ලංකාවේ වායු දූෂණය දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් තියෙනවා. මෙම කාලයේ වායු දූෂණය ඇති වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, රථවාහනවලින් පිටවන දුම්, කර්මාන්තශාලාවලින් පිට කරන දුම් සහ ඉදිකිරීම්වලදී ඇවිස්සෙන දූවිලි වැනි ක්‍රියාවන්. ඒ වගේම නිවසේ වාතයේ ගුණාත්මක භාවය දුර්වල නම් හෝ වෛරස් වලින් පිරී තිබේ නම් ශ්වසන රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් පවතිනවා. ඒ නිසා වායු පවිත්‍රකාරක සෑම විටම හොඳ විකල්පයක්, ස්වාභාවිකවම ඔබගේ නිවෙස්වල වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා ඔබට අනුගමනය කළ හැකි ටිප්ස් කිහිපයක් කියා දෙන්න හිතුවා.
ගෘහස්ථ වාතයෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට ක්‍රම 7 ක් මෙන්න
1. ඔබේ පාපිසි නිතිපතා පිරිසිදු කරන්න
ඔබේ කාමරයේ ඇති පාපිසි වල නිතිපතා දූවිලි ඉවත් කිරීමට බවට වග බලා ගන්න, නිවසේ ඇති අනෙකුත් පාපිසි අවම වශයෙන් සතියකට වරක්වත් පිරිසිදු කරන්න.
2. වැඩි ඔක්සිජන් සඳහා ගෘහස්ථ ශාක සිටවන්න
ඔබේ කාමරය තුළ වාතය පිරිසිදු කිරීමට ඔබට උපකාරී වන ගෘහස්ථ ශාක බොහෝ ඇත. අපේ පෙර ලිපියකින්
(ගෙදර ලිපෙන් පවා පිට වන විෂ වායු නසන, නිවෙස තුළ තබන පැල - Indoor Plants) කීවා සේ කෝමාරිකා,බැම්බූ පාම්, ඩ්‍රැගන් පාම්, ස්පයිඩර් ප්ලාන්ට්, රබර් පැල, පොතොස්, ස්නේක් ප්ලාන්ට් වගේ පැලෑටි යනු නැවුම් සහ පිරිසිදු වාතය ආශ්වාස කිරීම සඳහා ඔබේ කාමරවල තැබිය හැකි වඩාත් ඵලදායී හා මිල අඩු ශාක කිහිපයකි. ශාක පත්‍ර වලින් ඉහල ඔක්සිජන් ප්‍රමාණයක් මුදා හරින අතර වාතයේ ඇති ගුණාත්මකභාවය වැඩි කරයි.
3. ඔබේ කාමරවල වාතයේ තෙතමනය (humidity) හොඳ මට්ටමක පවත්වා ගන්න
ඔබේ කාමරවල අධික තෙතමනය දූවිලි මයිටාවන් සඳහා බෝවන ස්ථානයක් බවට පත් කළ හැක. එ නිසා, ආර්ද්‍රතාවය පාලනය කර ඇත්දැයි පරීක්ෂා කර බලන්න. එසේම, ඔබේ වායුසමීකරණ යන්ත්‍රය හෝ coolers නිතිපතා පිරිසිදු කිරීමට වග බලාගන්න.
4. නිවස තුළ දුම්පානය අත්හරින්න
ඔබ දුම් පානය කරන්නෙකු නම්, දුම්පානය පවා වාතයේ ගුණාත්මක භාවය විනාශ කළ හැක. වාතය නැවුම්ව තබා ගැනීම සඳහා ඔබේ කාමරය තුළ දුම් පානය කිරීමෙන් වැළකී සිටීම හොඳයි!
5. Aerosol ඉසින්න එපා
ඒ වෙනුවට, beeswax candles වායු පවිතකාරක ලෙස හොඳින් ක්‍රියා කරන බැවින් ඒවා භාවිතා කරන්න. Essential oil වර්ගද ද ඔබේ කාමරය නැවුම්ව තබා ගැනීමට උපකාරී වෙනවා.
6. ඔබේ සුරතලා සහ ඔබේ සනීපාරක්ෂාව
ඔබ නොදැන සිටිය හැකි නමුත් ඔබේ සුරතලාගේ ලෝම වලින් දූවිලි හා වෙනත් අංශු විශාල ප්‍රමාණයක් නිවසට පැමිණෙන අතර එමඟින් ඔබේ කාමරයේ වාතය දුෂණය වෙනවා. එමනිසා, ඔබේ සුරතලා මෙන්ම ඔබේ සුරතලා සාමාන්‍යයෙන් වාඩි වී සිටින ප්‍රදේශ ද නිතිපතා පිරිසිදු කිරීමට වග බලා ගන්න.
7. ඔබේ ඇඳ ඇතිරිලි නිතිපතා වෙනස් කිරීම
ඔබට සුරතල් සතෙකු ඇති නම් සඳහා මෙය අත්‍යවශ්‍ය වෙනවා. එයට හේතුව ඔබේ සුරතලාගේ ගැල වී ඇති ලොම් නිසා විවිධ අසාත්මිකතාවන්ට එය හේතු විය හැකි වීමයි.