හැමදාම උදේට එකම විදියට කාලා එපා වෙලා නේද.. ප්‍රබෝධමත් ගතියක් නැද්ද? කැමති නැද්ද වෙනසකටත් එක්ක උදේ ආහාරයට ඉඟුරු එකතුකර කරගන්න.. මෙන්න එහෙනම් ඔබේ උදෑසන ආහාරයත් ඉඟුරු මික්ස් කරල spice up කරල ගන්න විදි හයක්..
දවසේ ගනු ලබන වැදගත්ම ආහාරය වන්නේ උදෑසන ආහාරයයි.. ඒත් හැමදාම එකම විදියට උදේ කෑම ගැනීම එපා වෙලා නම් ඉන්නේ එහෙමත් නැත්නම් හැමදාම උදේ කෑම වේල ප්‍රතික්ශේප කරන ඔබේ දරුවන් නැතිනම් ස්වාමි පුරුශයා පුදුම කරවන්න මේ පහසු පියවර 6 අනුගමනය කරලා.. ඇත්තටම ඔබේ උදෑසන ආහාර වේල බොහොම ප්‍රබෝදමත් වේව්..
ඇත්තටම උදේ ආහාරයට ඉඟුරු එක් කරගන්න ඕන ඇයි..?? ඉඟුරු වලින් ශරීරයට ලැබෙන වාසි මොනවාද.. ??
දවසේ ඕණෑම ආහාර වේලකට පහසුවෙන් එක් කරන්න පුලුවන් ඉඟුරු කියලා කියන්නේ, ඔක්කාරය ඇති වීම වැලැක්වීමේ සිට මාංශ පේශි වේදනාව අඩු කිරීම දක්වා ඉතාමත් සෞඛ්‍යයට හිතකර ප්‍රතිඵල රැසක් අත්කර දෙන ඖෂධයක් කියලා කියන්න පුළුවන්. ඔබේ උදෑසන ආහාරයට පහසුවෙන් ඉඟුරු එක්කරන්න පුලුවන් විදි 6 ක් හැඩකාරි ඔබට කියලා දෙනවා..
1. උදෑසන කෝපි කෝප්පයට ඉඟුරු එක්කරන්න..
කෝපි කියලා කියන්නේ ලෝකයේ ඇති හොදම ප්‍රතිඔක්සිකාරකයක්.. ඉතින් එයට ඉඟුරු වැනි සැර කුලුබඩුවක් එක්කිරීමෙන් හැමදාම උදේට ඔබ බොන කෝපි කෝප්පයට සුපිරි රසයක් එක්වනවා විතරක් නෙමෙයි ආහාර පහසුවෙන් ජීර්ණය කිරීමටත් එය පිටුවහලක් වෙනවා..
2. ඔබගේ දෛනික විටමින් C මාත්‍රාව ලබාගන්න ඉඟුරු තේ පානය කරන්න
ශරීරය උණුසුම් කිරීමට උපකාරි වන ජනප්‍රිරිය පානයක් ලෙස ඉඟුරු තේ හඳුන්වන්න පුලුවන්.. උදෑසනින් ඉඟුරු මිශ්‍ර තේ කෝප්පයක් පානය කිරීම මගින් ඔබගේ මනස සන්සුන් වෙනවා පමණක් නෙමෙයි ගර්භණී කාලයේ ඇතිවන උදෑසන ඔක්කාර ගතිය සහ ඇඟට පන නැතිගතිය (morning sickness) නැති කිරීමට සහ බඩේ අමාරු තත්ත්වයන් (motion sickness) මඟ හැරීමටත් උපකාරි වනවා. තේ කොළ සමග ඉඟුරු කැබැල්ලක් යන්තමින් තලා උණුවතුර දමා විනාඩි 10 ක් පමණ තබා ඔබට අවශ්‍ය ප්‍රමාණයට සීනි හෝ හකුරු සමඟ ඔබට පහසුවෙන් මෙම ඉඟුරු තේ එක සාදාගන්න පුලුවන්..
3. ඉඟුරු මිශ්‍ර ජෑම්
අද කාලයේ කුඩා දරුවන් සිටින ඕනෑම නිවසක අනිවාර්යෙන් තිබෙන දෙයක් තමයි පලතුරු ජෑම්.. ඔබට හිතෙන්නේ නැද්ද ඉඟුරු මිශ්‍ර ජෑම් මගින් වෙනස් රසයක් හදාගන්න.. රස පමණක් නෙමෙයි ඉඟුරු එක් කිරීම මගින් එය අනිවාර්යයෙන් සෞඛ්‍යයට හිතකර ආහාරයක් වෙනවා.. ඒ වගේම ඉඟුරු ජෑම් සුවඳ, බිස්කට් සහ පාන් ටෝස්ට් වලට වෙනස්ම රසයක් සහ සුවඳක් ගෙන දෙනවා..
4. පෑන් කේක් සඳහා සිරප් එකක් ලෙසින්..
හොඳින් පිරිසිදු කරගත් ඉඟුරු කැබලි ග්‍රෑම් 100ක්, සීනි කෝප්ප 1ක් සහ වතුර කෝප්ප එකක් විනාඩි තිහක් පමණ මෘදු ලෙස තම්බා හොඳින් පොඩි කර පෙරා ගැනීමෙන් හෝ බ්ලෙන්ඩ් කර ගැනීමෙන් ඔබටත් පහසුවෙන් ඉඟුරු සිරප් හදාගන්න පුළුවන්. එය ඔබගේ උදෑසන පෑන්කේක් ආහාරයට ගැනීමේදී මේපල් සිරප්/ රට ඉදි සිරප්/ ජෑම් වෙනුවට ආහාරයට එක්කර ගන්න පුලුවන්..
5.උදෑසන පළතුරු ස්මූති එකට ඉඟුරු යුෂ එක්කිරීම
අද කාලයේ බොහෝ දෙනෙක් උදෑසනට පළතුරු යුෂ පානය කරන්න පුරුදු වෙලා ඉන්නවා.. ඉතින් ඔබටත් මේ හැමදාම බොන පළතුරු ස්මූති එකට ඉඟුරු යුෂ ස්වල්පයක් එක් කිර්‍රිමෙන් වෙනසක් එක්කර ගන්න පුලුවන්..ඒ වගේම එය ප්රිවෘත්තීය ක්‍රියා පහසු කරන අතරම බැක්ටීරියා වලට එරෙහිව සටන් කරනවා.. විශේෂයෙන් කාන්තාවන්ගේ ඔසප් වේදනා සමනය කිරීමත්, උගුරේ කැක්කුම් වැනි අසනීප සඳහාත් ප්‍රථිකාරයක් ලෙස සැලකෙනවා.. ඔබ උදෑසන ව්‍යායාම කිරීමෙන් පසු ලබාගන්නා ප්‍රෝටින පානය සඳහාත් මෙම ඉඟුරු යුෂ එක්කර ගන්න ඔබට පුලුවන්...
6. උදේට සාදන ආහාර වලට එකතු කරන්න
පිටරටවල බහුලවත්, ලංකාවේත් බොහෝවිට උදෑසන ආහාරයට ඉඟුරු බිස්කට් , ඉඟුරු කේක් වැනි ආහාර එක්කර ගන්නවා ඔබ දැක ඇති.. ඒ වගේම ඔබට පුලුවන් උදෑසන සාදාගන්නා පේස්ට්‍රි සඳහාත් ඉඟුරු කැබලි මිශ්‍ර කිරීමෙන් වෙනස් රසයක් ලබාගන්න.. ඒ වගේම උදෑසන ව්‍යායාම් කිරීමට පෙර ඉඟුරු ලෙමන් මිශ්‍ර ආහාර ගැනීමෙන් ශරීරයට අවශ්‍ය කරන සෞඛ්‍ය සම්පන්න මේද හා ප්‍රෝටීන් ලබාදීම සිදුකරනවා..
ඔබගේ උදෑසන ආහාර වේලටත් ඉතා පහසුවෙන් ඉඟුරු එක් කරගන්න ඔබට පුළුවන්.. එමඟින් ඔබගේ උදෑසන ආහාර වේලට වෙනසක් මෙන්ම වඩාත් සෞඛ්‍ය සම්පන්න බවක් ලබාදෙනවා. ඉතින් රජෙක් වගේ ගන්න ඕනේ උදේ ආහාරයට ඔබ ඉඟුරු එක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද..