tooth paste වලින් දෙතොලට සත්කාර. දෙතොල් අවපැහැ වුණු අයට විශේෂයි

May 8, 2018
16,785
Lip treatments with toothpaste
කාන්තාවන්ගේ තොල් සඟල අතීතයේ ඉඳන්ම වර්ණනා වුනේ නා දළු වගේ කියලනේ. ඒත් ඉතින් දැන් අයගේ නම් ඒ නා දළු වල පැහැය, ඒ සුමුදු බව තොල් වල තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. ඉස්සර කාන්තාවන් ළඟ තිබුණු සැබෑ සුන්දරත්වය අද කාන්තාවන් තුළ  දැක ගන්න අමාරුයි. මොකද අද වෙද්දී අතීතයට සාපේක්ෂව ගොඩාක් දේවල් වෙනස් වෙලා. 

අපේ ජිවන රටාව අතීතයට වඩා සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලා. ඉස්සර වගේ නෙවෙයි අපි දැන් හරිම කාර්යබහුලයි. නිතරම මහන්සි වෙනවා වෙනවා. ඒ මදිවට ආතතිය උපරිමයි. නිතර නිතර කුණු, දූවිලි, අව් රශ්මියට හසු වෙනවා. අපි ගන්නා ආහාර පාන පවා ගොඩක් වෙලාවට අපේ ශරීරයට හිතකර ඒවා වෙන්නේ නැහැ. මෙන්න මේ හේතු නිසා අපේ සුන්දරත්වය අපිටත් නොදැනීම ටිකෙන් ටික අපෙන් ඈත්  වෙනවා.

මුණ මොන තරම් සුදුවට තිබුනත් තොල් කලුයි නම්, අවපැහැ වෙලා නම් මූණට කලින් අවපැහැ වුනු ඔයාගේ තොල් තමයි කැපිලා පෙන්නේ. ඒක ඔයාගේ සුන්දරත්වයට හානියක්. රෝස පැහැති සුමුදු දෙතොලක් තමන්ටත් තියෙනවා නම් මොන ගෑණු ළමයද අකමැති. එහෙම තියෙනවා නම් ඉතින් අමුතුවෙන් තොල් ආලේපන ඕනෙත් නෑ. ස්වාභාවික සුන්දරත්වය තරම් වෙන කිසිම දෙයක් වටින්නේ නැහැ. මේ කියන්නේ ඒ විදියට ඔයාගේ තොල් සඟලේ සුන්දරත්වය රැක ගන්න උදව් වෙන පොඩි tips ටිකක් ගැන, විවිධ හේතු නිසා තොල් ආපැහැ ගැන්වුණු අයට මේ සත්කාර විශේෂයයි. 

පිපිඤ්ඤා වලින් අවපැහැ ගැන්වීම් අවම කර ගන්න

සිහින්වට කපා ගත් පිපිඤ්ඤා පෙත්තක් දෙතොල් මත තබා ගන්න. එහි තෙතමනය හොඳින් දෙතොල් වලට උරා ගන්නා තෙක්  විනාඩි 20ක් පමණ තබා ගන්න. දිනපතා කිරීමෙන් ඉතා ඉමනින් අවපැහැ වීම් අවම කර ගන්න පුළුවන්. 

දෙහි හා සීනි වලින් scrub එකක් කරමු

වැඩි අමුද්‍රව්‍ය ඕන නැති නිසා ඔයාට මේක හරිම පහසුවෙන් කර ගන්න පුළුවන්. සිහින් දෙහි පෙත්තක් හෝ ලෙමන් පෙත්තක් කපා ගෙන ඒකට උඩින් සීනි ටිකක් ඉහ ගන්න. දැන් තොල් වල සෙමින් අතුල්ලමින් scrub කරන්න. දෙහි කියන්නේ ස්වාභාවික බ්ලීච් එකක්. ඒ මඟින් සම පිරිසිදු කරනවා. ඒ වගේම සීනී වල තියෙන රළු බව නිසා මැරුණු සම හොඳින් ඉවත් වෙනවා. 

tooth paste වලින් දෙතොලට සත්කාර

මීට කලින් අහලා නැති නිසා ටිකක් අමුතුයි වගේ ඇති. ඒක එච්චර හිතන්න එපා. වැඩේ කරලා බලනක්කෝ. හැමදාම උදේ, රෑ දත් මදින නිසා මේක නම් හරිම පහසුවෙන් කරන්න පුළුවන් සත්කාරයක්. දත් මැදලා ඊට පස්සේ tooth brush එකෙන් ඉතා සෙමින් තොල් පිරිමදින්න. ඊට පස්සේ හොඳින් සෝදලා බලන්න පොඩි වෙනසක් තියෙනවද කියලා. මේක සතියකට දවස් දෙකක් විතර කළා නම් හොඳටම ඇති. නැත්තන් නිතර නිතර tooth brush එකෙන් තොල් පිරිමදින්න ගිනින් තොල් තුවාල කර ගනීවි. 

අපි හැමදාම ඔයාගේ සුන්දරත්වය වෙනුවෙන් ඔයාට වැදගත් වෙයි කියලා හිතෙන දේවල් ඔයාට කියනවා. එත් මේවා ඇත්තටම වැඩ කරනවද? නැද්ද ? ඒවාගේ ප්‍රතිඵල කොහොමද කියලත් දැන ගන්න අපි කැමතියි. ඉතින් ඒ විස්තරත් comment කරලා කියන්න අමතක කරන්න එපා. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 803 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:50:27 PM
Script:/article/803/lip-treatments-with-toothpaste.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:50:27 PM
Script:/article/803/lip-treatments-with-toothpaste.html