ඔබගේ යෝනි මාර්ගය අවට සම අඳුරු අඳුරුයිද.. එසේනම් මෙන්න එයට බලපාන හේතු

October 11, 2021
8,857
reasons why your vaginal skin is darkening
සාමාන්‍යයෙන් කාන්තාවන් සියලුදෙනාගේම පාහේ රහස් ප්‍රදේශය නැතිනම් යෝනි මාර්ගය සහ ඒ අවට සම අඳුරු පැහැයක් ගන්නවා.. නමුත් ඔබ මෙහි අඳුරු පැහැය යටින් ඇති හේතුව දන්නවාද.. එසේනම් මෙන්න එයට බලපාන හේතු සියල්ලම..

යෝනි මාර්ගය සහ අවට සම අඳුරු වීමට බලපාන හේතු

1. හෝමෝන වෙනස්කම්
කාන්තාවන්ගේ ශරීරයේ විවිධ කාලයන් හි සිදුවන හෝමෝන වෙනස්කම් මෙයට බලපානු ලබනවා.. විශේෂයෙන් වැඩිවිය පැමිණීමත් සමගම සිදුවන ඊස්ට්‍රජන් (estrogen) හෝමෝනයේ වැඩිවීම නිසා යෝනිය සහ ඒ අවට අඳුරු පැහැවනවා.. ඒ වගේම 30 දශකය අවසානයේ සහ 40 දශකයේ සිදුවන ආර්තවහරණයේදී ද එවැනිම බලපෑමක් සමට ඇතිවනු ලබනවා.

2. PCOS තත්ත්වය ඇතිවිට (Polycystic ovarian syndrome)
කාන්තා ශරීරයේ හෝමෝන වෙනස්විමේ බලපෑම හේතුවෙන් ඇතිවන මෙම සින්ඩ්‍රෝම තත්ත්වය හේතුවෙන්ද කාන්තා ශරීරයේ රහස් පෙදෙස අඳුරුවීමට හේතු වනවා.

3. ඇතැම් ආසාදන හේතුවෙන්
නොයෙකුත් හේතුන් නිසා සමමත ඇතිවන දිලීර වැනි ආසාදන හේතුවෙන් යෝනිය අවට සම අඳුරු වනවා.

4. සිරැරේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන්
සිරැරේ බර වැඩිවීම නැතිනම් තරබාරු වීම හේතුවෙන් ඇතැම්විට ශරීරයේ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වයේ බලපෑම වැඩිවන අතර එමනිසා යෝනිය අවට විශේෂයෙන් කලවා ඇතුල් පැත්ත අඳුරු වීම සිදුවනවා.

5. වෙනත් බාහිර සාධක
හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා යෝනිය සහ අවට අඳුරු වීමට අමතරව වෙනත් බාහිර සාධක හේතුවෙන්ද මෙම යෝනිය අවට අඳුරු පැහැවීම සිදු වනවා.. විශේෂයෙන් කාන්තාවන්, යෝනිය අවට පෙදෙස ඉතා හොඳින් ආවරණය වන පරිදි ඇඳුම් අඳින අතරම තද යට ඇඳුම් ඇදීම ආධිය නිසා නිතර දහඩිය දැමිම, වාතාශ්‍රය පිට නොවීම ආදී හේතුනිසා විවිධ දිලීර වරග ඇතිවන අතර එමනිසා සම අඳුරු වනවා.. විශේෂයෙන් කලවා ඇතුලතින් එකිනෙකට ගැටීම නිසාද මෙය සිදුවනවා.

සම අඳුරුවීම සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයිද..

යෝනිය අවට සම අඳුරු පැහැයක් ගැනීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර නමුත් එය ඉතාමත් තද අඳුරු පැහැයක් ගන්නවා නම් හෝ සම රතු පැහැවීම, කැසීම, ලේ ගැලීම සහ ලිංගික එක්වීමේදි අධික වේදනාවක් ඇතිවීම සහ ඉදිමුණ ස්වභාවයක් ගන්නේ නම් ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 2074 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:21:28 PM
Script:/article/2074/reasons-why-your-vaginal-skin-is-darkening.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:21:29 PM
Script:/article/2074/reasons-why-your-vaginal-skin-is-darkening.html