ගර්භනී කාලේදී කම්මැලි නොවී ක්‍රියාශීලිව ඉන්න එක මේ තරම් වැදගත්ද?

March 2, 2018
6,789
You should not be lazy while you are pregnant
ගර්භනී සමය කියන්නේ හැම අම්ම කෙනෙක්ම වැඩිපුර පරිස්සම් වෙන කාලයක්.  ආහාර පාන ගැන වගේම ඇවිදිද්දී කියද්දී, එදිනෙදා වැඩ කටයුතු කරද්දී  ඒ පරිස්සම ගැන අමතක කරන්නේ නැහැ. හැබැයි ඉතින් අම්මගේ  සහ දරුවාගේ ආරක්ෂාව ගැන හිතලා කිසිම වැඩක් නොකර, ඇඳෙන් බහින්නේ වත් නැතුව ඉන්න එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද මේ කාලේදී ක්‍රියාශීලිව ඉන්න එකත් හරිම වැදගත්.

ගර්භනී මවක් අනිවාර්යෙන් අලස කමෙන් නම් මිදිය යුතුමයි. ඒ වගේම ඒ කාලේදී ඔබ කළ යුතු දේවල් වගේම නොකළ යුතු දේවල් ගැනත් හොඳ අවබෝධයක් මවට තිබිය යුතුයි. ඒ වගේම පවුලේ අනිත් සාමාජිකයිනුත් මේ ගැන විමසිලිමත් වීම මවගේ ආරක්ෂාවට තවත් වැදගත් වෙනවා.

එමෙන්ම සැහැල්ලු, ක්‍රමානුකුල ව්‍යායාම වල දිගටම නිරත වීම ගැබිනි මව්වරුන්ට ඉතාමත් වැදගත්. ඒ නිසා ඒ සඳහා වෛද්‍ය උපදෙස් මත සරල ව්‍යායාම කිරීම ආරම්භ කරන්න. හැබැයි කිසිම වෙලාවක ඔබට හිතෙන හිතෙන විදියේ ඉරියව් කිරීමෙන් වලකින්න. කුස තුල දරු ගැබක් වර්ධනය වෙනවා කියන එක ඔබ කිසිම වෙලාවක අමතක නොකළ යුතුයි. ඒ වගේම ඒ සඳහා සුදුසු සැහැල්ලු ඇඳුම් හා සුදුසු පාවහන් පළඳින්න. 

ඒ වගේම නිවසේ එදිනෙදා කරන වැඩ වලින් ඔබ ගොඩක් වෙහෙසට පත් වෙන විදියේ වැඩ වලින් ඈත් වීම ඉතා වැදගත්. හැබැයි පොඩි පොඩි වැඩ කරන එකත් වැදගත්. ගේ, මිදුල අතුගෑම , පිරිසිදු කිරීම, කෑම පිසීම, රෙදි සේදීම ගර්භණී කාලයේදී කළහැකි ආරක්ෂිත ක්‍රියාකාරකම් විදියට සලකන පුළුවන්. ඊට අමතරව සමතලා පොළොවක සෙමින් ඇවිදීම මවගේ හෘදනාල පද්ධතියට වඩාත් සුදුසු වන බව වෛද්‍ය මතයයි. ඒ වගේම වේගයෙන් අවිදිමත් සුදුසු නැහැ. ඒ නිසා ක්‍රමානුකුලව ඇවිදීමේ රටාව පවත්වාගන්න.

මේ විදියට ඔබ ක්‍රියාකාරී වීම තුලින් නිරෝගී දරු ප්‍රසූතියක් සඳහා අවශ්‍ය කරන සිරුරේ නම්‍යශීලි බාවය පවත්වා ගන්න ඔබට පුළුවන්. ක්‍රියාකාරී මවකට මේ කාලයේදී ඇති විය හැකි ආබාධ, සංකුලතා ඉතා අවමයි. ඒ නිසා ඔබත් අනිවාර්යෙන් කම්මැලි නොවී ක්‍රියාකාරී දිවි පෙවෙතක් පවත්වා ගන්න උත්සාහ කරන්න. ඒ වගේම ඒ මඟින් ඔබේ බර වැඩිවීම අවම කර ගන්න පුළුවන්. ගර්භනී සමය තුළ ක්‍රියාකාරී දිවි පෙවෙතක් පවත්වා ගැනීමෙන් ශරීරයේ මාංශපේශී ශක්තිමත් කර ගන්න ඔබට පුළුවන්. 

ඒ වගේම ගෙදර දොරේ වැඩ කටයුතු හා ව්‍යායාම අතරතුර පපුවේ කැක්කුමක් ඇතිවේ නම්, හදවත ගැහෙන වේගය වැඩිවේ නම්, වමනය, ක්ලාන්තය, කැරකෙනසුලු බව ඇති වේ නම්, යෝනි මාර්ගයෙන් රුධිරය ලේ පිටවීමක්  සිදු වුනොත් එවැනි අවස්ථාවක හැකි ඉක්මනින් වෛද්‍යවරයා හමු වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 683 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:01:16 AM
Script:/article/683/you-should-not-be-lazy-while-you-are-pregnant.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:01:17 AM
Script:/article/683/you-should-not-be-lazy-while-you-are-pregnant.html