ස්වභාවිකවම ශරීරයේ වේදනාව අඩුකර ගැනීමට උපකාරිවන ආහාර 8ක්

July 10, 2022
9,019
8 foods to reduce body-pains naturally
අපගේ ශරීරයේ ඇතිවන සියලු වේදනාවන් සිරැර තුල ඇතිවන ප්‍රදාහයන් (දැවිල්ල) සහ ගිනි අවුලුවන ප්‍රතිචාරයන් මත පදනම් වනවා. විශේෂයෙන් නිදන්ගත දැවිල්ල, බොහෝ හෘද රෝග, ආතරයිටිස්, ඇදුම, පිළිකා සහ ඩිමෙන්ශියාව වැනි රෝග ඇතිවීම සඳහා විශාල බලපෑමක් එල්ල කරනවා. නීරෝගි දිවියක් සඳහා ශරීරයේ ඇතිවන දැවිල්ල පාලනය කරගැනීම මගින් නීරෝගි දිවියක් ගත කිරීමට උත්සාහ ගත යුතුයි. විශේෂයෙන් අප දෛනිකව ආහාරයට එක්කර ගන්නා ආහාර වර්ග ශරීරයේ ප්‍රදාහයන් ඇතිවීම කෙරෙහි විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා. විශේෂයෙන් සුදු සීනි සහ සුදු පිටි ( පිරිපහදු කරන ලද සිනි සහ පිටි වර්ග) ඒ සඳගා විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා..

නමුත් ඔබ දන්නවාද ශරීරයේ ඇතිවන ප්‍රදාහයන් පාලනයට උපකාරි වන ආහාර පාන වර්ග ද තිබෙන බව. එම ආහාරපාන මගින් නිදන්ගත දැවිල්ල (chronic inflammation) අඩු කිරීම සහ පිළිකා සහ වෙනත් රෝග වලට එරෙහිව සටන් කිරීමටත් හැකියාව ලැබෙනවා.

ඔමෙගා-3 මේද අම්ල


ඉතා සෞඛ්‍ය සම්පන්න මේද වර්ගයක් ලෙස ඔමෙගා - 3 මේද අම්ල හැඳින්විය හැකි අතර එය ශරිරයෙ ප්‍රදාහයන් ඇතිවීමට එරෙහිව සටන් කරනු ලබනවා. සැමන්, ටූනා, ට්‍රවුට් සහ මැකරල් වැනි මේදය බහුල මාලු වර්ග ආහාරයට ගැනීමෙන් ඔබට පහසුවෙන් ඔමෙගා - 3 ලබාගත හැකියි. ඊට අමතරව චියා ඇට, බිත්තර සහ ඇට වර්ග ආහාරයට එක්කර ගැනීම මගින් ඔමෙගා - 3 ලබාගත හැකියි.

සුදුළුනු


සුදුළූණු, ළූණු සහ ලීක්ස් වල ප්‍රතිඔක්සිකාරකයක් වන quercetin අඩංගු වන අතර එමගින් සිරැරේ ඇතිවන ප්‍රදාහයන් (දැවිල්ල) සමනය කල හැකියි. විශේෂයෙන් සුදුළුනු පිළිකා නාශකයක් වන අතර හෘද රෝග සහ ඩිමෙන්ශියා අවදානම අඩු කිරීමටත් උපකාරි වනවා.

හරිත තේ


හරිත තේ වල සිරැරේ ප්‍රදාහයන් අඩුකරන ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන අතර උදරයේ ඇති අතිරික්ත මේදය ඉවත් කිරීමට, පිළිකා මර්ධනයට සහ මානසික අවපීඩන තත්ත්වයන් සමනය සඳහා උපකාරි වනවා. විශේෂම කාරණය වන්නේ හරිත තේ යනු කැෆේන් වලින් තොර පානයක් බැවින් ඔබගේ නිදි චක්‍රය සඳහා ඉන් බලපෑම් එල්ල නොවේ. එමනිසා දවසේ ඕනෑම වේලාවක පානය කල හැකියි. නමුත් රසකාරක සහ පැණිරස එක් නොකර පානය කිරීම වඩාත් උචිත වනවා.

පූර්ණ ධාන්‍ය සහ බෝංවි වර්ග


පූර්ණ ධාන්‍ය මගින් සිරැරේ ප්‍රදහයන් ඇතිවීම පාලනය කරන අතර චියා ඇට, ඕට්ස්, රතු සහල් වැනි ආහාර C-reactive protein (CRP) මට්ටම පාලනය කරනු ලබනවා. CRP මගින් හෘද රෝග, දියවැඩියාව සහ රූමැටොයිඩ් ආතරයිටිස් වැනි රෝග ඇතිවීම කෙරෙහි බලපානවා.

පූර්ණ ධාන්‍ය සහ බෝංචිවල තන්තු බහුල අතර ඒවා බඩවැල් නිරෝගීව තබා ගැනීමට, බර අඩු කර ගැනීමට, හෘද රෝගවලට එරෙහිව සටන් කිරීමට සහ රුධිර පීඩනය අඩු කිරීමට උපකාරි වනවා. නමුත් ඔබ මෙම ආහාර සමග චීස්, බටර් වැනි ප්‍රදාහයන් ඇතිවීම වැඩිකරන ආහාර වර්ග මිශ්‍ර කර ආහාරයට නොගත යුතුයි.

කහ


කහ යනු පුරාතනයේ සිට සිරැරේ ප්‍රදාහයන් සඳහා ප්‍රථිකාරයක් ලෙස භාවිතාකරන ලද වැදගත් කුළුබඩු වර්ගයකි. ඔබට පහසුවෙන් විවිධ ආහාර වර්ගවලට එක්කර කහ ආහාරයට ගත හැකියි.

බ්‍රොකෝලි සහ ගෝවා


බ්‍රොකෝලි, ගෝවා වැනි එලවලු බොහෝ දෙනාගේ ප්‍රියතම ආහාර වර්ග නොවුණත් ඒවා ඉතා සෞඛ්‍ය සම්පන්න ආහාර ලෙසයි සැලකෙන්නේ. මෙම සමාන පෙති ඇති අලංකාර එළවලු වල සිතනවාටත් වඩා නිදන්ගත දැවිල්ල තත්ත්වයන්ගෙන් ආරක්ෂාව සලසන ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වනවා. ඔබට විවිධාකාරයට ආහාරයට ගත හැකි අතර මෙම එලවලු මානසික අවපීඩනයන් අවම කිරීමටද උපකාරි වනවා.

ඉඟුරු


ඉඟුරු ඉතා ප්‍රබල ඇන්ටි ඉන්ෆ්ලමටරි එකක් ලෙසයි සැලකෙන්නේ. ඔබගේ තේ කෝප්පයට එක්කර එසේ නොමැති නම් ආහාරයක් ලෙස, රසකැවිල්ලක් ලෙස ඔබට ඉඟුරු ආහාරයට එක්කර ගත හැකියි. විශේෂයෙන් ඉඟුරු සාරය ඔස්ටියෝ ආතරයිටිස් නමැති දණහිසේ වේදනාවට ප්‍රථිකාරයක් ලෙසද යොදාගනු ලබන අතර රුධිරගත සීනි අඩු කිරීමටත් සහ හෘද රෝග සමඟ සටන් කිරීමටත් මෙන්ම ආමාශය ආශ්‍රිත රෝග සඳහා සහනය ගෙන දීමටත් උපකාරි වනවා.

සුප්


පැළෑටි සමඟ එළවළු, මාළු හෝ මස් එක්කර සාදන ලද සුප් දැවිල්ලට එරෙහිව සටන් කිරීම සඳහා විශිෂ්ට ක්‍රමයක් ලෙසටයි සැලකෙන්නේ. විශේෂයෙන් කුකුලු මස් එක්කර සාදන ලද සුප් ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරකයක් වන අතර අසනීපවලින් සුවය ලබාගැනීමට සහ වඩාත් හොඳ මනෝභාවයක් ලබාගැනීමට හැකි ආහාරයකි. කුකුලු මස්, සුදුළූණු , ගෝවා හෝ නිවිති සහ හතු එක්කර සකස් කරගන්නා සුප් ප්‍රදාහ තත්ත්ව හේතුවෙන් ඇතිවන රෝග සමග සටන් කල හැකි විශිෂ්ඨ ආහාරයක් ලෙසටද හැඳින්විය හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 2160 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:22:30 AM
Script:/article/2160/8-foods-to-reduce-body-pains-naturally.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:22:30 AM
Script:/article/2160/8-foods-to-reduce-body-pains-naturally.html