හිසකෙස් වේගයෙන් වර්ධනය වීමට උපකාරි වන ආහාර වර්ග

August 22, 2021
18,389
Eat these foods to grow your hair
නිරෝගි කෙස් කලඹක් සියළුම කාන්තාවන්ගේ සිහිනයක්. ඒ සඳහා ෂැම්පු, කණ්ඩිෂනර්, කෙරටින් ආලේපන, මාස්ක්, සීරම් ආදී විවිධ නම්වලින් හඳුන්වනු ලබන ආලේපන වර්ග භාවිතා කරනවා.. නමුත් කොපමණ මිල අධික ආලේපන භාහිරව ආලේප කරත් හිසකෙස් ප්‍රමාණවත් පරිදි වර්ධනය නොවීම ඔබට තිබෙන විශාල ගැටළුවක් නේද..? ඔබ දන්නවාද බාහිරව ආලේප කරන ඇතැම් මිල අධික ආලේපන වර්ග හේතුවෙන් ඔබගේ කෙස් කළඹට දැඩිව හානි සිදුවන බව..

එසේනම් කෙසේද දිගුවන් නීරෝගි කෙස් කළඹක් ලබා ගන්නේ..

ඔබගේ දෛනික ආහාර වේලට පෝෂ්‍යදායි ආහාර වර්ග එක්කර ගැනීමෙන් ඔබගේ දිගු කෙස් කළඹක් පිළිබඳ සිහිනය හැබෑ කර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.. නමුත් එහිදී විශේෂයෙන් පහත සඳහන් ආහාර ඔබගේ ආහාර වේල සඳහා එක්කර ගත යුතුයි..

කෙසෙල්
කෙසෙල් වල ඇති විශේෂත්වය වන්නේ එය ඕනෑම කාලයක වෙළදපොලෙන් පහසුවෙන් මිලට ගත හැකි වීමයි.. එමෙන්ම කෙසෙල් පෝෂ්‍ය ගුණයෙන්ද ඉතාමත් ඉහළයි.. එහි අඩංගු පොටෑසියම් සහ විටමින් K සහ ස්වභාවික තෙල් මගින්, හානි වු හිසකෙස් යථා තත්ත්වයට පත් කරන අතර වර්ධනය වැඩිදියුණු කරනවා.. එමෙන්ම කැල්සියම් මගින් හිස්හොරි ඇතිවීම පාලනය කර හිසකෙස් ගැලවී යාම නවතා දමන අතර පොටෑසියම් මගින් හිසකෙස් කැඩී යාම පාලනය කරනු ලබනවා. කෙසෙල් දිනපතා ආහාරයට ගැනීමෙන් සිනිදු සහ දිදුලන කෙස් කළඹක් ලබා ගත හැකියි.

බිත්තර
බිත්තර ශරීරයට අත්‍යවශ්‍ය බයොටින් ස්වභාවිකව ලබාගත හැකි පහසුම ආකාරයකි.. හිසකෙස් සඳහා අත්‍යවශ්‍ය පෝශකයක් වන කෙරටීන් නිපදවීම බයොටින් ආධාරකයක් ලෙස ක්‍රියා කරනවා.. ඊට අමතරව බිත්තර වල අඩංගු ඉහළ ප්‍රෝටින් අන්තර්ගතය, සෙලිනියම් සහ සින්ක් වැනි පෝෂ්‍ය පදාර්ථ හිසකෙස් ශක්තිමත් කරනු ලබනවා. බිත්තර කහ මදයේ ඇති පෝෂක හිසකෙස් හානි වීම වළකා ඝණකම් කෙස් කළඹක් සඳහා උපකාරි වනවා.. බිත්තර ඔබට විවිධ ක්‍රමයන්ට ආහාරයට ගැනීමටත් නැතිනම් සෘජුවම හිසකෙස් මත ආලේප කිරීමටත් හැකියාව තිබෙනවා.

නිවිති
ඔබට පහසුවෙන් සොයා ගත හැකි පෝෂ්‍ය පදාර්ථ සපිරි ආහාරයක් ලෙසටයි පෝෂණවේදින් නිවිති හඳුන්වනු ලබන්නේ.. එහි අඩංගු විටමින් A, C, යකඩ, ෆොලේට් වැනි විටමින් සහ ඛනිජ ලවන මගින් හිසකෙස් ආරක්ශා කර හොඳින් වර්ධනය කරනු ලබනවා.. ඊට අමතරව එහි අඩංගු සීබන් නම් සංඝටකය ස්වභාවික කන්ඩිෂණර්යක් ලෙස ක්‍රියා කරනු ලබනවා..

අලිගැටපේර
ස්වභාවික විටමින් E සපිරි අලිගැටපේර ඉහල පෝෂ්‍යපදාර්ථ සපිරි ආහාරයක්.. ඔබට ශක්තිමත් සහ නීරෝගි කෙස් කළඹක් ලබා ගැනීමට එය උපකාරි වනවා. දිනකට මධ්‍යම ප්‍රමාණයේ අලිගැටපේර ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය විටමින් E ප්‍රමාණයෙන් 21% ක් පමණ ලබාගත හැකියි. ස්වභාවික තෙල් මගින් හිස කෙස් වියළීම වළකා හිසකෙස් ආරක්ශා කරන අතරම දිගු කෙස් කළඹක්ද ලබාදෙනවා.

ඇට වර්ග
ශරීරයට අත්‍යවශ්‍ය මේදය සහ විටමින් E වලින් බොහෝමයක් ඇටවර්ග පොහොසත් වනවා .පිකෑන්ස්, වොල්නට්ස්, ආමන්ඩ් සහ කජු වල බයෝටින් අන්තරගත අතර එමගින් හිසකෙස් වර්ධනය වේගවත් කරගත හැකියි.. එමෙන්ම ඒවායේ අඩංගු සින්ක් සහ මේද අම්ල මගින් ඝනකම්, නීරෝගි කෙස් කළඹක් ලැබෙන අතර මෙම පෝෂ්‍යපදාර්ථ නිසි පරිදි නොලැබී යාමෙන් හිස් හෙස් ගැලවී යාම වැනි තත්ත්වයන්ට හේතු වනවා.

කුරුදු
ඉතා රසවත් කුළුබඩුවක් ලෙස ප්‍රචලිත කුරුදුවල ඖෂධීය ගුණාංග රාශියක් අඩංගු වනවා. කුරුදු ආහාරයට ගැනීමෙන් රුධිර සංසරණය ක්‍රමාණුකූලව සිදුවන අතර එමගින් මොළයේ නිසි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය රුධිරය ප්‍රමාණවත් පරිදි ලැබෙනවා. හිස්කබල ප්‍රාණවත් වන අතර හිසකෙස් වර්ධනය වේගවත් වනවා.

දෙළුම්
දෙළුම් වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක මගින් හිස්කබල ආශ්‍රිත රුධිර සංසරණය නිසිපරිදි පවත්වාගෙන යාමට උපකාරි වන අතර එමගින් හිසකෙස් ශක්තිමත් වීම සිදුවනවා.. එමෙන්ම එහි බීජ අඹරා හිසකෙස් මත ආලේප කිරීමෙන් අකලට හිසකෙස් සුදුවීම වළක්වා ගැනීමටද හැකිවනවා.

බතල
බතලවල අඩංගු බිටා කැරොටින් මගින් හිසකෙස් වර්ධනය සහ ශක්තිමත් කිරීම කරගත හැකියි.. එමෙන්ම බතල ආහාරයට ගැනීමෙන් ඔබට දිනකට අවශ්‍ය විටමින් A ප්‍රමාණය මෙන් 4 ගුණයක් ලබාගත හැකියි. විටමින් A මගින් හිසකෙස් සඳහා අත්‍යවශ්‍ය සීබම් නම් සංඝටකය නිපදවීමට උදවු වන අතර හිසකෙස් වර්ධනය වේගවත් වනවා.

සෝයා බෝංචි
සෝයා ඔබට විවිධ ආකාරයට ආහාරයට එක්කර ගැනීමට හැකි අතර හිසකෙස් සඳහා සුමුදු සහ දිලිසෙන පෙනුමක් ලබාදෙනවා. සෝයා වල යකඩ සහ ප්‍රෝටින් බහුලව අඩංගු වන අතර ඔබ නිර්මාංශ කෙනෙක්නම් බහුලව සෝයා ආහාරයට ගැනීමෙන් දෛනික ප්‍රෝටින් අවශ්‍යතාවය සපුරා ගත හැකියි.. එමෙන්ම සෝයා ආහාරයට ගැනීම හිසකෙස් සඳහා මෙන්ම සිරැරේ බර නිසි පරිදි පවත්වා ගැනීමට සහ නිරෝගි හෘදය සෞඛ්‍යය සඳහාත් වැදගත් වනවා.

ස්ට්‍රෝබෙරි
විටමින් C වලින් අනූන ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීමෙන් යකඩ අවශෝෂණය වේගවත් වනවා.. එමෙන්ම ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීමෙන් හිසකෙස් අග පැළීම සහ ගැලවී යාම පාලනය වනවා.

ඉස්සන්
ඉස්සන් සැලකෙන්නේ සින්ක්, යකඩ, ප්‍රෝටින්, විටමින් B සහ D වලින් පොහොසත් ආහාරයක් ලෙසටයි. හිසකෙස් ගැලවී යාමට හේතුවක් වන විටමින් D ඌණතාවයට විසඳුමක් ලෙස ඉස්සන් ආහාරය එක්කර ගැනීමට ඔබට හැකියි.. ඉස්සන් තුල අඩංගු මේද අම්ල ප්‍රමාණය මද වුවත් එහි ඔමෙගා 3 බහුල වන බැවින් හිසකෙස් වර්ධනය වේගවත් කරගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to reduce under arm sweating
   6,382
   23

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Changes in your body if you consume cod-liver oil daily
   91,991
   18

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Symptoms to say you are pregnant
   43,583
   17

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Dress patterns for flower prints
   61,519
   17

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed