මවු පදවියෙන්පසුවත් ඒ වගෙම ලස්සනට ඉන්න ලොව ප්‍රසිද්ධ කාන්තාවෝ තිදෙනෙකුගේ විලාසිතා

December 9, 2018
14,992
Celebrity Moms
ප්‍රසිද්ධිය, රසිකයින්ගේ ආදරයට පාත්‍ර වීමට සහ ඔවුන්ව අණුගමණය කිරීමට හේතුවක් නෙවෙයි. හැබැයි ඔවුන්ගේ සරල ජීවන රටාව, පවුලට ඇති බැඳීම යන කාරණා ඔවුන් මිනිසුන් අතර ජනප්‍රිය චරිත බවට පත් කරනවා. කාගෙත් හිත් දිනාගෙන තමාගේ වෘතීය කටයුතු අකුරට ඉටු කරන මේ මවු පදවිය දරන කාන්තාවන් අඳින, පළඳින විලාසිතා මොනවද, කොටින්ම කිව්වොත් ඔවුන් ලස්සන්ට ඉන්නේ කොහොමද කියලා රසිකයින් හැම වෙලේම සොයනවා. ඉතින් අද අපි හිතුවා ඒ ප්‍රසිද්ධ චරිත කළ විලාසිතා ගැන කතා කරන්න. බලන්න ඔයාටත් මේ කාන්තා චරිත වලින් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් මොනවද කියලා.

කේට් මිඩ්ල්ටන්

බ්‍රිතාන්‍ය රජ පවුලේ චාල්ස් කුමරුගේ පළමු ලේලිය, විලියම් කුමරුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් කුමරිය දරුවන් තින්දෙනෙක්ගේ මවක්. ඇය කවදත් තමන්ගේ සිරුර හැඩට තියාගත්ත කාන්තාවක්. ඇයගේ විලාසිතා තේරීම චාම් සහ කාගෙත් සිත් ගන්නා සුළු වීම විශේෂත්වයක්.

























බ්ලේක් ලයිව්ලි

ගොසිප් ගර්ල් කතා මාලාවේ කවුරුත් ආදරය කරන චරිතයකට පණ පෙවූ බ්ලේක් ලොව ප්‍රකට සිනමා නිර්මාණ වලට තමගේ දායකත්වය ලබා දී තියෙනවා. ඇය විවාහ වන්නේ ප්‍රසිද්ධ සිනමා නළු රයන් රෙනෝල්ඩ්ස් සමග 2012 වසරේදී. ඇය දියනියන් දෙදෙනෙකුගේ මවක්. ඇයට ආදරය කරන රසිකාවියෝ ඇයගේ විලාසිතා අනුගමනය කරන්නත් පෙළඹිලා තියෙනවා. මික්ස් අන්ඩ් මැච් විලාසිතා තමයි ඇයගෙන් වැඩිපුරම විලාසිතා ලොවට එකතු වෙන්නේ. සාමාන්‍ය ජීවිතයේ ඇය චාම් වගේම කාන්තා ලාලිත්‍යය පෙන්නුම් කරන ඇඳුම් තමයි අඳින්න කැමති.































වික්ටෝරියා බෙකම්

ස්පයිස් ගර්ල්ස් සංගීත කණ්ඩායමෙන් ප්‍රසිද්ධියට පත්වන වික්ටෝරියා, එංගලන්ත පාපන්දු ක්‍රීඩකයෙක් වන ඩේවිඩ් බෙකම් සමග විවාහ වන්නේ 1999 දී යි. ඇය දරුවන් හතරදෙනෙකුගේ ආදරණීය මවක්, ආදණීය බිරිඳක් සහ සාර්ථක ව්‍යාපරික කාන්තාවක්. ජීවිතයේ කම්කටොලු මැදින් ජීවිතය ජයගත් අද වන විට විලාසිතා ක්ෂේත්‍රයේ ඉහලටම ගිය ධෛර්යමත් කාන්තාවක්.



































Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1193 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:42:21 AM
Script:/article/1193/celebrity-moms.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:42:21 AM
Script:/article/1193/celebrity-moms.html