අනාගතේ ගැන හිතන යෞවනයට

August 15, 2017
8,207
Savings account for young people
යෞවන කාලය කියන්නේ ඕනෙම කෙනෙක්ගේ ජීවිතේ හොඳම කාලය කියලා කිව්වොත් ඒක වැරදි නැහැ. ඔයත් ඒකට අනිවාර්යයෙන් එකඟ වෙයි. ඒ වගේම යෞවනයට පත් වීමත් එක්ක මෙච්චර කාලයක් ඔයාට ළමයා කියලා කරපු ඇමතීමට තිත තියන්න වෙනවා. තව දුරටත් ඔයා ළමයෙක් නෙවෙයි. ළමා කාලයත් වැඩිහිටියෙකු වන කාලයත් අතර කාල සීමාවක් තමයි ඔයා දැන් පහු කරන්නේ. ඒ වගේම යොවුන් විය කියන්නේ අපේ ජීවිතේ දෙවෙනි උපත කියලා තමයි හඳුන්වන්නේ. ඒකට හේතුව මේ කාල සිමාව පහු කරද්දී ඔයාට ගොඩාක් ප්‍රශ්න, අභියෝග , හැල හැප්පීම්, බාධක සහ ජීවිතේ කායික මානසික වශයෙන් විශාල වෙනස් වීම් සිදුවීම වැනි පරිවර්ථනයන් සිද්ධ වීම. මෙන්න මේ හේතුන් නිසාම යොවුන් විය කියන්නේ සැඩ සුළං වලින් ගහන සමයක් කියල හඳුන්වනවා. ඉතින් මෙන්න මේ සැඩ සුළං වලින් පිරිච්ච කාල සීමාව අවුල් කර ගන්නේ නැතුව සීරුවට ඉදිරියට අරන් ගියොත් ඔයාගේ අනාගතය සාර්ථකයි වගේම පැහැදිලියි. හැබැයි එහෙම නොවුනොත් වෙන්නේ මොකද කියලත් ඔයාට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

සමහර විට ඔයා දැනටමත් ඔයාගේ අනාගතේ plan කරලා ඉවර ඇති. නැත්තන් ඒ ගැන plan කරමින් ඉන්නවා ඇති. එහෙමත් නැත්තන් තවමත් ඔයාට ඒ ගැන කිසිම අදහසක් නැතුව ඇති. ඔය කොයි කාටත් වටිනා කියන කාරණයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. පුංචි කාලේ කැට වලට සල්ලි එකතු කරා නම් ඉතුරු කරන පුරුද්ද සමහර විට ඔයාට පුංචි කාලේ ඉඳලම ඇති. අන්න ඒ පුරුද්ද තරුණ ඔයාට කොච්චර වටිනවද කියන එක ගැන තේරුම් කරන්න ඕන නැහැ. මොකද ඔයා යෞවනයෙක් යෞවනියක් නිසා. තව දුරටත් පොඩි ළමයෙක් නොවන නිසා.

ඉතුරු කරනවා කියන එක ගොඩාක් හොඳ වගේම වටිනා පුරුද්දක්. ඔයාගේ අනාගතේ ලස්සන කරන්න වගේම සාර්ථක කරන්නත් ඒ පුරුද්ද ඔයාට උදව් වෙනවා. කලිනුත් කිව්වානේ යොවුන් විය කියන්නේ ගොඩාක් ප්‍රශ්න, බාධක වලට ලක් වෙන සමයක් කියලා. ඔයාගේ හැම අවශ්‍යතාවයකදිම අම්මා තාත්තාගෙන් මුදල් ඉල්ලන එකත් කරන්න බැහැ. අන්න ඒ වගේ වේලාවකදී ඔයා ඉතුරු කරන්න පුරුදු වෙලා තිබුනොත් ඒක ඔයාට අනිවාර්යයෙන්ම පහසුවක් වෙනවා නේද?

යොවුන් වියේ පසු වෙන ඔයා තවම ඔයාගේ ජීවිතෙන් හතරෙන් එකක් වත් ගෙවලා ඉවර නැහැ. ඒ කියන්නේ ඔයාට ඔයාගේ ඉදිරි ජීවිතේ ඉටු කර ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයා ඔයාගේ අනාගතේ ගැන හිතන්නම ඕන නේද? ඉතිරි කිරීම තුළින් ඔයාගේ අනාගතය සුරක්ෂිත වෙනවා. ඔයාගේ අධ්‍යාපන කටයුතු, උසස් අධ්‍යාපනය ලබද්දී වගේ සුවිශේෂී අවස්ථා වලදී මේ ඉතුරු කිරීම කියන පුරුද්ද ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. එතකොට අනාගතේ ගැන චකිතයක් ඇති කර ගන්න ඕන වෙන්නේ නැහැ.

තව දෙයක් තමයි ඔයා දැන්ම ඉඳලා මේ ඉතුරු කිරීම කියන පුරුද්ද පුරුදු වීම තුළින් ඔයා වැඩිහිටියෙක් බවට පත් වුන දවසක අනවශ්‍ය විය හියදම් සහ නාස්තිය කියන දුර්වලතා ඔයා තුළ ඇති වෙන එකක් නැහැ. ඉතිරි කිරීම කියන එක අදට වඩා ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ හෙටට. අද දවසේ ඔයාට ලොකු ලොකු ප්‍රමාණ වලින් ඉතුරු කරන්න බැරි උනත් මේ පුරුද්ද ඇති කර ගැනීමම ගොඩක් වටිනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 372 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:56:07 PM
Script:/article/372/savings-account-for-young-people.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:56:07 PM
Script:/article/372/savings-account-for-young-people.html