ඔබට ගැලපෙන ලෙගින් විලාසිතාව තෝරා ගන්නේ කෙසේද?

July 22, 2021
7,328
Tips on how to pick the best leggings
ලෙගින්ස් සෑම තරුණියකගේම විලාසිතා එකතුවේ අනිවාර්‍ය අංගයක්.. විවිධ විලාසිතා සමග එක්කිරීමටත්, සුවපහසුව සහ හුරුබුහුටි පෙනුමක් ලබාදෙන විලාසිතාවක් වීම බොහෝ දෙනා ලෙගින්ස් ප්‍රිය කිරීමට හේතුවක්.. ඔබගේ විලාසිතා එකතුවේත් අනිවාර්‍යෙන් ලෙගින්ස් තිබෙනවා නේද..ඒත් ඔබ සතුව තිබෙන ලෙගින්ස් විලාසිතාව ඔබගේ සිරැරේ හැඩයට ගැලපෙනවාද..? එසේ නැතිනම් ඔබට ගැලපෙන ලෙගින්ස් විලාසිතාව තෝරාගේන තිබෙනවාද..?

යොදාගෙන ඇති රෙදි වර්ගය පිලිබඳව සැලකිලිමත් වන්න
සීතලෙන් ආරක්ශා වීමට, ව්‍යායාම් කරනවිට, සරළ ගමන් බිමන් සඳහා ආදී නොයෙක් අවස්ථා සඳහා ලෙගින්ස් යොදා ගනු ලබනවා.. එමනිසා ඔබ ලෙගින්ස් මිලදී ගන්නා විට එය නිර්මාණය සඳහා භාවිතා කර ඇති රෙදි වර්ගය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.. උදාහරණ ලෙස ඔබ ව්‍යායාම සඳහා ඇඳීමට ලෙගින්ස් වර්ගයක් තෝරා ගැනීමේදී එය හොඳින් වාතය පිටවීමට උපකාරි වන රෙදි වර්ගයක් භාවිතයෙන් නිර්මාණය කර තිබීමත් ඔබ සීතලෙන් ආරක්ශා වීමට අඳිනු ලබන ලෙගින්ස් ඝනකම රෙදි වර්ගයකින් නිර්මාණය කර තිබීමත් දැක්විය හැකියි.. එම නිසා ලෙගින්ස් තෝරා ගැනීමේදී නිර්මාණය කර ඇති රෙදි වර්ගය පිළිබදව සැලකිලිමත් වීම වැදගත් වනවා.

ඔබ වියදම් කරන මුදල ආයෝජනයක් සේ සලකන්න
ඇතැම් විට ලෙගින්ස් මිලට ගැනීම සඳහා සැලකිය යුතු මුදලක් වියදම් කරන්නේ කුමටද කියා ඔබට සිතෙනවා ඇති.. නමුත් අඩු මිලට වෙළදපොලේ ඇති ලෙගින්ස් මිලට ගැනීමෙන් ඉක්මනින් දුර්වර්ණ වීම, දිරාපත් වීම , හැඩය වෙනස් වීම වැනි ගැටළු මතු වනවා.. එමනිසා ලෙගින්ස් මිලට ගැනීමේදී තත්වයෙන් උසස් අයිතමයක් මිලට ගන්න.. එවිට නිතර නිතර මිලට ගැනීමෙන් වැළකී දීර්ඝ කාලයක් ඇඳීමට හැකියි.

කිහිපයක් මිලට ගන්න
ලෙගින්ස් යනු ඔබ නිතර නිතර අඳිනු ලබන ඇඳුමක් නම් ඔබ ලෙගින්ස් මිලට ගන්නා විට ඔබගේ සිරැරට ගැලපෙන , හොඳ තත්ත්වයේ ලෙගින්ස් හමුවූයේ නම් එකවර 2ක් හෝ කිහිපයක් මිලට ගෙන ගබඩා කර තබාගන්න. මෙය අණුවන ක්‍රියාවක් සේ පෙනුනත් නැවත නැවතත් ඔබට ගැලපෙන ලෙගින්ස් සොයා මහන්සි වනවාට වඩා මෙය නුවණැති තීරණයක් වනවා.

ඇඳීමට පෙර පරික්ශා කර බලන්න
ලෙගින්ස් මිලට ගන්නා අවස්තාවේ සිරැරෙ හැඩයට සහ හැඳ සිටීමට පහසු බවට හැගුණත් ඇතැම්විට නිවසට පැමිණ හැඳ බලනවිට එය ඔබට නොගැලපෙනබවක් සහ තද ගතියක් නැතිනම් ලිහිල් ස්වභාවය වැඩි බවක් දැනීමට පුලුවන්.. ඇතැම්විට ඔබට මේ සම්බන්ධයෙන් අත්දැකීම් ඇති. එමනිසා ඔබ ලෙගින්ස් මිලට ගෙන නිවසට පැමිනි වහාම ඒවායේ මිල සඳහන් පත්‍රිකා (ටැග්) ඉවත් නොකර තබන්න.. එවිට පසුව හැඳ බලන විට යම් අඩුපාඩුවක් ඇතිනම් එය මාරුකර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

විවිධ දිගින් යුතු ලෙගින්ස් එකතුවක් තබාගන්න
දණහිස ළඟට, විළුඹ ළඟට නැනිතම් විවිධ කැපුම් සහිතව මසන ලද ආදී ලෙස විවිධ දිගින් යුතුව නිර්මාණය කරන ලද ලෙගින්ස් වර්ග වර්ථමානයේ වෙළදපොලේ තිබෙනවා.. එමනිසා ඔබගේ සිරැරේ හැඩය ඉස්මතු වන පරිදි විවිධ දිගින් යුතු ලෙගින්ස් වර්ග කිහිපයක් ඔබගේ එකතුව සඳහා එක් කරගන්න.. එවිට ඒකාකාරි නොවන විලාසිතා රටාවක් අනුගමනය කිරීමට හැකියාව ලැබේවි.

නිර්මාණශීලි වන්න
සාම්ප්‍රදායික කලු, අළු හෝ සුදු වැනි වර්ණ වලින් යුතු ලෙගින්ස් ඔබගේ ඇඳුම් එකතුවේ අනිවාර්‍යෙන් ඇති.. ඊට අමතරව දීප්තිමත් වර්ණ, රටා ආදිය සහිත නිර්මාණය කරන ලද ලෙගින්ස් මගින් ඔබගේ පෙනුම වැඩිකර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

සැහැල්ලු ඇදෙන සුලු ලෙගින්ස් වෙනුවට තරමක් තද ලෙගින්ස් තෝරා ගන්න
ලෙගින්ස් කිහිපවරක් සෝදන විට ඇදෙන සුලු වන අතර ඉක්මණින් ඒවායේ හැඩය වෙනස් වනවා.. එමනිසා මිලට ගැනීමේදී තරමක් තද ලෙගින්ස් තෝරාගන්න. මුලදී ඇඳීමට මදක් අපහසු වුවත් පසුව එය සිරැරේ හැඩයට අනුගත වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2023 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:29:28 AM
Script:/article/2023/tips-on-how-to-pick-the-best-leggings.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:29:29 AM
Script:/article/2023/tips-on-how-to-pick-the-best-leggings.html