෙන කමු
Food to regulate your menstrual circle
   52,169
   17

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Are you sleepy always? It can be a sign if a problem in your body!
   19,670
   14

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
5 skin care tips for your neck
   67,684
   14

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
How to get vitamin E for healthy skin and hair
   71,620
   13

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed