අවුරුද්දට බඩු ගන්න කලින් හිතන්න

April 5, 2017
6,737
Think before new year shopping
සිංහල අලුත් අවුරැද්ද උදාවෙනවාත් එක්කම කාට කාටත් වැඩ වැඩිවෙනවා. ගෙවල් දොරවල් පිරිසුදු කරන්න වගේම ගෙදරට ඕන කරන බඩු මුටිටු ගන්නත් සිදුවෙනවා. අවුරැද්දේ වැඩි කාර්යයක් පැවරෙන්නේ කාන්තාවට. මිල මුදල් ටිකක් වැඩිපුර ගැවසුණත් ඒ තරමට වියදමත් අධිකයි. ගෙදරට බඩු මුට්ටු ගේන්න යද්දි ඒ ගැන ටිකක් කල්පනා කරන්න වෙනවා. අතේ තියෙන පිච්චියම අවුරැද්ද වෙනුවෙන් වියදම් කළොත් මොකද වෙන්නේ කියලා. හැම සතයක්ම වියදම් කරලා අවුරැදු කෑවොත් වෙන්නේ මොකක්ද කියලා අත්දැකීමෙන්ම දන්නවා ඇති. ඒ නිසයි මේ කරැණු ටික කියන්න හිතුණේ.

සේල් පොළට යනවා නම්

අවුරැද්ද නිමිත්තෙන් පැවැත්වෙන සේල් පොළවල් නැති තැනක් නෑ. හැමතැනම සේල්... සේල්... සේල්... කියලා බෝඩ් ගහලා විවිධාකාරයේ භාණ්ඩ විකුණනවා. එහෙම දැක්ක ගමන් ලාබෙට මොනවා හරි ගන්න පුළුවන් කියලා තමන්ටත් නොදැනීම ඒ පැත්තට හිත යනවා. ඒත් ටිකක් හිතන්න වෙනවා. තමන් ගන්න සැලසුම් කළ දේවල් අතර සේල් පොලෙන් ගන්න තියෙන්නේ මොනවද කියලා. එහෙම නැත්තන්ම නිකරැණේ අතේ තියන්න සල්ලි වියදම් කරන්න වෙනවා.

ගන්නේ මොනවද?

අවුරැද්ද ලබන කොටම සැලසුම් කරන්න ඕනේ මොනවද ගන්නේ කියලා. ඊළගට ඒවා ගන්න වියදම් කළ හැකි ප්‍රමාණය ගැන සැලසුම් කරන්න ඕන. පවුලේ අයට ඥාති මිත්‍රාදීන්ට ගන්නා තෑගි බෝග සැලසුම් කරගන්න. වෙළෙද පොළට යන්න කලින් ඕනෑ කරන දේවල් ලැයිස්තුවක් හදාගන්න. එහෙම වුණාම නිකරැණේ යන වියදම් නොදැනී කරන වියදම් අඩු කරගන්න පුළුවන්.

වෙළෙද ගැට‍

අවුරැදු කාලෙට වැඩියෙන්ම මිලදී ගන්නේ ආහාර ද්‍රව්‍ය. ඒ හැරැණාම ඇදුම් පැලදුම්. මේවා විකුණාගන්න විවිධ වෙළෙද උපායවල් භාවිත කරනවා. වෙළෙද පොළ උපායවල් විසින් පාරිභෝගිකයවා පොළඹවනවා. විශේෂයෙන් ලාබයි ලාබයි කියා වෙළෙද පොළවල්වල විකුණන දේවල් මිලට ගද්දි දෙපාරක් නොවෙයි දෙතුන් පාරක්ම හිතන්න. බොහෝ ලාබ දේවල්වල අඩුපාඩු බොහොමයි. සමහර අය ලාබෙට දෙනකොට අසීමිතව භාණ්ඩ මිලදී ගන්නවා. ඒත් අවශ්‍ය දේ පමණක් මිලදී ගන්න හිත පාලනය කරගන්න. වෙළෙද පොළේ තියෙනෙ ඕනම දෙයක් ලාබ නිසා මිලදී ගන්න එපා. නොමිලේ දුන්නත් අනවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න එපා. සකස් කරගත් ලැයිස්තුවට අනුව භාණ්ඩ මිලදී ගන්න.

සල්ලි පරෙස්සම් කරගන්න

මේ කාලේ මගතොට හරි කලබලයි. හැම කෙනෙක්ම පාහේ මගතොට ගමන් කරන්නේ වෙන වෙන කල්පනාවලින්. ගන්න දේවල් ගැන සිතමින්. ඔය යන එන මගතොට බස් රියේ, දුම්රියේ ගැටකපන්නන් මේ කාලයට බහුලයි. දුක් මහන්සියෙන් අවුරැදු සමරන්න හොයා ගත්ත මුදල් නැති වෙන්න පුළුවන්. වෙළෙද පොළට යද්දී මුදල් වෙන්ව තබා ගන්න. මුදල්වලින් කොටසක් කුඩා පසුම්බියකට දමාගන්න. අනෙක් මුදල් අත්බෑගය තුළ ප්‍රවේසම් කරගන්න. හැම විටම අත්බෑගය ගැන කල්පනාකාරීව සිටින්න.

ණය වෙනවද?

අවුරැදු කියලා භාණ්ඩ මිලදී ගන්න ණය වෙන්න එපා. අනවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න හිතන්න එපා. මේ කාලේ ටික ටික ගෙවන්න මාස්පතා ගෙවන්න කියලා විවිධ භාණ්ඩ වර්ග විකිණෙනවා. ඒවාට අහුවෙන්න එපා. ගේ දොර අලුත් කරගන්න අලුත් භාණ්ඩ මිලදී ගන්න ගෙවීම් ක්‍රමවලට හසු වුණත් ඒවා ගෙවන එක අපහසුයි. සමහර භාණ්ඩ විකුණන්නේ පොලියක් නැතිව ගෙවන්න ගන්න කියලා. ඒත් ඒවායේ සැගවුණු පොලියක් තියෙනවා. එවැනි දේ ගැන දෙපාරක් හිතන්න. නොදැනුවත්වම අපට හූරා කෑමට ලක්වෙනවා. භාණ්ඩ මිලදී ගැනීමේදී විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් මිලදී ගැනීමේදී වගකීම් සහතිකයක් ඇත්නම් මිලදී ගන්න. භාවිතයේ පහසුව මෙන්ම කාර්යක්ෂමතාව ගැනත් සොයා බලන්න. ලාබෙට ඇති බඩුවල දෝෂ තියෙන්න පුළුවන්. නිකමට කියන්නෙත් ලා භ බඩුවෙ හිල් තියෙනවා කියලනේ.

ණය හරිම බරයි

ජයටම අවුරැදු කන්න සල්ලි මදි වුණාම ගොඩක් දෙනා ණයට පොළියට සල්ලි ගන්නවා. තවත් අය වැටුප් අත්තිකාරම් ගන්නවා. තවත් අයට මාසෙ අන්තිමට ලැබෙන පඩිය මාසෙ මුලින් ලැබෙනවා. ඒ සල්ලි ඔක්කොම අවුරැද්ද වෙනුවෙන් වියදම් වුණොත් මොකද වෙන්නේ ඊළග පඩිය ලැබෙන්නේ මැයි මාසේ අග. ඉතින් මාස දෙකක් වියදම් කරන්න තියෙන සල්ලි එක සතියට වියදම් කරලා ණය වෙන්න වුණොත්.. ඒ නිසයි අවුරැද්ද සැලසුම් කරගන්න කියලා මුලින්ම කිව්වේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 186 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:42:10 AM
Script:/article/186/think-before-new-year-shopping.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:42:10 AM
Script:/article/186/think-before-new-year-shopping.html