රූපවාහිනිය පිරිසිදු කිරීමේදී ඔබ මෙම වැරදි කරනවා නම් අදම ඒක නවත්වන්න

July 21, 2020
6,794
Do not do these mistakes when you clean the tv
ඔයාගේ ටීවී එකට ඉඳලා හිටලා හරි ඒකේ බැඳිලා තියෙන දූවිලි සහ ඇඟිලි පාරවල් ටික පිරිසිදු කරලා දාන එක අවශ්‍යයි. සමහරවිට ඔබ හිතනවා ඇති තෙත රෙදි කෑල්ලකින් ටීවී එක පිහදාලා දැම්මම වැඩේ ඉවරයි කියලා. ඒත් ඒක නම් එහෙම නෙවෙයි.. මොකද ඔබ රූපවාහිනිය පිරිසිදු කරනකොට සමහර දේවල් වෙන්නේ වැරදියටයි. අද ඉඳන් මෙම වැරදි පහෙන් වැළකී හිටියොත් ඔටාගේ ටීවී එක නිකරුනේ කැඩිලා යන එක නවත්තගන්න පුලුවන් වෙයි..

1. කිචන් ටවල්
ඔබත් සාමාන්‍යයෙන් ගෙදර තියෙන සර්වියට් එකක් හරි කිචන් ටවල් එකක් හරි අරගෙන TV එක පිරිසිදු කරනවද? එහෙනම්, ඔයා මයික්‍රෝ ෆයිබර් රෙදි සඳහා මාරු වෙන්න කාලය හරි. මොකද මයික්‍රෝ ෆයිබර් රෙදි විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන්නේ ම වීදුරු, ඉලෙක්ට්‍රොනික තිර, ජංගම දුරකථන සහ කැමරා කාච වල තියන අපිරිසිදු දේවල් පිස දැමීම සඳහා නිසා. මයික්‍රෝ ෆයිබර් රෙද්දක ඇති ලොකුම වාසිය තමයි එය ඔබේ ඕනෑම වීදුරු තිරයක් මත කිසිම විදිහක ඉරි හෝ සීරීමක් ඉතිරි නොකරන එක.



2. දියර
දියර වර්ග වලින් LCD, LED සහ ප්ලාස්මා තිර වලට බරපතල හානියක් සිදු වෙනවා. විශේෂයෙන් ඔබ භාවිතා කරන දියරයේ ඇමෝනියා, ඇල්කොහොල් හෝ ඇසිටෝන් අඩංගු වෙනවා නම්. ඒ නිසා වියළි මයික්‍රෝ ෆයිබර් රෙද්දකින් තිරය පිරිසිදු කිරීම වඩාත් සුදුසුයි. තිරයේ තියන ඇඟිලි සලකුණු කිහිප වතාවක් අතුල්ලන කොට ඒ පාරවල් නිකන්ම අතුරුදහන් වෙනවා. පැල්ලම් දිගටම පවතිනවා නම් රූපවාහිනී, ජංගම දුරකථන සහ පරිගණක මොනිටර වගේ උපකරණ වල වීදුරු තිර පිරිසිදු කිරීම සඳහා සාදන ලද විශේෂ පිරිසිදු කිරීම් කාරකයක් භාවිතා කරන්න.

3. ස්ප්‍රේ කිරීම
ඔබත් ස්ප්‍රේ එකක් අරන් කෙලින්ම ටීවී තිරය මත ඉසින කෙනෙක්ද? එහෙනම් ඔබ වහාම මෙම අත හැරගන්න එක හොඳයි. පැරණි කාලයේ රූපවාහිනී නම් බොහෝ විට වතුර ස්වල්පයකට ඔරොත්තු දෙනවා. මොකද ඒවායේ වීදුරු ලේයරයක් තියන නිසා. කෙසේ වෙතත් ඩිටර්ජන්ට් සහිත දියර නම් කෙලින්ම තිරය මත ඉසින්න එපා. ඒ වෙනුවට එය මයික්‍රෝ ෆයිබර් රෙද්ද මතට ඉසින්න. ඊට පස්සේ තිරය පුරා පිස දමන්න. ඔබ කෙලින්ම තිරය මතට දියර ඉසිනකොට ස්ප්‍රේ දියරය රූපවාහිනිය ඇතුළට බහින්න පුලුවන් නිසා එමඟින් TV එකට බරපතල හානියක් සිදු වෙන්න පුලුවන්.



4. දුරස්ථ පාලනය
දුරස්ථ පාලකය එහෙමත් නැත්නම් රිමෝට් එකටත් සෑම විටම හොඳ පිරිසිදු කිරීමක් අවශ්‍ය‍යි. මොකද රිමෝට් එකක බැක්ටීරියා ගොඩක් පවතින්න පුලුවන් නිසා. ඒකට විෂබීජ නාශක පිරිසිදු කිරීමේ පිසදැමීම් (disinfectant cleaning wipes) භාවිතා කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. නමුත් ඔබට විශබීජනාශක වෙට් වයිප්ස් නැති නම් රෙදි කැබැල්ලකට ඩෙටෝල් ටිකක්, සර්ජිකල් ස්ප්‍රිට් ටිකක් හෝ සැනිටයිසර් ජෙල් ටිකක් දාලා එයින් පිහින්න පුලුවන්. හැබැයි මුලින්ම බැටරි ඉවත් කරන්න. මොකද පිසදැමීමේදී ඇති වෙන තෙතමනය නිසා බැටරි වලට බලපෑමක් ඇති වෙන්න පුලුවන්.

5. ස්පීකර්ස්
අද කාලයේ බොහෝ රූපවාහිනී වර්ග වල built-in speakers තියනවා. තෙත් රෙදි කැබැලි වලින් ඒවා පිරිසිදු කරන්න යන්න එපා. මොකද දියර කාන්දු වෙලා උපකරණයට හානියක් සිදු වෙන්න පුලුවන්. ස්පීකර්ස් වල ඇති සියලුම දූවිලි හා අනෙකුත් අපිරිසිදු ද්‍රව්‍ය පහසුවෙන් ඉවත් කිරීම සඳහා ඩස්ටර් එකක් හෝ වැකුම් ක්ලීනර් එකක් භාවිතා කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1717 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:16:48 PM
Script:/article/1717/do-not-do-these-mistakes-when-you-clean-the-tv.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:16:48 PM
Script:/article/1717/do-not-do-these-mistakes-when-you-clean-the-tv.html