සපත්තුවල දුගඳ නැති කරන්න tips 07 ක්

September 5, 2018
15,593
7 tips to get rid of
Hadakari අපි ඔයාට හැමදාම ඔයාගේ එදිනෙදා ජීවිතයට වැදගත් වන බොහෝ දේවල් ඉදිරිපත් කරනවා කියලා ඔයා දන්නවානේ. ඔන්න ඉතිං අදත් අපි ඔයාට ඉදිරිපත් කරන මේ ලිපියේ තියෙන දේවල් නම් වයස් භේදයකින් තොරව සියලු දෙනාටම එකසේ වටිනවා. ලස්සන කියන්නේ ඇඳුම පැළඳුම විතරක් නෙමෙයිනේ. ලස්සනට ඉන්න කැමති ඔයාගේ දෛනික ජීවිතයේ බොහෝ දේවල් එකසේ බලපානවා. විශේෂයෙන්ම පිරිසිදුකම, පිළිවෙල නැතතම් ඔයා කොච්චර ලස්සනට හිටියත් වැඩක් වෙන්නේ නෑ. මොකද පිරිසක් අතරේ ඔයාව ෆේල් වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. සමාන්‍යයෙන් කුඩා දරුවන් වගේම එදිනෙදා වැඩ රාජකාරීවලට යන ඔයත් සපත්තු පළඳිනවානේ. ඔයා කාන්තාවක් නම් ඔයාත් කකුල කවර් වෙන සපත්තු දානවා නම් ඔයාටත් මේ ගැටළුව අනන්තවත් ඇති. දවස තිස්සේම ඔයා සපත්තු පැළදගෙන හිටියම ඔයාගේ කකුල්වලට දහඩිය එකතු වෙන ප්‍රමාණය වැඩියි. ඒ විතරක් නෙමෙයි මේස් සපත්තුවලින් ඇති වන දුර්ගන්ධය නිසා ඔයා වගේම තවත් කෙනෙක් අපහසුතාවට පත්විය හැකියි. අන්න ඒ නිසා ඔයාගේ සපත්තුවල දුර්ගන්ධය ඉවත් කරගන්න ඉතාමත් වැදගත් වන tips කිහිපයක් ගැන ඔයා එක්ක කතා කරන්න අපි අද තීරණය කළා. ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ ඔයාගේ මහත්තයාගේ, දුවා දරුවන්ගේ එහෙමත් නොමැති නම් ඔයාගේ සපත්තුවල හෝ දුර්ගන්ධය නැති කර ගන්න අපි මේ කියන ඔසචි වැදගත් වේවී.

බේකින් සෝඩා

බේකින් සෝඩා කියන්නේ ඔයාගේ සපත්තු සහ මේස්වල දුර්ගන්ධය නැති කරන්න භාවිතා කරන්න පුළුවන් සාර්ථක විසඳුමක්. ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. බේකින් සෝඩා ස්වල්යක් ටිෂු කිහිපයක් එකට කර හෝ සර්වියට් එකක අරගෙන බේකින් සෝඩා විසිරි නොයන විදිහට රබර් පටි යොදා අවරණය කර ගන්න. ඔයාට අවශ්‍ය නම් බේකින් සෝඩාවලට සුවඳ තෙල් වර්ගයක් එකතු කරගන්න. පසුව ඔයාගේ සපත්තුවල තෙතමනය නැති කිරීමට සහ සුවඳ අවශෝෂණය කර ගැනීම සඳහා සපත්තුවේ ඇතුළත තියලා තියන්න. ඔයා එක් රාත්‍රීයක් පමණ මේ විදිහට බේකින් සෝඩා සපත්තුව තුළ තියලා තිබුණම සපත්තුවෙන් වහනය වෙන දුර්ගන්ධය නැති වෙලා යනවා. තෙතමනයත් බේකින් සෝඩාවලට උරා ගන්නවා.

ලෙමන් සහ සුවඳ තෙල් වර්ගයක්

ලෙමන් භාවිත කරලත් ඔයාට පුළුවන් ඔයාගේ සපත්තුවල දුර්ගන්ධය ඉවත් කරන්න. පුළුන් කැබැල්ලකට ලෙමන් හෝ වෙනත් සුවඳවත් තෙල් බින්දු කිහිපයක් පුළුන්වල ගැල්විය හැකියි. පසුව ඔයාගේ සපත්තුවල පෙර ආකාරයෙන් තිබෙන්නට හැර ඉවත් කළ යුතුයි. එයින් ඔයාගේ සපත්තුවල දුර්ගන්ධය ඉවත් වෙලා යනවා.

සුවඳ සබන් වර්ගයක්

ගොඩක් දෙනෙක් එදිනෙදා භාවිතා කරන සපත්තුවල දුර්ගන්ධය තිබුණත් සෝදන්න කැමති වෙන්නේ නෑනේ. මොකද එතකොට වැඩි කාලයක් සපත්තු දෙක පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට ඔයාට පුළුවන් ඔයා කැමතිම සබන් වර්ගයක් තෝරාගෙන සපත්තුවල දුර්ගන්ධය ඉවත් කර ගන්න. පැය 24 ක පමණ කාලයක් තුළ සපත්තු තුළ සබන් කැටයක් තියලා තිබුණම සපත්තුවල දුර්ගන්ධව ඉවත් වෙලා යනවා. මේ සඳහා ඔයා අලුතින්ම සබන් ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඕන තරම් තියෙනවා ඔයා පාවිච්චි කරලා පොඩ්ඩක් ඉතිරි වුණු සබන්. මේවා ඔයාට භාවිතා කළ හැකියි. සබන්වල සුවඳ ඔයාගේ සපත්තුවලට අවශෝෂණය කර ගන්න නිසා දුර්ගන්ධ ඉවත් වෙලා පිරිසිදු සුවඳක් ලැබෙනවා.

Rubbing Alcohol (රබින් ඇල්කොහොල්)

ඇල්කොහොල් මගිනුත් ඔයාගේ සපත්තුවල දුර්ගන්ධය ඉවත් කළ හැකියි. Rubbing Alcohol ස්වල්පයක් ඔයාගේ සපත්තු තුළට ඉසින්න. Rubbing Alcohol සපත්තු වලට ඉසීමෙන් දුර්ගන්ධය හා සපත්තුවල තියෙන විෂබීජ ඉක්මනින් වාෂ්ප වීමට පටන් ගන්නවා. එයින් ඔයාගේ සපත්තුවල දුර්ගන්ධය අයින් වෙලා වියළි බවක් ලබා දෙනවා. කිසිම ප්‍රශ්ණයක් නැතුව ඔයාට දිනපතා වුණත් පාවිච්චි කළ හැකියි.

ලෙමන් පොතු

සමාන්‍යයෙන් ලෙමන් ගෙඩියේ පොතුවල පැගිරි අන්තර්ගතයිනේ. ඔයා සපත්තු ඇතුළට ලෙමන් පොතු කිහිපයක් දාලා තිබුණොත් ඔයාට හිතා ගන්නවත් බැරි විදිහට දුර්ගන්ධය ඉවත් වෙලා යනවා. ඔයාගේ සපත්තුවල අධික දුර්ගන්ධයක් තියෙනවා නම් රාත්‍රී කාලයට ලෙමන් පොතු කිහිපයක් දාලා තියන්න. සපත්තුවල තෙතමනය බවත් අඩු වී නැවුම් සුවඳක් ඔයාට එමගින් ලබා දෙනවා.

හිරු එළියට සපත්තු දෙක නිරාවරණය කරලා තියන්න

ඔයාගේ සපත්තුවල දුර්ගන්ධය නැති කරන්න පුළුවන් පහසුම ක්‍රමයක් තමයි දුර්ගන්ධය හමන සපත්තු තද අව් රශ්මියට පොඩ්ඩක් නිරාවරාණය කරලා තියන එක. මෙයින් සපත්තුවල තෙතමනය ඉවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි දුර්ගන්ධයත් ඉවත් වෙනවා.

ජලය සහ විනාකිරි

වතුර සහ විනාකිරි සම සමව ගෙන හොඳින් මිශ්‍ර කර ඔයාගේ දුර්ගන්ධය තියන සපත්තුවලට ඉසින්න. විනාකිරි මගින් ඔයාගේ සප්ත්තු වල තෙතමනය ඉවත් කර ඉක්මනින් වියළීම සිදු කරනවා. අවශ්‍ය නම් පසුව විනාඩි 30 පමණ ගිය පසු පුළුන් හෝ වියළි රෙදි කැබැල්ලක් සපත්තු ඇතුළත තියලා තියන්න පුළුවන්. විනාකිරි මගින් ඔයාගේ සපත්තුවල තියෙන විෂබීජ පහසුවෙන් ඉවත් කරලා දෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1065 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:49:41 AM
Script:/article/1065/7-tips-to-get-rid-of.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:49:41 AM
Script:/article/1065/7-tips-to-get-rid-of.html