නිදන කාමරේ අදම මේ විදිහට වෙනස් කරලා බලන්න

April 11, 2017
32,279
How to Arrange Your Bedroom
තනිකඩ ජීවිතේ වගේ නෙවෙයි විවාහ වුණාට පස්සේ. ආදරෙන් ඉන්නවා වගේම පොඩ්ඩ බැරිවෙන කොට පොඩි පොඩි රණ්ඩුත් ඕන තරම්. මේ හැමදේටම ඔය දෙන්නගේ කාමරෙත් වගකියන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද? පවුල් ජීවිතේ සැහැල්ලුවෙන් සුන්දරව ගත කරන්න මානසික නිදහස ඕනමයි. ඒ නිදහසට නිදන කාමරය වැදගත්. බලන්න ඔයාලගෙ නිදන කාමරෙත් මේ වගේද සකස් කරලා තියෙන්නෙ කියලා.

ගෙවල්වල පෙනුමට එක එක වර්ණ තෝරගන්නවා. සාලට එක පාටක්, ඉස්තෝප්පුවට තව පාටක්, කාමරවලට තවත් පාටක්, කුස්සියට එක පාටක්. කොහොම පාට තේරැවත් නිදන විවාහක යුවළකගේ කාමරයට තද වර්ණ නම් සුදුසු නෑ. අදුරැ වර්ණ භාවිතා කිරීමෙන් සිතිවිලි පවා චංචල වෙන්න පුළුවන් බව තහවුරැ කරගෙන තිබෙනවා. නිදන කාමරයට සුදු පැහැය වඩාත් සුදුසුයි.

බිත්තිවල වර්ණ වගේම ඇද ඇතිරිලි, තිර රෙදි ආදිය ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. මේවාත් ළා පැහැයන්ගෙන් තෝරගන්න. ළා පැහැති තිර රෙදි, ඇතිරිලි මානසික සුවය ගෙන දෙනවා. සිතට සහනය ගෙන දෙනවා. ඒ වගේම නෙතටත් සෞම්යයි.
පර්චස් කිහිපයක හදන නිවසක යහමින් ඉඩකඩ නෑ. බඩු මුට්ටුත් එමටයි. ඒත් නිදන කාමරය බඩු වලින් පුරවන්න එපා. බොහෝමයක් අය නිදන කාමරයේ පොත් රාක්ක, සපත්තු රාක්ක, මේස ආදිය තබා ගන්නවා. එවැනි බඩු මුට්ටුවලින් කාමරය පුරවා ගත්තාම ඉඩකඩ සීමා සහිත වෙනවා. ඒ වගේම හිතටත් පීඩා ගෙන දෙනවා. වැඩි ඉඩකඩක් කාමරයේ ඉතිරි වුණාම ඒක මානසික නිදහසට බලපානවා. මානසික සතුට තෘප්තියට හේතු වෙනවා. සතුට වැඩිවෙනවා. ඒ නිසා පුළුවන් නම් කාමරයේ අනවශ්ය බඩු ඉවත් කරලා නිදන ඇදයි තවත් ඉතාම අවශ්ය දේවල් කිහිපයක් පමණක් තියලා ඉඩකඩ ඉතිරි කරගන්න බලන්න.

නිදන කාමරයක අනිවාර්යයෙන් තියෙන දෙයක් කණ්ණාඩි මේසය. ඉඩ පහසුකම් ඇති විදියට තමයි ඒක තියන්නේ. ඒ වුණාට කණ්ණාඩි මේසය තියන තැන ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. සමහර අය කණ්ණාඩි මේසය තියන්නේ ඇද ළගින්මයි. කණ්ණාඩි මේසයෙන් නිදන ඇද පේන විදියට තියන්න එපා. ඇදේ හිස තබන පැත්තට සමාන්තරව තියන්න ඉඩ හදාගන්න.

විසිත්ත කාමරය විවිධ ගෘහ භාණ්ඩවලින් පුරවලා තියෙනවා වගේම නිදන කාමරෙත් ඇද යට අල්මාරිය උඩ හැම තැනම බඩු තියනවා. එහෙම කරන්න එපා. ඇද යට එක පැත්තකින් බැලුවාම අනෙක් පැත්ත පේන විදියට තියෙන්න ඕන. බඩුවලින් පිරිලා තිබුණාම මනස ඉක්මනින් පීඩනයට පත්වෙන්න පුළුවන්ලු.

අනෙක් වැදගත්ම දේ පිළිවෙල. සමහර අයට පිළිවෙල කියන්නේ අපිළිවෙල. ඇදුම් ගලවපු ගලවපු තැන. ඇද විට්ටමේ, කාමරයේ දොර උඩ වගේ තැන්වල. පාවහන් ඇද යට. මේස් තැන් තැන්වල. අත්බෑග් දාපු දාපු තැන. ලියකියවිලි එහෙම තියනෙවා නම් ඒවා තැන තැන විසිරිලා. මොන තරම් අපිලිවෙලද. ඒ අපිලිවෙල සමහර විට ඔබ කෝපයට පත් කරන්න පුළුවන්. පිරිසුදුවට බාධාවක්. මේවා ඒ ඒ තැන්වල නිසි විදියට තියන්න. ඔබේ කාලයත් ඉතිරි වෙනවා. වැඩත් පහසු වෙනවා. අනවශ්ය ලෙස කෑ කෝ ගසමින් රණ්ඩු ඇති කරගන්න ඕන වෙන්නෙත් නෑ.

මේවා පුංචි දේවල් වුණත් ඒ තරම් සැලකිල්ලට නොගන්න දේවල්. ඒ නොසැලකිල්ල නිසා ඇති වන තත්ත්වයන් බරපතල වෙන්න පුළුවන්. සතුට, සැහැල්ලුව දෙන්නාගේ පවුල් ජීවිතය සාර්ථක කරනවා. අදම පොඩ්ඩක් වෙනස් කරගන්න බලන්න ඔබේ නිදන කාමරය.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 208 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:27:23 PM
Script:/article/208/how-to-arrange-your-bedroom.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:27:24 PM
Script:/article/208/how-to-arrange-your-bedroom.html