Toggle navigation
Beauty Tips
Child & Me
Fashion & Style
Love & Marriage
Health
Food & Cooking
Lifestyle
ලස්සනට අඳුම් අඳින්න කැමති ඔයාට ස්කර්ට් වර්ග 05 ක් - (01 කොටස)
October 18, 2018
14,812
Share this article
Tweet this article
ඇඳුම් විලාසිතාව කියන්නේ දවසින් දවස වෙනස් වෙන විලාසිතාවක්. ඇඳුම් අඳින එක කලාවක් කියලා අපි ඔයාට කිවොතින් ඔයා හැඩකාරී අපි එක්ක අනිවාර්යෙන්ම එකඟ වේවී. මොකද අද අපි අඳුමක් මිලදී ගන්නකොට අවධානය යොමු කරන වැදගත්ම කරුණ වෙන්නේ තමන් මිලදී ගන්න ඒ ඇඳුමෙන් කොච්චර නම් ලස්සනක් එකතු වෙනවාද කියන එක. ඉතිං හැමදාම වගේ අදත් හැඩකාරී අපි ඇඳුම් විලාසිතා කරන්න කැමති ඔයා වෙනුවෙන් තමයි අද මේ ලිපිය ඉදිරිපත් කරන්නේ. සමාන්‍යයෙන් ගැහැණු ළමයි ස්කර්ට් අඳිනවානේ. ඔයා දිනපතා ඔෆිස් යනකොට, සමාන්‍ය ගමනකට එහෙමත් නැතිනම් පාටියකට වුණත් ඔයාට ස්කර්ට් එකක් අඳින්න පුළුවන්. වැදගත්ම දේ වෙන්නේ මොකක්ද දන්නවාද? තැනට ගැළපෙන ස්කර්ට් තමයි ඔයා තෝරා ගත යුත්තේ. එහෙම නොවුණොත් ඔයා අපේක්ෂා කරන ලස්සන ඔයාට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතිං අද Hadakari අපි ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ. ඔයත් ස්කර්ට් අඳින්න කැමති යුවතියක් නම් දැන් ඔයාටත් පුළුවන් මෙවැනි ස්කර්ට් එකක් මිලදී ගන්න.
01. ඒ-ලයින් ස්කර්ට් (A-line Skirt)
ස්කර්ට් අඳින යුවතියන් අතර ඉතාමත් ජනප්‍රිය ස්කර්ට් එකක් තමයි A-Line ස්කර්ට් එක කියන්නේ. මේ ස්කර්ට් එක ප්‍රධාන වශයෙන් දෙවිදිහකට නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. හැඩකාරී අපි නම් ඔයාට කියන්නේ ඔයා කෙට්ටු කෙනෙක් නම් ෆ්ලෙයාර්ඩ් එක චුට්ටක් විතර තියලා මහලා තියෙන A-Line ස්කර්ට් එකක් තෝරා ගන්න. මොකද එතකොට ඔයාගේ සිරුරේ කෙට්ටු බව ටිකක් අඩු වෙලා පේනවා. මේ වගේ ස්කර්ට් එකකට ටී ෂර්ට් එක හෝ බ්ලවුසය යට කරලා ඇඳීමේ හැකියාව තියෙනවා. එයින් ඔයාගේ ඉණේ හැඩය ඉස්මතු වෙලා පේනවා. ඔයා ටිකක් සිරුරෙන් මහත කෙනෙක් නම් A-Line ස්කර්ට් එකේ ෆෙයාර් එක ටිකක් අඩු කරලා ඇඟටත් හිර නොවන විදිහට ලිහිල්ව තියෙන්න මහන්න පුළුවන්. ඉතිං මහත කෙනෙක් මේ වගේ ස්කර්ට් එකක් ඇන්දාම එයින් උකුළ සහ ඉණ ප්‍රදේශය හැඩවෙලා පේන්න පටන් ගන්නවා. A-Line ස්කර්ට් එකක් තරමක් දිගට වගේම කොටටත් අඳින්න පුළුවන් හැකියාව තියෙනවා.
02. බෙල් හැඩයේ ස්කර්ට් (Bell Shaped Skirt)
බෙල් හැඩයේ ස්කර්ට් එකත් අද යුවතියන් අතර ඉතාමත් ජනප්‍රිය ස්කර්ට් එකක්. ඔයා ටිකක් උසින් අඩු කෙට්ටු කෙනෙක් නම් මෙවැනි ස්කර්ට් එකක් හොඳින් ගැළපෙනවා. මොකද මේ ස්කර්ට් එක තරමක් දිගින් අඩුව තමයි වැඩිපුර දක්නට ලැබෙන්නේ. ඒ නිසා දිගින් අඩු මේ ස්කර්ට් එක උස අඩු කෙනෙක් ඇන්දොත් එයින් මිටි බව අඩු වෙලා පේන්න පටන් ගන්නවා. මේ ස්කර්ට් එකේ ෆෙයාර්ඩ් හැඩයක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ නිසා මෙවැනි ස්කර්ට් එකකින් ඉණේ හැඩය හොඳින් ඉස්මතු වෙලා පේනවා. මෙවැනි ස්කර්ට් එකකට ඔයා ටී ෂර්ට් එක හෝ බ්ලවුස් එකක් යට කරලා අඳින්න. ඒ වගේම ස්කිනි එකක් ඇදලා ඊට උඩින් කෙට් කෝට් ජැකට් එකක් අඳින්නත් පුළුවන්. තරමක් හෝ අඩි උස සෙරෙප්පු දෙකක් දැම්මොතින් ඔයාගේ පෙනුම තවත් ලස්සනට පේන්න පටන් ගනිවී.
03. බෲම් ස්ටික් හැඩයේ ස්කර්ට් (Broomstick Skirt)
පසුගිය කාල වකවානුව තුළ අපේ රටේ යුවතියන් අතර වඩාත් ජනප්‍රිය වුණු ස්කර්ට් එකක් තමයි බෲම් ස්ටික් හැඩයේ ස්කර්ට් එක කියන්නේ. මේ ස්කර්ට් එක දිග සහ කෙටි ආදී වශයෙන් අඳින්න පුළුවන් හැකියාව තියෙනවා. මෙහි විශේෂත්වය වෙන්නේ රැලි ස්වභාවයකින් යුක්ත වීමයි. ඔයා සිරුරෙන් තරමක් කෙට්ටු කෙනෙක් නම් මෙවැනි ස්කර්ට් එකක් වඩාත් හොඳින් ගැළපෙනවා. මොකද එයින් ඔයාගේ සිරුරේ කෙට්ටු බව ටිකක් අඩු කරලා පෙන්වනවා. ඉතිං ඔයත් ස්කර්ට්ස් අඳින්න ගොඩක් කැමති කෙනෙක් මේ වගේ ස්කර්ට් එකක් වඩාත් ලස්සනට දැන් අඳින්න පුළුවන්.
04. ඩෙනිම් ස්කර්ට් (Denim Skirt)
අපේ රටේ යුවතියන් අතර ජනප්‍රිය වුණු තවත් ජනප්‍රිය ස්කර්ට් එකක් තමයි ඩෙනිම් ස්කර්ට් එක කියන්නෙත්. ඉතිං දැන් ඕනෑම කෙනෙක්ට තමන්ගේ සිරුරේ හැඩයට අනුව මේ ඩෙනිම් ස්කර්ට් එක තෝරා ගැනිමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමයි ඔයා කැමති වර්ණයක් ඒ සඳහා තෝරා ගත හැකියි. ඩෙනිම් කලිසම් තරමටම ඩෙනිම් ස්කර්ට් එකත් අද ජනප්‍රියයි. ඉතිං ඔයාගේ උස මිටි බව එක්ක ගැළපෙන ඩෙනිම් ස්කර්ට් එකක් අඳින්න පුළුවන් හැකියාව තියෙනවා. අද ඩෙනිම් ස්කර්ට් එක විවිධ ආකාරයෙන් නිර්මාණශීලිව නිර්මාණය කරලා තියෙන නිසා ඉතාමත් ආකාර්ෂණිය බවක් මෙවැනි ස්කර්ට් එකකින් එකතු කර ගැනීමේ හැකියාව තියෙනවා.
05. පෙන්සිල් කට් ස්කර්ට් (Pencil-Cut Skirt)
ඔයා දිනපතා ඔෆිස් යන කෙනෙක් නම් දැනටමත් මේ වර්ගයේ ස්කර්ට්ස් ඔයා ළඟ කිහිපයක්ම ඇති. මෙවැනි ස්කර්ට් එකක් ඔයා සහභාගී වෙන ඕනෑම වැදගත් අවස්ථාවකට අඳින්න පුළුවන්. ඔයාගේ උස අනුව තෝරා ගැනීමේ හැකියාව තියෙන නිසා ඕනෑම කෙනෙක්ට කිසිම ගැටළුවක් ඇති වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි මෙවැනි ස්කර්ට් එකකින් ඔයාගේ සිරුරේ හැඩය ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්. ඉතිං ඔයාට ඉන්ටර්වීව් එකකට යනකොට හෝ වැදගත් මට්ටමේ අවස්ථාවකට සහභාගී වනවිට මෙවැනි ආකාරයේ ස්කර්ට් එකක් අඳින්න පුළුවන්. මෙවැනි ස්කර්ට් එකකට ෂර්ට් බ්ලවුසයක් ඔයාට යට කරලා අඳිනන් පුළුවන්. විෂෙයෙන්ම කොළර් සහිව හෝ රහිත බ්ලවුසයක් මෙවැනි ස්කර්ට් එකකට භාවිත කළ හැකියි. ඔයාට ඕන නම් කෙට් ජැකට් එකක් වුණත් මෙවැනි ස්කර්ට් එකකට අඳින්න පුළුවන්.
Related Articles
20,016
වයිට් ජීන්ස් අඳින්න බය ඔයාට, වයිට් ජීන්ස් අඳින්න ස්ටයිල් tips ගොඩක්
6,187
ලස්සන Hand Bag එකක් තෝරන්න tips 05 ක්
9,229
ආකර්ශණීය, ඉක්මනින්, වැඩිය කරදර වෙන්නෙ නැතිව කරන්න පුලුවන් hair style ටිකක්
Featured Articles
81,433
සැමියාගේ ආදරය ඔබ වෙතම තබාගන්න මෙන්න උපදෙස් 7ක්
34,704
නිදි යහනේ සෞඛ්‍ය
1,576
සුළු වේදනාවක් කියලා ඔබත් මෙච්චර කල් කොන්දේ වේදනාව මග හැරියද?
Trending Articles
6,454
ඔයත් නිතරම නිය ආලේපන ගල්වනවද? එහෙනම් මේ දේවල් ගැනත් දැනගන්න
1,213
ප්‍රශ්නයක ද ඉන්නේ? ඔබේ මනස සැහැල්ලු කරගන්න මේ කියන කාරණා ටික සිතේ තබා ගන්න
5,200
මේ කරුණු ටික දන්නවා නම් පොඩ්ඩොන්ට කෑම කවන්න ඔට්ටු වෙන්න ඕන වෙන්නේ නෑ
Hadakari.com
අපේ ජනප්‍රියම ලිපි
2,164
674
යෝනි මාර්ගය වියලීම (Vaginal atrophy) ගැන ඔබ දැන සිටිය යුතු කරුණු
ඔබේ යෝනි වියලි බව, යෝනියේ හට ගන්නා දැවිල්ල, යෝනි ශ්‍රාවය, ලිංගික ප්‍රදේශය කැසීම, මුත්‍රා කිරීමේදී දැවෙන වේදනාව, නිතර නිතර මුත්‍රා කිරීම, මුත්‍රා ආසාදන වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් Vaginal atrophy දැයි සොයා බලන්න. ඉතින්, ඔබට මෙයින් අවදානමක් තිබේද?
Read More
33,111
184
ඔබේ සම අඳුරු වෙලා පේන්නේ මේ හේතු 5 නිසායි
අඳුරු පැහැ වුනු මුහුණ යලි පැහැපත් කල හැකි මේ පහසුම ක්‍රම ටික ඔබට අත් වැසිල්ලක් වේවි
Read More
308
160
මේ ස්වාභාවික අමුද්‍රව්‍ය 8 අධික ලෙස භාවිතා කළොත් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දන්නවාද?
පරිසර හිතකාමී සහ සාමාන්‍යයෙන් අඩු හානිකර දේවල් වුවත්, මෙම ස්වාභාවික අමුද්‍රව්‍ය අපගේ රූපලාවණ්‍ය කටයුතුවලට එකතු කිරීමේදී අපි තවමත් ප්‍රවේශම් වෙන්න ඕනේ
Read More
3,493
135
ඔයත් යහපත් බිරිඳක්ද? මේ ලක්ෂණ ඔයා ළඟත් තියෙනවද? (01)
විවාහය කියන්නේ කණ්ඩායම් වැඩක්. තවද අවශ්‍යතාවන් සපුරා ගැනීමට දෙදෙනාම එක් වී උත්සාහයන් දැරීමට අවශ්‍ය වෙනවා. ඔයාට ‘හොඳ ස්වාමිපුරුෂයෙක්’ අවශ්‍ය වනවා සේම, ඔයාගේ සැමියාට හොඳ බිරිඳක් අවශ්‍ය වෙනවා. ‘හොඳ බිරිඳක් වන්නේ කෙසේද’ යන්න පිළිබඳ අද හැඩකාරී අපි මෙ ලිපියෙන් කියලා දෙනවා
Read More
530
89
උදෑසන ආහාරය මඟින් ඔබව තරබාරු කරවන වැරදි 4ක් මේ
තාමත් නව වසරේ ආරම්භක කාර්තුවේ ඉන්න නිසා උදේ ආහාරය මඟ හැරිය යුතුද නැද්ද යන්න පිළිබඳ විවාදය පසෙකට දමලා, ඔබ උදේ ආහාරය සඳහා අනුභව කරන දේවල් වලට අවධානය යොමු කරන්න පටන් ගන්න. ඔබේ බර අඩු කරන්නේ හෝ වැඩි කරන්නේ එයයි
Read More
Latest Articles
මේ ස්වාභාවික අමුද්‍රව්‍ය 8 අධික ලෙස භාවිතා කළොත් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දන්නවාද?
යෝනි මාර්ගය වියලීම (Vaginal atrophy) ගැන ඔබ දැන සිටිය යුතු කරුණු
උදෑසන ආහාරය මඟින් ඔබව තරබාරු කරවන වැරදි 4ක් මේ
පිරුණු ආකර්ෂණීය දෙතොලකට ටිප්ස්
ඔබේ දියවැඩියා මට්ටම පාලනය කිරීම සඳහා හොඳම ව්‍යායාම 5ක්
තනිකඩ ගැහැණු ළමයෙක් අනිවාර්යෙන්ම හදාගත යුතු අලුත් අවුරුදු ඉලක්ක 07ක්
Most Viwed
ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්
ඔබටත් පොහොසත් පෙනුමක් අවශ්‍ය නම් මේ වැරදි කරන්න එපා
බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්
ඩෙනිමට මේ වගේ top එකක් ඇන්දොත් ඔයාව තවත් ලස්සනට පෙනේවී (01 කොටස)
විවාහක යුවලක් නිදාගන්න ඉරියව්වෙන් ගොඩක් දේවල් කියන්න පුළුවන්