ඇස් දෙක ඇස්දෙක වගේ රැක ගන්න මේවා කන්න

August 23, 2019
10,967
Eat these to protect your eyes
ඇස් නොපෙනීම කියන්නේ වයසට යාම නිසා ඇති වෙන සෞඛ්‍යමය ගැටලුවක් කියලයි ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ. ඇත්තටම ඒක ඒ හේතුවටම විතරක් කොටු කරන්න බෑ. වයසට යන නිසාම නෙමෙයි ඇස් ලෙඩ එන්නේ. අපි හරි විදිහට කනවා බොනවා නම්. නීරෝගී ආහාර ගන්නවා නම්, සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරනවා නම් ඇස් සම්බන්ධ සෞඛ්‍ය ගැටළු වල අවදානම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. අධ්‍යනයන්ට අනුව සින්ක්, කොපර්, විටමින් සී, විටමින් ඊ සහ බීටා කැරටින් යන පෝෂ්‍ය පදාර්ථ වයස්ගතවීම සහ අක්ෂි රෝග සඳහා ඇති අවදානම අවම කරන බව සොයාගෙන තිබෙනවා. මීට අමතරව ඔමේගා-3 මේද අම්ල, සීඇක්සැන්ටින්(zeaxanthin), ලුටීන්( lutein) සහ බීටා කැරොටින් යන පෝෂ්‍යමය සංයෝජනයන් ද අනෙක් ඒවාට වැඩිය අක්ෂි සෞඛ්‍ය සඳහා ඉතාමත් හොඳින් ක්‍රියා කරන බව අධ්‍යයන වලින් සොයාගෙන තියෙනවා. නීරෝගී ඇස් දෙකක් වෙනුවෙන් සුදුසු ආහාර වර්ග ටිකක් මේ.

1. මාළු

බොහෝ මාළු වර්ග වල ඔමේගා-3 මේද අම්ල බහුල වෙනවා. තෙල් සහිත මාළු කියන්නේ බඩවැල් හා ශරීර පටක වල තෙල් අන්තර්ගත මාළු වර්ග නිසා ඒවා ආහාරයට ගැනීමෙන් ඔමේගා-3 වලින් පොහොසත් වෙන්න ඔබට පුළුවන්. උදාහරණ විදිහට ට්‍රවුට්(trout), ටූනා (tuna), සැමන්, මැකරල්, සාඩින්, හුරුල්ලන් ආදී මාළු වර්ග ඔබේ එදිනෙදා ආහාරයට එකතු කරගන්න. සමහර අධ්‍යයනවලින් හෙළි වෙලා තියෙන්නේ මේ තෙල් සහිත මාළු වර්ග ආහාරයට ගත්තාම පරිඝණකයට වැඩි කාලයක් ගත කිරීම නිසා වේලුණු ඔබේ ඇස් නෑවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් කියලයි.

2. ධාන්‍ය සහ රනිල කුලයට අයත් භෝග

බහුලවම බොහෝ ධාන්‍ය වර්ග ද ඔමේගා-3 මේද අම්ල වලින් පොහොසත්. ධාන්‍ය වල ඉහළ මට්ටමේ විටමින් ඊ අඩංගු වන නිසා එමඟින් වයසට යෑම සම්බන්ධ හානි වලින් ඇස් ආරක්ෂා වෙනවා. ඒ නිසා රනිල කුලයට අයත් ධාන්‍ය වෙන කජු, රට කජු, පරිප්පු, වෝල්නට්ස්, බ්‍රසීල ධාන්‍ය ඇට වැනි ආහාර වර්ග ඔබේ එදිනෙදා පරිභෝජනයට එකතු කරගැනීම වටිනවා.

3. බීජ වර්ග

කලින් සඳහන් කරපු ධාන්‍ය සහ රනිල කුලයට අයත් භෝග වල වගේම විවිධ බීජ වර්ග වලත් ඔමේගා-3 ඉහළ මට්ටමක පවතිනවා. විශේෂයෙන්ම කස කසා, හණ බීජ සිල්ලර වෙළඳසැල් සහ අන්තර්ජාලය හරහා පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. මේ වර්ගයේ ධාන්‍ය විටමින් ඊ වලින්ද පොහොසත් ප්‍රභවයන් විදිහට සැළකෙනවා.

4. ඇඹුල් පළතුරු

ඇඹුල් පළතුරු විටමින් සී වලින් පරිපූරණයි. ඒ කියන්නේ ලෙමන්, දොඩම්, නාරං සහ මිදි වගේ පළතුරු ඇස් වලට ගුණ දායකයි.

5. කොළ පැහැති එළවළු

කොළ පැහැති එළවළු ලුටීන් සහ සීඇක්සැන්ටින් යන පෝෂ්‍ය සංයෝජන දෙකෙන්ම පොහොසත් වන අතර ඇස් වලට හිතකර විටමින් සී ලබා දෙන හොඳ ප්‍රභවයක් ද වෙනවා. උදාහරණ විදිහට නිවිති, කේල් (kale) සහ කොලාර්ඩ්ස් (collards) යන පළා වර්ග ඔබේ ආහාරයට එක් කර ගැනීම වටිනවා.

6. කැරට්

කැරට් ආහාරයට එක් කර ගැනීමෙන් විටමින් ඒ සහ බීටා කැරොටින් පෝෂ්‍ය පදාර්ථ ශරීරයට එක් කරගන්න ඔබට පුළුවන්. කැරට් වලට තැඹිලි පැහැය ලැබෙන්නේත් බීටා කැරොටින් මඟින්මයි, සාමාන්‍යයෙන් විටමින් A මඟින් ඔබේ පෙනීමේ තීව්‍රතාවය වැඩි කරන්න අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරනවා. ශරීරය තුළ විටමින් A නිෂ්පාදනය සඳහා පෝෂණය ලබා ගන්නේ බීටා කැරටීන් මඟිනුයි.

7. බිත්තර

බිත්තර කියන්නේ ලුටීන් සහ සීඇක්සැන්ටින් යන පෝෂණ සංයෝජන වල ඉතාම හොඳ ප්‍රභවයක් වන අතර එමඟින් වයසට යෑමත් සමග ඇති වන පෙනීම අහිමි වීමේ අවදානම අවම කර ගන්නත් පුළුවන්.

8. ජලය

ජීවත් වීමට අත්‍යවශ්‍ය ජලය, ඇස් වල සෞඛ්‍යයටත් අත්‍යවශ්‍ය වීම පුදුමයක් නෙමෙයි නේද? නිතරම පිරිසිඳු ජලය පානය කිරීමෙන් විජලනය වළක්වා ගන්න පුළුවන් වෙන අතර එමඟින් ඇස්වල වියළිම සම්බන්ධ රෝග තත්ත්වයන් ද අඩු කරගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1393 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:26:42 PM
Script:/article/1393/eat-these-to-protect-your-eyes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:26:43 PM
Script:/article/1393/eat-these-to-protect-your-eyes.html