කොරෝනා කාලේ සමාජ දුරස්ථභාවය කියන්නේ මොකක්ද සහ ඒක ඇත්තටම අවශ්‍ය ඇයි කියලා ඉගෙන ගන්න

April 17, 2020
6,327
Why social distancing this important
අද වෙද්දී ලෝකය පුරාම පැතිරිලා තියන COVID-19 වසංගතයත් සමඟ, ඔබ දැනටමත් දන්නවා ‘සමාජ දුරස්ථභාවය’(Social Distancing) කියන වචනය ගැන. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල වගේම සමාජ මාධ්‍ය වටාත් මේ වචනය තවමත් පා වෙමින් තිබෙනවා. වෙළඳ සැල් සහ අවන්හල් වසා දැමීම, බොහෝ කාර්යාල සේවකයන්ට රජයන් විසින් ප්‍රකාශයට පත් කරන ලද නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය හා ලොව පුරා බොහෝ විනෝදාත්මක අවස්ථා අවලංගු කිරීම් ආදී මේ සියල්ල සමාජයෙන් අපිව දුරස් කිරීමේ උත්සාහයන් විදිහට අරගත්ත පියවර වෙනවා. ඉතින්, සමාජ දුරස්ථභාවය කියන්නේ මොකක්ද සහ එහෙම දෙයක් රජයන් සහ සංවිධාන විසින් සාමාන්‍ය ජනතාව වෙන අපෙන් දැඩි ලෙස ඉල්ලා සිටින්නේ ඇයි කියලා අපි සොයා බලමු. ඔබත් මේ ලිපියෙන් ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඔබේ පුද්ගලික වගකීම ඉෂ්​ට කරන්න.

සමාජ දුරස්ථභාවය කියන්නේ මොකක්ද?

සමාජ දුරස්ථභාවය කියන්නේ වෛරස් පැතිරීම මන්දගාමී කිරීම සඳහා ලොව පුරා පුරවැසියන් ගන්නා උත්සාහයක්. මේ අවස්ථාවේ දී COVID-19 වයිරසය බොහොම තදින් ලෝක සිතියම ආවරණය කරගෙන යන නිසා අපි තව කෙනෙක් මුණගැහෙනකොට හෝ මිනිස්සු එකිනෙකා භෞතිකව අන්තර්ක්‍රියා කරන සෑම අවස්ථාවකම එකිනෙකා විෂබීජ හෝ ක්ෂුද්‍ර ජීවීන් හුවමාරු කර ගන්නවා. එමඟින් අපි හමු වන වෙනත් පුද්ගලයින්ට ද වෛරසය ව්‍යාප්ත වෙනවා. සමාජයෙන් ඈත්වීම කියන්නේ ගෙදර ඉඳන් වැඩ කිරීම, ගෙදරම රැඳී සිටීම හා තවත් බොහෝ දේ ඇතුළුව අවශ්‍ය අවස්ථාවන්වලින් තාවකාලිකව ඉවත් වීමක් පමණයි. අපි නිවසට වෙලා ඉන්න තරමට වෛරසය ආසාදනය වීමෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. සමාජ දුරස්ථභාවයේ යෙදෙන එක් පුද්ගලයෙකුට තමාව ම බේරා ගන්න පුළුවන් වගේම සමස්ත සමාජයට ම වෛරසය මුළුමනින්ම පැතිරෙන එක නවත්වන්න පුළුවන්. 
මේක ඒ තරම්ම වැදගත් වෙන්නේ ඇයි කියලා අපි දැන් බලමු.

සමාජ දුරස්ථභාවයේ ප්‍රතිලාභ

සමාජ දුරස්ථ ප්‍රතිලාභ ඔබට පමණක් නෙමෙයි, සමාජයට ද ප්‍රයෝජනවත් වෙනවා. වසංගත කාලයකදී ඒක ඒ තරම් අවශ්‍ය වන්නේ ඇයි කියලා අපි කියන්නම්...

1. මිනිසුන් ආරක්‍ෂිතව තබා ගනී
සමාජ දුරස්ථභාවයේ පළමු හා වඩාත්ම පැහැදිලි වාසිය තමයි ඔබ ආරක්ෂිතව සිටීම සහ අනෙක් අතට අවට සිටින පුද්ගලයින් ද ආරක්ෂා කිරීම. ඊටත් වඩා වැදගත් දෙය තමයි සමහර පුද්ගලයින්ට සමහර වෛරස් වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබී​ම. COVID-19 සම්බන්ධයෙන් ගත්තම වැඩිහිටියන් හෝ ශ්වසන රෝග ඇති පුද්ගලයින් මේ අතරින් විශේෂිතයි. එමනිසා ඔබ අධි අවදානම් කොට්ඨාසය​ට වැටෙන්නේ නැතත් ඔබ අතින් වෛරසය රැගෙන ගිහින් ඒක බරපතල විදිහට බලපෑමට ලක් වෙන්න පුළුවන් කෙනෙකුට පැතිරෙන්​න පුළුවන්. නමුත් අපි අතර සමාජ දුරස්ථභාවය පුරුදු කිරීමෙන් ඔබ අවට සිටින අය ද මේ පුද්ගලික වගවීම භාර ගන්න සහ එමගින් ආරක්ෂා වෙන්​න පුරුදු වෙනවා.

2. වෛරසය පැතිරීම මන්දගාමී හා නතර කරවයි
ඇත්ත වශයෙන්ම වෛරස පැතිරීම වළක්වාගන්න බොහෝ ක්‍රම තියනවා. නමුත් ඒක නැවැත්වීමේ පළමු පියව​ර තමයි එය මන්දගාමී කරවීම. මිනිස්සු එකිනෙකා සමඟ අන්තර්ක්‍රියා නොකරනකොට වෛරසය පැතිරීමේ වේගය අඩාල කරවන්න පුළුවන්. සියලුම ආසාදිත පුද්ගලයින් නිරෝධායනය කර සුව වුණාට පස්සේ වෛරසය පැතිරීම නිල වශයෙන් නතර වෙනවා. මෙම වර්ගයේ වසංගතයක් අවසන් කිරීමට හොඳම ක්‍රමය මේකයි.

3. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ බර අඩු කිරීම
සෑම රටකම සෞඛ්‍ය සේවා පද්ධතියකට අදාළ සීමාවන් ඇති අතර ඒවාට මුහුණ දිය හැක්කේ වරකට බොහෝ අවස්ථාවන් කීපයකට පමණයි. අපේ  රටේ ද රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සෑම දිනකම තම ජීවිතය පරදුවට තබමින් මේ වසංගතයට එරෙහිව කටයුතු කරන බව ඔබ අමතක නොකළ යුතුයි. ඔබ සහ ඔබ අවට සිටින අය ආරක්‍ෂිතව තබා ගැනීමෙන්, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය මුහුණ දෙන මේ බර ප්‍රමාණය අඩු කර දීමට ඔබත් ඔවුන්ට උදව් වෙනවා. මේ ආකාරයෙන්, බලපෑමට ලක්වූවන් ද ඉක්මණින් සුව කරන්න පුළුවන් අතර වෛරසය ඉක්මනින් නවත්වන්නත් පුළුවන් වෙනවා.

සමාජ දුරස්ථභාවයේ වෙනත් ප්‍රතිලාභ

අපි මේ ඉහතින් සඳහන් කරපු ප්‍රතිලාභ තමයි සමාජ දුරස්ථභාවයේ මූලික අරමුණු. නමුත් දැන් අපි ඔබට කියන්නම් නිශ්චිතවම ඔබට හිමි වන තවත් ප්‍රතිලාභ කිහිපයක්...

1. ඔබට වැඩි වේලාවක්
ඔබගේ කාර්යබහුල ජීවන රටාව නිසා ඔබට කොපමණ වටින කාලයක් අහිමි වෙලාද කියලා මෙච්චර කල් ඔබට වැටහිලා තියෙන්න නැතුව ඇති. ඔබ රැකියාවට නොයෑමෙන් හෝ නිතර නිතර පිටතට නොයා නිවසේ කාලය ඉතිරි කර ගන්නකොට ඔබට වැඩිපුරම ඔබ වෙනුවෙන් සහ පවුලේ අය වෙනුවෙන් කාලය ලබා දෙන්න ඉබේම පෙළඹෙනවා. ඒ නිසා විවේක කාලයේදී උණුසුම් ජලයේ පාද පොඟවාගන්න, හොඳ පොතක් බලන්න, උණුසුම් කෝපි කෝප්පයක් රසවිඳින්න්න හෝ හොඳ නින්දක් ලබා ගන්න, පවුලේ එකිනෙකා එක්ක විනෝදජනක ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. මේක ඒ සඳහා හොඳම කාලයයි.

2. තවත් ඉතිරිකිරීම්
මේ කාලයේදී ඔබට දෛනික ප්‍රවාහන වියදම් නැහැ, පිටින් කෑම බීම නැහැ. ඒ නිසා ඔබට කොච්චර මුදල් ඉතිරි වෙලා ද කියලා ඔබ පුදුම වෙයි. ඇත්ත වශයෙන්ම මේකත් ඔබේ ජීවන රටාව පහසු කරවන දෙයක්. 

3. සමීපතමයන් හා බැඳෙන්න කාලය
සමාජ දුරස්ථභාවය ඔබේ පවුලේ අය සමඟ නිවසේ ගත කිරීමට වැඩි කාලයක් ලබා දෙයි. ඒ නිසා ඔබට ඔබේ සැමියා/බිරිඳ සහ දරුවන් සමග කතාබස් කො​ට මෙම මාස කිහිපය තුළ ඔබට අහිමි වූණු දේවල් ගැන කතා කරන්න පුළුවන්. නිවසේ සිරවී සිටිද්දී පවුල සමඟ කළ යුතු විනෝද ක්‍රියාකාරකම්  කිහිපයක් අත්හදා බලන්නත් අමතක කරන්න එපා.

4. දේවල් කර ගන්න
නිවසේ ඉඳන් ගෙදර දොරේ වැඩක්, කියවීමට හොඳ පොතක් හෝ ඉගෙන ගැනීමට නව විනෝදාංශයක් වේවා මාස ගණනාවක ඉඳන් අපිට කරන්න අවශ්‍ය දිග ලැයිස්තුවක් අපි හැමෝට ම තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඒ ලැයිස්තුවෙන් සමහර දේවල් තෝරා ගැනීමට සහ ඒවා සම්පූර්ණ කරගන්න​ට දැන් ඔබට අවස්ථාව ති​බෙනවා.

අනුගමනය කළ යුතු සමාජ දුරස්ථ නීති

ඇත්ත වශයෙන්ම, ඔබ විසින් ගත යුතු පූර්වාරක්ෂාවන් කිහිපයක් මේ අවස්ථාවේදී තිබෙනවා. නමුත් සමාජ දුරස්ථ වීම යන්නෙන් අදහස් වෙන්නේ නෑ ඔබ ලෝකයෙන් හුදෙකලා විය යුතු බවක්. ඔබ අනුගමනය කළ යුතු සමාජ දුරස්ථ නීති කිහිපයක් මෙන්න...

1. සමූහ ක්‍රීඩා වලින් හා සාද වලින් වළකින්න
සමූහ සෙල්ලම් සහ සාද කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ව අනිත් පුද්ගලයන් හා ස්පර්ෂ වීමට සහ ගැටීමට සලස්වන දේවල්. එවැන්නක් නිසා කෙනෙක්ගෙන් ලැබෙන වෛරස​ය පසුව ඔබේ පවුල වෙත සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීමට නම් සමූහ ක්‍රීඩා වලින් හා සාද වලින් වළකින්න. අත්‍යාවශ්‍යම සේවයකට නිවසින් පිටතට යන්න වුණොත් සෞඛ්‍ය අංශ හඳුන්වා දී ඇති සනීපාරක්ෂක පූර්වෝපායයන් අනුගමනය කරමින් නැවත ඔබ නිවසට ඇතුළු වූ විගස අත් සෝදා ගෙන පිරිසිඳු වෙන්න.

2. ජනාකීර්ණ ප්‍රදේශවලින් වළකින්න
රජයෙන් ඇඳිරි නීතිය ඉවත් කරන කාල වලදිත් ඔබට අවශ්‍යතා වලට මිසක් එළිමහනේ ඇවිදින්න හෝ එළිමහනේ හැසිරෙන්න යන්න එපා. විශේෂයෙන්ම ජනාකීර්ණ ප්‍රදේශයකට යාමෙන් වළකින්න. ඔබ අවම වශයෙන් මීටරය​ක දුරක් වත් අනෙක් අයගෙන් ඈත් වෙලා ඉන්න.

3. තෝරා බේරා කටයුතු කරන්න
ඔබ ඉන්නේ අත්‍යාවශ්‍ය සේවා සලසන රැකියාවක නම් පුද්ගලයන් 10 කට වඩා වැඩි පිරිසකගේ රැස්වීම්වලට නොයෑම සහ ඇත්ත වශයෙන්ම එම පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳව තෝරා බේරාගෙන කටයුතු කිරීම මේ කාලයේදී වැදගත්. මොකද සමාජයෙන් දුරස්ථව ඉද්දී ඔබේ කවය කුඩා ලෙස තබා ගන්න. දූරදර්ශී තේරීම් කිරීම මෙම කාලය තුළ ඔබ සහ ඔබගේ පවුල ආරක්ෂාකාරීව තබා ගැනීමට උපකාරී වෙයි.

4. සිල්ලර බඩු ගබඩා කිරීම
ඇත්ත වශයෙන්ම මෙයින් අදහස් කරන්නේ ඉස්සරහට සාගතයක් එනවා වගේ ගබඩා කිරීම ගැන නම් නෙමෙයි. නමුත් ඇඳිරි නීතිය ඉවත් කරන දින වලට එක් වරකට අත්‍යාවශ්‍ය සිල්ලර බඩු අවශ්‍ය ප්‍රමාණයට විතරක් මිලට ගන්න. එතකොට ඔබට සාප්පු යන්න සිද්ධ වෙන වාර ගණන අඩු වෙයි. අමතරව දරුවන්ට ඕනේ නම් රසකැවිලි, පොප්කෝන්, ළදරු ආහාර, ධාන්‍ය යනාදි සුලු කෑම වර්ග හෝ පෙර ඇසුරුම් කළ ආහාර ද ඒ අතරට ගන්න පුළුවන්.

5. අන්තර්ජාලය පූර්ණ ලෙස භාවිතා කරන්න
ඔබට ඔබේ නිවසේ සුවපහසුවට ඉඳන් වැඩ කරන්න වගේම ඔබේ මිතුරන් සමඟ කතා කරන්නත් අවස්ථාව හදාගන්න පුළුවන් අන්තර්ජාලය හරහා. ඔබට අන්තර්ජාලය හරහා විනෝදාංශ කරන්න, ඔබේ මිතුරන් සමඟ කතා කරන්න, වීඩියෝ ඇමතුමකින් ඔවුන් සමඟ සම්බන්ධ වෙන්න, සමාජ මාධ්‍ය වල සමූහ සාකච්ඡා සමඟ එකතු වෙන්න වගේම එකිනෙකාගේ දුක සැප සොයා බලන්නත් අන්තර්ජාලය පහසුකම් සපයනවා. ඒ නිසා ඔබට නිවසේ ඉඳන්ම බොහෝ දේ කරන්න පුළුවන්. ඒ වගේම නිවැරදි හා විශ්වසනීය මූලාශ්‍ර වලින් අලුත් පුවත් ගවේෂණය කරන්න. නිවසින් පිටතට යාම ආරක්ෂිත වෙනකල් ඔබේ පවුලේ අය සමඟ නිවසේ විවේකීව කාලය ගත කරන්න!

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1558 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:07:44 PM
Script:/article/1558/why-social-distancing-this-important.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:07:44 PM
Script:/article/1558/why-social-distancing-this-important.html